Mystery Incorporated [S01 : E01] Sinhala Subtitles | කූල්ස්විල් වෙත පිළිගනිමු [සිංහල උපසිරසි]
Mystery Incorporated [S01 : E01] Sinhala Subtitles
ස්කුබි-ඩූ කිව්වම කවුද නොදන්නේ. ස්කුබි-ඩූ, ෂැගී, වෙල්මා, ඩැෆ්නි, ෆ්‍රෙඩ් කියන්නේ බාල මහලු සියලුදෙනාමට හුරුපුරුදු වචන පෙළක් නේ. 1969 දී නිකුත්වුණු Scooby Doo, Where Are You? ඉඳන් 2021 දී Be Cool, Scooby Doo දක්වා විවිධාකරයේ කාටූන් නිකුත් වෙමින් ස්කුබි-ඩූ නාමය දිගටම පැවතුණා. (HBO Velma ගණන් ගන්නෙ නෑ මොකද ස්කුබි නැත්නම් ඒක ස්කුබි-ඩූ කාටුන් එකක් නෙමෙයි ).
ඉතින් මේ ස්කුබි-ඩූ මීඩියා අතරට මං කිව්ව කාටූන්ස්, Direct-to-DVD ෆිල්ම්ස්, කොමික්ස් සහ ලයිව්-ඇක්ෂන් ෆිල්ම්ස් දෙකක් පවා අයිති වෙනවා. ගොඩක් වෙලාවට ඔයාල ඒව බලලත් ඇති. මේවගේ ඒවත් එක්ක ස්කුබි-ඩූ දැන් pop-culture අයිකන් එකක් බවට පත්වෙලා තියෙනව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි.
මේ ස්කුබි-ඩූ මීඩියා අතරට අලුතෙන්ම එකතු වෙන එකට තමයි මේ උපසිරසි අරගෙන ආවෙ. මේක නිල නිෂ්පාදනයක් නම් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ෆෑන්ස්ලා crowdfunding හරහා මුදල් උපයාගෙන නිෂ්පාදනය කරල තියෙන ලයිව්-ඇක්ෂන් ෆෑන් සීරිස් එකක්. ෆෑන් සීරීස් එකක් කියලා production quality එක නම් අවතක්සේරු කරන්න එපා. ආයෙ ටොප් ලෙවල් එකටම තියෙනව (කතා කරන CGI බල්ලෝ නම් බලාපොරොත්තු වෙන්න එපා.)
සීරිස් එකේ නම තමා Mystery Incorporated. ස්කුබි-ඩූ ෆෑන්ස්ල දන්නව ඇති මේ නමින්ම 2010 දී සීසන් 2කින් සමන්විත කාටුන් එකකුත් නිකුත්වුණු බව (ඒක නම් සුපිරියක්… 100%ක් රෙකමන්ඩඩ් ). ඒකත් එක්ක පටලව ගන්න එපා. මේ වෙනකොට නම් මේ ෆෑන් සීරිස් එකේ එක එපියයි නිකුත් වෙලා තියෙන්නේ. මිලියන 4කට එහා නරඹලා තියෙනවා. ස්කුබි-ඩූ ලයිව් ඇක්ෂන් එකේ ෂැගීට රඟපෑව සහ Mystery Incorporated කාටූන් එකේ ෂැගීට හඬකැව්ව Matthew Lillard පවා මේක නරඹලා “That is how you CRUSH fan fiction!” ලෙස ප්‍රශංසා කරල තිබුණා.IMDb එකෙ පවා 7.7 ක අගයක් ලබාගන්න මේක සමත් වෙලා තියෙනවා.
කතාව සිද්ධ වෙන්නේ “කූල්ස්විල්” කියන ගම්මානයේ. එක වැහි සහිත රැයක රාක්ෂයෙක් ඇවිත් ෆ්‍රෙඩ්ගේ දෙමාපියන්ව මරනවා. ෆ්‍රෙඩ් තනියම මේ අබිරහස විසඳන්න උත්සහ කර කර ඉන්නකොට තමයි එයාට වෙල්මාව හම්බවෙන්නේ. දෙන්නම එකතු වෙලා අබිරහස විසඳන්නයි උත්සහ කරන්නේ. ඒත් එයාලාට භයානක අත්වැරැද්දක් වෙනවා. එතනින් එහාට කියන්න යන්නේ නෑ කතාව ස්පොයිල් වෙන නිසා. ඉතුරු ටික එපිය බලලම හොයාගන්නකෝ.
සීරීස් එක බලනකොට තේරෙනවා ඇත්තටම මේක ෆෑන්ස්ලා විසින් හදපු ෆෑන් සීරීස් එකක්ම තමයි කියලා. ස්කුබි-ඩූ ගැන දන්න කෙනෙක්ට හොඳ හොඳ easter eggs මේකේ බලාගන්න පුළුවන්. ඒකෙන් කතාවට වෙනස්ම රසයක් එකතු කරනවා. ඒවගේම මේකෙදී අපට Scooby Gang එක හැදෙනවා බලාගන්නත් පුළුවන්. මේකේ දෙවෙනි එපිය නම් කවද එනවද කියලා තාම හරියට කියල නැහැ. ඒක නිෂ්පාදනය වෙමින් පවතිනවා කියල තමයි දැනට කියල තියෙන්නේ.
පළවෙනි එපිය බැලුවට පස්සේ දෙවෙනි එපියත් බලන්න නොහිතුණොත් පුදුමයක්. දෙවෙනි එපිය තුළින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Mystery Incorporated [S01 : E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
Mystery Incorporated | Pilot Episode “Welcome to Coolsville” [Scooby-Doo]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3723 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan
Thanks jayawewa…….!
Animated Series Ekt Sub Hdnnko
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
මේක බලනව කියන්නේ අනාථයි ඉතින්. ආයෙ දෙවනි එක එනකම් හූල්ල හූල්ල ඉන්න වෙනවනේ. සමහරවිට කවදාවත්ම එන්නෙත් නැතිවෙයි. පට්ටමයි කතාව නම්.
මේක සුපිරියක්.
බොහොම ස්තුතියි නියම වැඩක්