565 views
0

David S. F. Wilson විසින් අධ්‍යක්ෂණය වූ මෙම චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ Bloodshot කියන comic book series ඒකක්. 2020 මාර්තු 13 රිලීස් වුන මේ ච්‍රිපටය Action/ Superhero/ Fantasy/ Drama/ Adventure/ Science Fiction කියන Category ගොඩකට අයිති සුපිරිම ෆිල්ම් ඒකක්. Bloodshot හෙවත් රේ ගැරිසන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔයාලා කවුරුත් දන්න Vin Diesel විසින්. ඇත්තටම XXX ඒ්වගේම Fast and furious film series ඒක බලලා තියෙනවා නම් Vin Diesel කියන්නේ කවුද කියලා නොදැන ඉන්න විදිහක් නැහැ. ඒ වගේම Bloodshot අධ්‍යක්ෂක වන David Wilson විසින් මීට පෙර Star Wars/ Avengers - Age of Ultron වගේ චිත්‍රපට වල Visual effects කරල තියෙන නිසා ඔයාලට මේ චිත්‍රපටය තුළිනුත් සුපිරිම effects ටිකක් බලාගන්න පුළුවන්.

කතාව ගැන කිවුවොත් මේ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය රේ ගැරිසන් හමුදා සෙබළෙක්. ඔහු සාර්ථක ලෙස මොම්බාසා වල මෙහෙයුම අවසන් කරලා තම ආදරණීය බිරිඳ ජීනා එක්ක ඉතාලි මුහුදු තීරයේ නිවාඩුවක් ගත කරන්න යනවා. මේ අවස්ථාවේදි තමයි රේව සහ ඔහුගේ බිරිඳව පැහැරගැනීමකට ලක් වෙන්නේ. ඝාතකයන්ට ඕන වෙලා තිබුනු මොම්බාසා මෙහෙයුමේ තොරතුරු දීමට රේ අපොහොසත් වීම නිසා රේ ඉදිරියේම තම බිරිඳවත් ඉන්පසුව ඔහුවත් ඝාතනය කරනවා. නමුත් රේ නැවත නැගිටිනවා. ඒ සුපිරි nanotech බලයත් සමඟ. නමුත් ඔහුගේ සියළුම මතකයන් ඔහුට අහිමි වෙලා. ෆිල්ම් එකේ මුලින්ම පෙන්නන විදිහට නම් අපිට හිතෙන්නේ ඒක දෙවැනි අවසථාවක් කියලා. ඒත් මේ දෙවැනි අවසථාව ඇතුළේ ලොකු කතාවක් සැඟවිලා තියෙනවා. ඇත්තටම රේට මොකද වුනේ, අළුත් ස්වරූපයත් එක්ක රේ කොයි විදිහට හැසිරෙයිද. ඒක දැන ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා Bloodshot බලන්නම ඕනේ.

ඒ වගේම මගේ මේ උපසිරසත් ඔබේ රසවින්දනයට හොඳ වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

 

සිංහල උපසිරැසි: යෙහෙනි පෙරේරා

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. Sathira hirushan

    Wow….ekanm niyamai ❤️

    10.0 rating

    Wow….ekanm niyamai ❤️