Moving [S01: E15] Sinhala Subtitles | N.T.D.P [සිංහල උපසිරසි]
MOVING (무빙) සීරීස් එකේ පහළොස්වෙනි එපිසෝඩ් එක අරගෙන තමා අද ආවේ. මේවෙද්දි Disney+ එකේ Ranking No #1 Series එක වෙන්න MOVING සමත් වෙලා තියෙනවා. ඒවගේම Disney+ සහ Hulu කියන OTT Platform දෙකේම වැඩිම පිරිසක් නරඹපු කොරියන් සීරීස් එක වෙන්නත් MOVING සමත් වෙලා තියෙනවා. ඉතින් MOVING කියන්නේ මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 65ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා. ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 65ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. සැප්තැම්බර් 20 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.
.
CAST – රංගන දායකත්වය
• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ශික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්
• Ryu Seung Bum – ෆ්‍රෑන්ක්
෴පහළොස්වන කථාංගය෴
අද එපිසෝඩ් එකේ ඉදන් ආයෙම වර්තමාන කතාව පටන් ගන්නවා. ඉතින් මතක ඇතිනේ ඔඩිටෝරියම් එකේ වෙච්ච අනතුර. ඕක දැක්කයින් පස්සේ මී හ්යුනුයි, ජු වොනුයි දෙන්නම ඉස්කෝලෙට යනවා චෝයි ඉල් හ්වන් සර්ව හම්බෙන්න. ඔන්න ඔය අතරේ බොන්ග් සොක්, හී සූ දෙන්නා බස් එකක යන ගමන් ඉන්නේ. ඩ්‍රයිවර් කවුරුවත් නෙවේ ජොන් ග්යේ දෝ. ඉතින් මේ දෙන්නා බස් එකට නගින වෙලේ මෙයාලත් එක්ක තව කෙනෙක් බස් එකට නගිනවා. හී සූයි බොන්ග් සොකුයි බහින්න හදද්දිත් එයාලගේ පස්සෙන් එනවා එයා. එයා ගැන ජොන් ග්යේ දෝට සැක හිතෙනවා. ආ තව දෙයක් මතක ඇතිනේ උතුරු කොරියාවෙන් කෙනෙක්ට දකුණු කොරියාවට යන්න කිව්වා. අන්න එයා දැන් දකුණේ ඉන්නේ. ඒකත් තනියම නෙවේ. මේ ඇවිත් තියෙන්නේ N.T.D.P එහෙමත් නැත්තම් ජාතික හැකියා සංවර්ධන ව්‍යාපෘතියේ ෆයිල් ටික හොයන්. ඉතින් ඒක අරගන්න දැන් එයාලා ජොන්ග්වොන් ඉස්කෝලෙට යනවා. ලී මී හ්යුන්, ජන්ග් ජු වොන් දෙන්නත් දැන් ඉස්කෝලෙ ඉන්නේ. දැන් මොකක් වේවිද? කුතුහලේ උපරිම තැනකින් තමා අද එපිසෝඩ් එක ඉවර වෙන්නේ. එහෙනම් මේ බදාදා එන 16,17 එපිසෝඩ් දෙකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6083 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ❤
Episode 16,17 dennakoo
බොහෝම ස්තූතියි…
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
tnx…
Arthdal Chronicle S02 sub dennako plz
Heta ep 16,17 release wenawane release wela ilaga dawasema subtitles dannako please
❤️❤️❤️