422 views
3+

සුබ දවසක් කියලා හැමෝටම කියනවා මම ලිපි ලියන්නනන් වැඩ්ඩෙක් නෙවෙයි කියලා පලවෙනියෙන්ම කියනවා.
ඒවගේම මම මේ සයට් එකට එකතු කරන පලවෙනි උපසිරැසිය තව කියනවනන් මගේ ජීවිතේ
ඇනිමේෂන් පිල්ම් එකකට කරන පලවෙනි වතාව.
හරි ඒ කතා පැත්තකින් තියමුකෝ මම ඔයලට අද ගෙනාවේ පැය 1.34.54 ක කාලයක් පුරා
දෙබස් කාණ්ඩ 1700 ගාණකට වැඩියෙන් පෙන්වන කුංෆු පැන්ඩා 3 2016 කතාව.
මේක ගොඩක් කාලෙකට කලින් රිලිස් වුනාට මම අදටත් බලන්න ආස කතාවක් හින්දා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා
මම වැඩිය මොකුත් කියන්න යන්නෑ ඔයලා කුංෆු පැන්ඩා 1 - 2 බලල තියනවනේ.
මේකදි වෙන්නේ පෝ අවුරුදුගානක් පාත්තයෙක්ගේ පුතෙක් කියලා හිතාගෙන ඉන්න වෙලේ, පෝගේ ඇත්ත තාත්තා එයාව හොයාන එන එක
එහෙම හම්බවෙන තාත්තා එයාව ආය නැතිවෙයි කියන බයට එයා ඉන්න ගමට එක්කරගෙන යනවා. ඒත් මේව වෙන අතරේ අපේ දුෂ්ටයා
ඒ කියන්නේ පෝ සටන් කරන්න යන කෙනා ඇවිත් පෝව හොයනවා එයාව මරන්න කියලා. ඒත් පෝට අන්තිම වෙනකන් මෙයාව හම්බවෙන්නෑ
මෙයා කියන්නේ මෙයා කායි කියලා. උග්වෙයි තරුණ කාලේ එයත් එක්ක එකට හිටිකෙනෙක්. ඒ වගේම මෙයා මේ ලෝකෙට එන්නේ
අවුරුදු 500 කට පස්සේ ඉතින් මම වැඩි දෙයක් කියන්නෑ මෙතනින් නතර කරනවා.
ඔයාලම කතාව බලන්නකෝ ඔයලට මේක කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සුපිරි එකක් කියලා මම කියනවා.
එහෙනන් මං යනවා තවත් උපසිරැසියකින් ඔයාලව හම්බෙනකන්.
අනිවා කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා ඒක තමයි උපසිරැසි කරන අපට තියන ලොකුම හයියක්.

උපසිරැසි ගැන්වීම: Ishan (LB)

Be the first to review “Kung Fu Panda 3”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.