තරුණ යුවලක් ළමයෙක් අපේක්ෂාවෙන් සිටියද ඔවුන්ට එම අපේක්ෂාව ඉටු කරගැනීමට නොහැකි වූ විට ළමයෙක් අරන් හදාගැනීමට තීරණය කරයි. ඇත්තටම කිව්වොත් එක ළමයෙක් විතරක් නෙමෙයි ඒක පැකේජ් එකක් මෙතැන් සිට ඔවුන්ට මොනවගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලන්නකෝ ඔයාලා

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්විම | නිමේෂ් තෙන්නකෝන්

ව්‍යාපාරිකයෙක් තම සමාගමේ දියුණුව වෙනුවෙන් පවුලක් විනාශයට පත් කර ඔහු පලායයි.එම පවුල ඔවුන්ගෙන් පලිගනී..

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | චමුදිත ප්‍රභාත්

අඳුරන්නෙ නැති උනත් එදිනෙදා අපේ ජීවිත වලට සම්බන්ධ කී දෙනෙක් නම් ඇත්ද? ඇත්තටම සමහරුන්ගෙ ජීවිත ලූඩෝ සෙල්ලමක් වගේ තමයි. මෑත කාලයේ උන්මාදයක් වුණ ලූඩෝ ක්‍රීඩාව පදනම් කරගෙනයි ලූඩෝ සිනමා පටය නිර්මාණය වෙන්නෙ. ලූඩෝ පුවරුවක ඇති වර්ණ හතරේ ඉත්තන් කිසිම විටෙක එකිනෙකා හා බැඳීමක් නෑ. නමුත් එකිනෙකා හා ගැටෙමින් සෙල්ලම දිගටම කරගෙන යනවා. මේ ලූඩෝ සිනමා පටයේ තිබෙන්නෙත් සමාජයේ නන්නාඳුනන නමුත් එකිනෙකා හා ගැටෙමින් ජීවිත සටනේ යෙදෙන කතා හතරක් ගැන...

 

මේ අරුම පුදුම තේමාව ඔස්සේ කතා කිහිපයක් ගොඩ නගමින් මෙය සිනමාවට නගන්නේ සම්මානනීය සිනමාකරු අනුරාග් බාසු විසින්. අති දක්ෂ ප්‍රවීණ ශිල්පීන් වන පන්කජ් ත්‍රිපාඨී, අභිෂේක් බච්චන්, නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන් වන ආදිත්‍ය රෝයි කපූර්, රාජ්කුමාර් රාඕ, ෆාතිමා සානා සහ සාන්යා මල්හෝත්‍රා සමගින් නවක නළු රෝහිත් සරෆ් හා, දකුණු ඉන්දීය නිළි පර්ලි මානී මෙන්ම ළමා නිළි ඉනායත් වර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙනවා. ප්‍රහසන, අපරාධ කාණ්ඩයට අයත් වන මෙම නිර්මාණයට සංගීතය මුසු කරන්නේ ප්‍රීතම් විසින්.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා

 
 
මිනා කියන්නේ අම්මා දාලා ගියපු තාත්තත් එක්ක ජීවත් වෙන පොඩි කෙල්ලෙක්. ඉතින් මේ දෙන්නගේ ජීවිතේට තව දෙන්නෙක් එනවා. ඒ කුඩම්මා කෙනෙකුයි කුඩම්මගේ දුවයි.ඒ දුව ටිකක් ඔලුවෙන් ඉන්න කෙනෙක්. හැම්වෙලේම ඉන්ස්ටා යන්නයි එක එක විකාර. මිනත් පුලුවන් උපරිම උත්සහ කරනවා අලුත් සහෝදරිත් එක්ක සතුටින් ඉන්න.
ඒත් මේ අලුත් සහෝදරී,ජෙනී,මිනාට අඩත්තේට්ටම් කරනවා.මේ අතරෙදි මිනා හොයාගන්නවා හරිම අපූරූ දෙයක්. ඒ තමයි එයාට පේන හීන හැදෙන තැන. "හීන කරළිය".කොහොමහරි මිනා අනික් අයට පේන හීන වෙනස් කරන්න ගන්නවා. මේ හීන කරළිය වටා මිනා කරන වෙනස් කම් නිසා මොනවා වේවිද? ඒ වෙනස්කම් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නෙ.හරිම අපූරු චිත්‍රපටියක්.මොකද වෙන්නේ කියලා දැන ගන්න ඔයාලත් චිත්‍රපටිය බලන්න.

 

උපසිරැසි ගැන්වීම | JAAL

කතාව ගෙතෙන්නේ කළු ජාතික පවුලක් වටේ. දකුණු සුඩානයේ ආතතිය හා යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙක් නගරයෙන් පැන යාමට උත්සාහ කරනව. අවාසනාවකට මෙන්, අයහපත් කාලගුණය සහ මුහුදු කුණාටුව හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවිත පවා අහිමි වෙනවා. ඔවුන් දිවි ගලවාගෙන, සරණාගත කඳවුරක රැඳී සිටින අතර, ඔවුන් බොල් (සොප් ඩිරිසු) සහ රියාල් (වුන්මි මොසකු) කියන අපේ කතා නායකයො දෙන්නත් ඉන්නවා. සරණාගතයින්ගෙන් යුවළ එංගලන්තයට යවනු ලබන්නේ නැවුම් ආරම්භයක් ලබා ගැනීම සඳහා ය. මාර්ක් (මැට් ස්මිත්) ඔවුන් දෙදෙනා පදිංචි කරවීමට නව විශාල නිවස පෙන්වීමට කටයුතු කරනවා.
බොල් සහ රියාල් යන දෙදෙනාම විශ්වාස කරන්නෙත් නැහැ මෙතරම් විශාල නිවසක් ලැබෙයි කියලා. කෙසේ වෙතත්, පළමු රාත්‍රියේ සිටම එය බොල්ට වධ දීමට පටන් ගනී. නිවසේ බිත්තියට යටින් අවතාර ජීවීන් සිටින අතර එමගින් යුවළට ජීවත් වීමට අපහසු වේ. නමුත් එහි සිටින අවතාරවලට ඔවුන්ගෙන් යමක් අවශ්‍යයි. එය කුමක් ද? නිවසේ සැඟවී සිටින්නේ කාගේ නපුරු ආත්මයන්ද? මොකක්ද වෙන්නෙ කියලා දැන ගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා..

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

යාළුවෝ නම දෙනෙක්, ඉස්කෝලේ කාලෙන් පස්සේ, තවත් අවුරුදු ගානකට පස්සේ එකතු වෙනවා. මේකත් ලොකු පාපන්දු තරඟයක් බලන්න යන ගමන්, කැළැවේ කූඩාරම් ගහගෙන රැයක් ගත කරන්න. මෙයාලා හැමෝටම, තම තමන්ගේ රහස් තියෙනවා කියලා දැනෙන්නේ මෙහෙම එකතු වුනා

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

 

 
 
අද මගේ ජිවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුවහන් වන දවසක්... ගොඩක් කල් මේ අඩවියෙන් සිංහල උපසිරැසි බාගත කරමින් ඉදලා යටිහිතේ තිබුණු ආශාවත් එක්ක උපසිරසියක් කරන්න හිතුනා. ඉතින් මේ "මගේ පළවෙනිම උපසිරැසිය". ගොඩක් අඩුපාඩු ඇති, ඒ ගැන සමාවෙලා අඩුපාඩු පෙන්වලා දෙන්න. ඉතින් මන් මේකට තෝරාගත්තේ ටිකක් අමුතු විදිහේ කතාවක්, William Olsson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය තිරරචනය Catherine Hanrahan ගෙනි. IMDb දර්ශකයේ 8.4 වැනි ඉහල අගයක් ලබාගෙන ඇති Drama | Thriller ගණයට අයත්වන මෙම චිත්‍රපටය පැය 01 කුත් මිනිත්තු 37 ක් පුරා දිවෙයි. මෙහි 'මාග්‍රට්' ලෙස Alexandra Daddario ත්, 'කසු' ලෙස Takehiro Hira, 'ඉනෙස්' ලෙස Carice Van Houten , 'ලියාම්' ලෙස Andrew Rothney ත් අපූරු රංගනයක යෙදෙති.
කතාව කෙටියෙන්, මාග්‍රට් යනු ජපානයේ ටෝකියෝ නගරයෙහි ජීවත් වන ඇමරිකානු තරුණියකි. දිවා කාලයේ ඇය ජපන් ගුවන් ඇකඩමියක පුහුණුවන ගුවන් සේවිකාවන්ට ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය උගන්වයි. ඇය සෙසු විදේශිකයන් වන ඉනෙස් සහ ලියම් සමඟ බීමත්ව රාත්‍රිය ගත කරන අතර නගරයේ බොහෝ ආදර හෝටල්වල අහඹු පිරිමින් සමඟ ගොස් ලිංගික සම්බන්ධකම් පවත්වයි. ඇගේ රාත්‍රී අක්‍රමිකතා නිසා ඇයගේ උපදේශක නකමුරාගේ අවධානය යොමු කරමින් පසුව ඇය වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙලැබෙයි.

නිවෙසක් නොමැතිව සහ ජිවිතයේ පතුලේ සිටින මාග්‍රට්ට තම මිතුරු ලියම්ව පිටුවහල් කළ බව හෙළි කරන ලියම්ගේ පෙම්වතිය වන ලුයිස් දන්වා සිටියි. ලුයිස් සමඟ බීමත් වන මාග්‍රට් බීමත් වී රාත්‍රියේ ටෝකියෝව වටා ඇවිදීමට පටන් ගනී. ඇය පසුපස එන අමුතු මිනිසෙකු දැක ඇයව ආදර හෝටලයකට ගෙන යන ලෙස ඉල්ලා සිටියි. මේ අතර ඇයට "කසු" නම් විශේෂිත පුද්ගලකු හමුවේ. ඔහු ඇයව "බුදුන්ගේ ගර්භාශය" නම් අපුරු තැනකට රැගෙන යයි.. කතාව අවසානයේ ඇය "බුදුන්ගේ ගර්භාශය” නම් සංකේතවාදය අවබෝධ කරගනිවිද? අවසානයේ යහපත සඳහා සමුගැනීමට පෙර නැවත ඉපදීමක් දැනේවිද? මෙයින් ඇය හා අප ඉගෙන ගන්නා පාඩම කුමක්ද ??
ඉතින් වැඩිහිටියන්ට පමණක් සීමාවුණු මේ චිත්‍රපටියේ අපට ගතහැකි ආදර්ශ බොහෝයි. සියල්ල අනිත්‍යබව ඔබටත් වැටහේවිද ? ආලයෙන් තොර රාගයක් අපට කියන්නේ කුමක්ද... අඩුපාඩුනම් ගොඩක් ඇති පලවෙනි එක නිසා. ගොඩක්ම අමාරු උනේ මේ ලිපිය සකසා ගන්නයි. ඔන්න අමාරුවෙන් ගලපගත්තා. චිත්‍රපටිය බලලම ගුණදොස් කියන්නකෝ ඔයාලා. මගේ විස්තර මගේ ෆේස්බුක් පිටුවෙන් ලබාගන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම සුභ දවසක්, කොරෝනා වසංගතය නිසා හැමෝම පරිස්සමින් ඉන්න. ජයෙන් ජය !

 

උපසිරැසි ගැන්වීම | සාරංග සිරිවර්ධන

ජර්මානු දඩයක්කාරයෙකුගේ උපකාරයෙන් නිදහස් වහලෙක් තම බිරිඳ කුරිරු මිසිසිපි වතු හිමියෙකුගෙන් බේරා ගැනීමට පිටත් වේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ප්‍රදීප් සඳකැලුම්

මාර්වල් කොමික් කතා මාලාවක් පාදක කරගත් මෙම කතාව විශේෂ බල පෙන්වන තරුණයින් පස් දෙනෙකු සගවා තබාගෙන ඉන්නවා අලුතින් ඔවුනට ලැබෙන බලය ඔවුන් හසුරවා ගන්නේ කෙසේද, මොවුන් සගවා ඉන්න තැනින් පැන යාමට හැකි වෙයිද? X Man කතා මලාවටද නෑ කම් කියන මේ කතාව එනකන් ගොඩක් අය බලන් හිටියා නෙ බලමු එහෙනම් මේ භයානක, ක්‍රියාදාමයෙන් පිරුණු චිත්‍රපටය

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

අලුතින්ම ආව ඇනිමෙශන් චිත්‍රපටය තමයි මේ. 2017 දි මේකෙ තවත් එකක් ආවා මම හිනවා ඔයලා එක බලලා ඇති කියලා.එක නොබැලුවත් ප්‍රශ්නයක් නැ. පවුලේ ඔක්කොම එකට ඉදගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. මම හිතනවා baiscope.lk තමයි මේ කතාව මුලින්ම ලංකාවට සිංහලෙන් දෙන්නේ කියලා.කතාව පැත්තට හැරුනොත් කතාවෙ දෙවෙනි ප්‍රධානියා බිග්ෆුට් ඇලස්කාවේ තෙල් සමාගමකට එරෙහිව සටන් කරනවා ඒත් එකපාරටම ඔහු අතුරුදහන් වෙනවා පස්සේ ඔහුගේ වීර පුතා කතාවේ ප්‍රධානියා සහ, මව, සත්තු යහළුවන් ඔහුව බේරා ගන්න යනවා. අපි බලමු බේරගන්න පුළුවන් වෙයිද කියලා.

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

මෙම චිත්‍රපටය  IMDB ශ්‍රේණිගත දර්ශකයේ 5.5ක අගයක්ලබාගෙන ඇත.  චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Corin Hardy. රුමේනියාවේ තරුණ කන්‍යා සොහොයුරියකගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීමට හා භූත කන්‍යා සොහොයුරියකගේ ස්වරූපයෙන් අශිෂ්ට බලවේගයකට මුහුණ දීමට වතිකානුව විසින් හොල්මන් අතීතයක් සහ නවකවරයකුගේ අවසන් භාරයේ එළිපත්ත මත සිටින පූජකයෙකු යවනු ලැබේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | යොහාන් ප්‍රනාන්දු (Yoka)

Tim Hill විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 6.2ක මට්ටමක් දැනට ලබාගෙන තිබෙනවා.කුඩා ළමුන්ට ඉතාමත් යෝග්‍ය චිත්‍රපටයක්.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්

2020 වසරේ කුතුහලයෙන් පිරුණු තවත් සුපිරිම කතාවක්. කතාව ගැන කිව්වොත් කුතුහලය නැතිවෙනවා.. ලොක විනාශ සිද්ද වුනොත් ? නොසිතූ සත්තු අවොත්? අපි ආදරය කරන හැමෝම අපිව දලා ගිහින් තනිව පොලොව යට ඉන්න වුනොත්? පෙම්වතිය හැතම්ම ගානක් දුර හිටියොත්? ඉතින් ඒ ආදරය හොයාගෙන යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොටම උත්තර හොයන්න බලන්න මේක..

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

පොලිස් කණ්ඩායමේ තොරතුරු සතුරන් සමග බෙදාගන්නා නිලධාරියෙක් අවසානයේ කවුරු ජයගනීද? දෙපැත්තටම වැඩ කරන කෙනාට මොනවා සිදුවෙයිද? 

Rogue City (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නවෝද් සංදීප

ආබාධිත තරුණයෙක් තම මැර කල්ලියේ සොහොයුරා සෙවීම සඳහා මුම්බායි වෙත පැමිණෙන අතර ඔහු අතුරුදහන් වීම පිටුපස ප්‍රචණ්ඩකාරී කුමන්ත්‍රණයක් සොයා ගනී.

 

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

ආදර විවාහයක් බලාපොරොත්තු වෙන ගිනී නිසා හිතේ කණස්සල්ලෙන් සිටින ඇගේ මවට හමු වෙන්නෙ සනී. ඉතින් මේ නැන්දම්මයි බෑණයි එකතු වෙලා ගින්නිව යාළු කරගන්න කරන දේවල් වගේම ඉන් පස්සෙ කසාදයක් වෙනකන් යන ගමනේ මෙයාලට මුහුණදෙන්න වෙන අභියෝග හරිම රසවත්ව හාස්‍ය මුසුව රසවිඳින්න පුළුවන්.

යමී ගෞතම් සහ වික්‍රන්ත් මැසී ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙය පසුගිය ඔක්තෝබර් 9 වනදා Netflix හරහා එළි දැක්වුණා. ආදරය විරහව මෙන්ම හාස්‍යයද නොඅඩුව පිරුණු මේ චිත්‍රපටය IMBd 5.6 ක අගයක් වාර්තා කරනවා.

 

Ginny Weds Sunny (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා

මිනිස් සතුරන් සහ තම වර්ගයා වූ දැවැන්ත රොබෝ යන්ත්‍ර සමඟ සටනත් අතරට මැදිවන මිනිස් මිතුරියව රක්ෂා කිරීමේ වගකීමත් ඔහු මත පැටවෙන විට සෑම අතින්ම ඔහු අන්ත අසරණයි. ඒ නිසාම තනිවම මුහුණදුන් සටන තුළ බොහෝ දෑ දකින්නට ලැබුනා. ඒ වගේමයි කතන්දරය නිරතුරුවම 80 දශකයේ මියුරු ගීතයන්ගෙන් පිරී ඉතිරී යාමත් අපූරුම අත්දැකීමක්. සෑම සංගීත ඛණ්ඩයක් එක්කම මැවෙන රූප රාමු තුළ ප්‍රේක්ෂකයා ලබන ප්‍රබෝධය නිමක් නැති එකක් කරවන්නට නිර්මාණකරුවන් විසින් විශේෂයෙන්ම වග බලා ගෙන තිබුනා.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නිමේෂ් තෙන්නකෝන්

පියෙකුට තම පවුල අහිමි වීමේ සිහිනය පුනරාවර්තනය වේ. විනාශයට නැඹුරු වූ බලවේගයක් විසින් පෘථිවිය ආක්‍රමණය කරන විට ඔහුගේ බියකරු සිහිනය යථාර්ථයක් බවට පත්වේ. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් සටන් කරමින්, ඔවුන්ව හානියෙන් ආරක්ෂා කර ගැනීමට නොදන්නා ශක්තියක් ඔහු අවබෝධ කර ගනී.

Extinction (2018) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ඉෂාර ශෙහාන්

විශේෂ කාර්යය බලකා ODA 595 මෙහෙයුම වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගිහින් අල්-කයිඩා මර්මස්ථානයක් වන මසාර්-රී-ෂරිෆ් නම් නගරය අත්පත් කරගැනීම. නමුත් මේ සඳහා ඔවුන්ට සිද්ධ වෙනවා උතුරු සංවිධානයේ යුධ නායකයෙක් වන ජෙනරාල් ඩොස්ටුම් නැමැත්තෙක් හා සංවිධාන ගත වීමට. ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්රධාන අරමුණ වෙන්නේ ජෙනරාල් හා පෙරමුණට ගිහින් ගුවන් ප්රහාර සඳහා අවශ්ය ඉලක්කයන් ලබා දීමයි.
මේ වෙනකොට ප්රති ප්රහාරයක්න වෙනුවෙන්මු ඇෆ්ගනිස්ථානයට ගොඩ බහින පළමු හමුදා අනුකණ්ඩය වෙන්නේ මේ සෙබළුන්ත් පිරිස. ගමනා ගමනය අපහසුව, වෙනමම සංස්කෘතියක යුධ වදින මේ ගෝත්ර හා නවීන සටන් ක්රම හදාරා පිටියට යන මේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ගමන ලේසි පැහැදු එකක් නම් නෙමෙයි. ඉතින් මොවුන් මේ නගරය අත්පත කරගැනී ද

 

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

තරුණ හා සාර්ථක වෙළඳ දැන්වීම් විධායකයෙකු ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක් කරයි.

The Zoya Factor (2019) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හේෂාන් නානායක්කාර

පාරිසරික ව්‍යසනයන් වලින් හැමදාම දුක් විදින මිනිසුන් වෙනුවෙන් චන්ද්‍රිකා ජාලයක් ඔස්සේ මේවාට විසදුම් සෙවීම සදහා කණ්ඩායමක් කටයුතු කරයි. වැඩි විස්තර මන් කියන්නේ නෑ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | G H K සඳරුවන්

ලුසි යනු 2014 ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලූක් බෙසන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද අතර ඔහුගේ බිරිඳ වර්ජිනී බෙසන්-සිල්ලා විසින් ඔහුගේ සමාගම වන යුරෝපා කෝර්ප් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් තායිපේ, පැරිස් සහ නිව් යෝර්ක් නගරයේ සිදු විය. එහි ස්කාර්ලට් ජොහැන්සන්, මෝගන් ෆ්‍රීමන්, චෝයි මින්-සික් සහ අම්ර් වේකඩ් රංගනයෙන් දායක වේ.
ලුසී බුද්ධිමත්, විශ්ව විද්‍යාල සිසුවියක් වන අතර ඇයගේ සිරුරට මත්ද්‍රව්‍ය එක් කිරීම හේතුවෙන් අසාමාන්‍ය තත්වයකට මුහුණ පෑමට ඇයට සිදුවේ.

 

උපසිරැසි ගැන්වීම | පවිඳු නිමේෂ්

 
 
වසංගතයක් ඕස්ට්‍රේලියාව පුරා පැතිරී ගිය පසු, පියෙක් තම දියණිය ආරක්ෂා කිරීමට කැමති අයෙකු සොයයි.

Cargo (2017) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

..........................................................................................................................................................................................

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | පවිඳු නිමේෂ්

නව ත්‍රාසජනක ආරම්භය සයිබර් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍යයේ සිටින සියලුම රහසිගත නියෝජිතයින්ගේ අනන්‍යතාවයන් හෙළි වන අතර ජොනී ඉංග්‍රීසි රහස් සේවයේ අවසාන බලාපොරොත්තුව බවට පත්වේ. විශ්‍රාම යාමෙන් කැඳවනු ලැබූ ඉංග්‍රීසි මහ මොළකරු හැකර් සොයා ගැනීමේ මෙහෙයුම සමඟ වේගයෙන් කිමිදේ. කුසලතා ක්‍රම කිහිපයක් ඇති මිනිසෙකු ලෙස ජොනී ඉංග්‍රීසි මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා නවීන තාක්‍ෂණයේ අභියෝග ජය ගත යුතුය.

Johnny English Strikes Again (2018) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

................................................................................................................................................................................................................

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්

Showing 1–24 of 235 results