පොලිස් කණ්ඩායමේ තොරතුරු සතුරන් සමග බෙදාගන්නා නිලධාරියෙක් අවසානයේ කවුරු ජයගනීද? දෙපැත්තටම වැඩ කරන කෙනාට මොනවා සිදුවෙයිද? 

Rogue City (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නවෝද් සංදීප

කතාව ගෙතෙන්නේ කළු ජාතික පවුලක් වටේ. දකුණු සුඩානයේ ආතතිය හා යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙක් නගරයෙන් පැන යාමට උත්සාහ කරනව. අවාසනාවකට මෙන්, අයහපත් කාලගුණය සහ මුහුදු කුණාටුව හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවිත පවා අහිමි වෙනවා. ඔවුන් දිවි ගලවාගෙන, සරණාගත කඳවුරක රැඳී සිටින අතර, ඔවුන් බොල් (සොප් ඩිරිසු) සහ රියාල් (වුන්මි මොසකු) කියන අපේ කතා නායකයො දෙන්නත් ඉන්නවා. සරණාගතයින්ගෙන් යුවළ එංගලන්තයට යවනු ලබන්නේ නැවුම් ආරම්භයක් ලබා ගැනීම සඳහා ය. මාර්ක් (මැට් ස්මිත්) ඔවුන් දෙදෙනා පදිංචි කරවීමට නව විශාල නිවස පෙන්වීමට කටයුතු කරනවා.
බොල් සහ රියාල් යන දෙදෙනාම විශ්වාස කරන්නෙත් නැහැ මෙතරම් විශාල නිවසක් ලැබෙයි කියලා. කෙසේ වෙතත්, පළමු රාත්‍රියේ සිටම එය බොල්ට වධ දීමට පටන් ගනී. නිවසේ බිත්තියට යටින් අවතාර ජීවීන් සිටින අතර එමගින් යුවළට ජීවත් වීමට අපහසු වේ. නමුත් එහි සිටින අවතාරවලට ඔවුන්ගෙන් යමක් අවශ්‍යයි. එය කුමක් ද? නිවසේ සැඟවී සිටින්නේ කාගේ නපුරු ආත්මයන්ද? මොකක්ද වෙන්නෙ කියලා දැන ගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා..

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල

කලකිරුණු දිල්ලි බිරිඳ සහ ඇගේ සොහොයුරිය නිදහස කරා යන ඔවුන්ගේ මාර්ගවල භයානක රහස්, සිහින සහ ඔවුන්ගේ හැගීම් වලට සවන් නොදෙනා පිරිමින්

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | අසිත රුක්මාල්

අද මගේ ජිවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුවහන් වන දවසක්... ගොඩක් කල් මේ අඩවියෙන් සිංහල උපසිරැසි බාගත කරමින් ඉදලා යටිහිතේ තිබුණු ආශාවත් එක්ක උපසිරසියක් කරන්න හිතුනා. ඉතින් මේ "මගේ පළවෙනිම උපසිරැසිය". ගොඩක් අඩුපාඩු ඇති, ඒ ගැන සමාවෙලා අඩුපාඩු පෙන්වලා දෙන්න. ඉතින් මන් මේකට තෝරාගත්තේ ටිකක් අමුතු විදිහේ කතාවක්, William Olsson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය තිරරචනය Catherine Hanrahan ගෙනි. IMDb දර්ශකයේ 8.4 වැනි ඉහල අගයක් ලබාගෙන ඇති Drama | Thriller ගණයට අයත්වන මෙම චිත්‍රපටය පැය 01 කුත් මිනිත්තු 37 ක් පුරා දිවෙයි. මෙහි 'මාග්‍රට්' ලෙස Alexandra Daddario ත්, 'කසු' ලෙස Takehiro Hira, 'ඉනෙස්' ලෙස Carice Van Houten , 'ලියාම්' ලෙස Andrew Rothney ත් අපූරු රංගනයක යෙදෙති.
කතාව කෙටියෙන්, මාග්‍රට් යනු ජපානයේ ටෝකියෝ නගරයෙහි ජීවත් වන ඇමරිකානු තරුණියකි. දිවා කාලයේ ඇය ජපන් ගුවන් ඇකඩමියක පුහුණුවන ගුවන් සේවිකාවන්ට ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය උගන්වයි. ඇය සෙසු විදේශිකයන් වන ඉනෙස් සහ ලියම් සමඟ බීමත්ව රාත්‍රිය ගත කරන අතර නගරයේ බොහෝ ආදර හෝටල්වල අහඹු පිරිමින් සමඟ ගොස් ලිංගික සම්බන්ධකම් පවත්වයි. ඇගේ රාත්‍රී අක්‍රමිකතා නිසා ඇයගේ උපදේශක නකමුරාගේ අවධානය යොමු කරමින් පසුව ඇය වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙලැබෙයි.

නිවෙසක් නොමැතිව සහ ජිවිතයේ පතුලේ සිටින මාග්‍රට්ට තම මිතුරු ලියම්ව පිටුවහල් කළ බව හෙළි කරන ලියම්ගේ පෙම්වතිය වන ලුයිස් දන්වා සිටියි. ලුයිස් සමඟ බීමත් වන මාග්‍රට් බීමත් වී රාත්‍රියේ ටෝකියෝව වටා ඇවිදීමට පටන් ගනී. ඇය පසුපස එන අමුතු මිනිසෙකු දැක ඇයව ආදර හෝටලයකට ගෙන යන ලෙස ඉල්ලා සිටියි. මේ අතර ඇයට "කසු" නම් විශේෂිත පුද්ගලකු හමුවේ. ඔහු ඇයව "බුදුන්ගේ ගර්භාශය" නම් අපුරු තැනකට රැගෙන යයි.. කතාව අවසානයේ ඇය "බුදුන්ගේ ගර්භාශය” නම් සංකේතවාදය අවබෝධ කරගනිවිද? අවසානයේ යහපත සඳහා සමුගැනීමට පෙර නැවත ඉපදීමක් දැනේවිද? මෙයින් ඇය හා අප ඉගෙන ගන්නා පාඩම කුමක්ද ??
ඉතින් වැඩිහිටියන්ට පමණක් සීමාවුණු මේ චිත්‍රපටියේ අපට ගතහැකි ආදර්ශ බොහෝයි. සියල්ල අනිත්‍යබව ඔබටත් වැටහේවිද ? ආලයෙන් තොර රාගයක් අපට කියන්නේ කුමක්ද... අඩුපාඩුනම් ගොඩක් ඇති පලවෙනි එක නිසා. ගොඩක්ම අමාරු උනේ මේ ලිපිය සකසා ගන්නයි. ඔන්න අමාරුවෙන් ගලපගත්තා. චිත්‍රපටිය බලලම ගුණදොස් කියන්නකෝ ඔයාලා. මගේ විස්තර මගේ ෆේස්බුක් පිටුවෙන් ලබාගන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම සුභ දවසක්, කොරෝනා වසංගතය නිසා හැමෝම පරිස්සමින් ඉන්න. ජයෙන් ජය !

 

උපසිරැසි ගැන්වීම | සාරංග සිරිවර්ධන

කතාව ගැන කිව්වොත් ලාරා ජීන් සොන්ග් කෝවි(Lana Condor) කියන්නේ පවුලෙ මද්දුමයා. කෙල්ලට තියෙනවා හෙන ෆැන්ටසි පුරුද්දක්‌, ඒ තදින්ම හිත ගිය පිරිමි ළමයින්ට හිතේ තියෙන දේවල් ලියුම් විදියට ලියලා එකතු කරලා පරිස්සමින් තියාගන්න එක. දවසක් පීටර් කවින්ස්කි(Noah Centineo) කියන කොල්ලා ලාරා ජින් 7 පන්තියේදී එයා ගැන හිත හිත ලියපු ලියුමක් අරන් එයාව ස්කොලේදී මුණ ගැහෙන්න එනවා. කෙල්ල කලන්තේ දානවා… ලියුම කොහොමද එයාට හම්බුනේ? අනිත් ඒවත් එහෙම ගිහින්ද? ලාරා ජින් හා පීටර් කවින්ස්කි ආදරේ කරන්න පටන් ගනීද?

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

අසීමිත විශ්වාසය විශ්වාසය භක්තිය අවිද්‍යාව බිය හා කර්ම විපාකය මත ගොඩනැගෙන එකිනෙකට සම්බන්ද සබදතා රාශියක් මත දිවයන කතා තේමාවක්

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | කවිඳු හසිත් ගුණවර්ධන

එක්තරා රෝගයක් පැතිරීම මුළු නගරයක්ම පාලනය කළ නොහැකි අවුල් ජාලයකට ඇද දමා ඇත, නමුත් දිවි ගලවා ගත් එක් අයෙකු හුදෙකලාව ජීවත්ව සිටී. එය ඔහුගේ කතාවයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි | දමිත් ළහිරු

DCP ආදිත්‍යා (Sudheer Babu) කියන්නේ හොද නමක් හදාගෙන ඉන්න පොලිස් නිලධාරියෙක්,ඉතින් එක දවසක් ජාතිවාදි කෝලහාලයක් නවත්තන්න මෙයාට පුලුවන් වෙනවා,එතනින් පස්සේ ආදිත්‍යය පොලිසියේ ලොකු පිලිගැනීමක් ලැබෙනවා,ඒහෙම ඉන්න අතරේ තමයි නගරේ එක පාරටම ඉහල පොලිස් නිලධාරියෙක්ව මරල දානවා,දරුණු විදියට,හැමෝම හිතන්නෙ කවුරු හරි සයිකෝ මිනීමරුවෙක් තමයි මේක කරන්න ඇත්තෙ කියල බලන්න මොකක්ද වෙන්නේ කියලා. 

 

උපසිරැසි ගැන්වීම | සඳුනි අමා

සුපිරි අත්භූත බලයක් සහිත කාන්තාවක් ඇයගේ බලය ගැන හදුනා ගැනීම.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | සඳුන් දර්ශණ

 

 

 

තාක්ෂණික විශේෂඥයින් තමන්ගේම නිර්මාණ කෙරෙහි අනතුරු ඇඟවීමක් කරමින් සමාජ ජාල වල භයානක මානව බලපෑම ගවේෂණය කරයි. සමාජ ජලා භාවිතා කරන සියලුම දෙනා නැරබිය යුතු වාර්තාමය චිත්‍රපටයක්.

 

 

 Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි | දමිත් ළහි​රු

 

සහෝදරයන් දෙදෙනෙකු - එක් අයෙකු මත්ද්‍රව්‍ය නාශක නියෝජිතයෙකු සහ අනෙකා ජෙනරාල්වරයකු - දශක ගණනාවකට පෙර දෙමාපියන් ඝාතනය කළ මත්ද්‍රව්‍ය කරුවාගේ අනන්‍යතාවය සොයා ගනී.

 

Santana (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

.................................................................................................................................................................................................................

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්

සත්‍ය සිදුවීම් අලලා ලියවූ Class of 83 පොත ඇසුරෙන් අවංක යුක්ති ගරුක පොලිස් නිලධාරියෙකුට හදිසියේ සිදුවූ ස්ථාන මාරුව

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : දමිත් ඉෂාර

අයිවන් නම් ගෝරිල්ලෙක් ස්ටෙලා නම් අලියෙකුගේ උපකාරයෙන් ඔහුගේ අතීතය එකට එකතු කර ගැනීමට උත්සාහ කරයි.

 

ළඟදීම...

1999 කාර්ගිල් යුද්ධයේදී සටන් කලාපයකට පියාසර කළ පළමු ඉන්දීය කාන්තා ගුවන් හමුදා නිලධාරිනිය බවට පත්වීමෙන් ඉතිහාසය නිර්මාණය කළ නිර්භීත තරුණ නිලධාරිනියකගේ ජීවිතයෙන්

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : දිලීප මදුෂාන්

පොලිස් නිලධාරියෙකු දේශපාලන ඝාතකයෙකු ගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කැඳවනු ලැබේ. ඔහු බැලමෙහෙවර කරන කාන්තාව සමග සම්බන්දයක් ඇති කරගනී.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : හසාරා නිලක්ෂි විතානගේ

 

 

 

 

 

 

 

 

 

ඉස්සර හිටියා රාජ කුමාරයෙකුයි, කුමාරියෙකුයි,
දෙන්නම මැරුණා - කතාව ඉවරයි...”
ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත් වෙන Kizie, මැනී නිසා හිනා වෙන්න පටන් ගන්නවා. අන්තිම මොහොතෙදි හරි, ලස්සන, ඇත්ත ආදරයක් විඳින මේ දෙන්නගෙ ආදර කතාව කොච්චර දුරට ගලාගෙන යයි ද..
සුෂාන්ත් සිං රාජ්පුත් කියන්නෙ අදටත් ගොඩක් කතා වෙන චරිතයක්. ඒකට හේතුව ඔහු අභිරහස් විදියට සදහටම යන්න ගියපු නිසා. ඒ උණුහුම යන්නත් කලින් ඔහුගේ අවසාන චිත්‍රපටය Dil Bechara(අසරණ හදවත) පසුගිය ජූලි 24 වෙනිදා එළි දකිනවා. පැය කීපයක් ඇතුළත වාර්තා පිට වාර්තා තියන මේ චිත්‍රපටය බලනකොට සමහර තැන් දැනෙන්නෙ සුෂාන්ත් ඇත්තටම එයා ගැන කියනව වගේ. සුෂාන්ත්ගෙ රසිකයින්ට නම් මේක අතිශයින්ම සංවේදී චිත්‍රපටයක් වෙනවා නොඅනුමානයි.
මුකේෂ් චබ්රා ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනයෙන්, ඒ.ආර්.රහමාන් ගෙ පරිණත සංගීත අධ්‍යක්ෂනයෙන් වගේම, සන්ජනා සාන්ගි ගෙ රංගනයෙන් හැඩ වෙන මේ චිත්‍රපටය ආදරණීය සුෂාන්ත්ගෙ අවසාන චිතත්‍රපටය වීමත් නිසා ‍තවත් බොහෝ කාලයක් ඉතා සුවිශේෂී චිත්‍රපටයක් ලෙස මෙය ප්‍රේක්ෂ්කයන් අතර රැඳේවි...
“සමහර විට, අවාසනාවන්ත දේ සහ ආකර්ශනීය දේ අතර වෙනස පවතින්නේ විශ්වාසයේ පිම්ම තුළ ය.”
-සුෂාන්ත් සිං රාජ්පුත්-

 

සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා

ඩෝරාසානි ධනවත් කාන්තාවක් වන දේවාකි සහ දුප්පත් පිරිමි ළමයෙකු අතර රාජුගේ ආදරයේ ආවර්තිතා කතාව ගවේෂණය කරයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ප්‍රදීප් සඳකැලුම්

ළමා මනාලිය වන බුල්බුල් (ට්‍රිප්ටි ඩිම්රි) විවාහ වී සිටින්නේ තාකූර් ඉන්ද්‍රනෙල් (රාහුල් බෝස්) සමඟයි. ඇය හැදී වැඩෙන්නේ සත්‍ය (අවිනාශ් තිවාරි) සමඟ ය. ඔවුන් දෙදෙනාම එකිනෙකාට අවතාර කථා පැවසීමට කැමතියි. ඉන්ද්‍රානීල්ට තවත් සහෝදරයෙක් සිටී, ඔහුගේ නිවුන් මහේන්ද්‍ර (රාහුල් බෝස්), ඔහු මානසික ආබාධිතය. ඔහු විවාහ වී ඇත්තේ ඉන්ද්‍රානීල්ගේ දෙවන බිරිඳ වන බිනෝඩිනි (පාවෝලි වේල්ල) සමඟ ය. ඉන්ද්‍රානිල්ගේ විශාල මන්දිරයේ බල්බුල් සම්පූර්ණයෙන්ම හුදෙකලා වේ. ඇයට සත්‍ය හැර වෙන කිසිවෙකු සමඟ කතා කිරීමට හැකියාවක් නැත. ඊර්ෂ්‍යා කළ ඉන්ද්‍රනෙල් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහුව එංගලන්තයට යවන අතර ඇය සම්පූර්ණයෙන්ම තනිව සිටී. සත්‍ය නොදන්නා ඇයට සෑම ආකාරයකම කුරිරුකම් සිදු වේ. ඔහු ආපසු පැමිණි විට, ඉන්ද්‍රනෙල් තවදුරටත් එහි නොසිටින බවත්, මහේන්ද්‍ර මියගොස් ඇති බවත්, බිනෝදිනි වෙනත් තැනක වැන්දඹුවක් ලෙස ජීවත් වන බවත් ඔහු සොයා ගනී

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : හංසක නුවන්

 

ඔත්තු බැලීම සහ මිනීමැරීමේ චෝදනා මත 1990 දශකයේ අග භාගයේ සිට එක්සත් ජනපදය විසින් සිරගත කරන ලද කියුබානු දේශපාලන සිරකරුවන් පස් දෙනෙකුගේ කතාව.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : විකුම් පෙරේරා (VIKU)

බිල්ලුගේ කඩය ඉදිරියේ තිබෙන නිවසට අලුත් පවුලක් පදිංචියට පැමිණෙන අතර එහි ලස්සන තරුණියකට බිල්ලුගේ හිත යනවා ඒ වගේම ගොඩක් අයට මේ තරුණිය ගැන හිත වැටී බිල්ලුගේ කඩේට නිතරම එනවා ඉතින් කඩේ බිස්නස් එහෙමත් වැඩි වෙනවා. බිල්ලුගේ ආදරේට මොනවා වෙයිද බලන්න

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : මාධවී සදපාමිණි වෙත්තසිංහ

නයි මුගටි...    ඔන්න මම අරන් ආවා මගේ දෙවනි උපසිරැසිය. මම මේකට නයි මුගටි කියල කිව්වෙ මේ කතාව ගෙතෙන්නෙ පුදුම විදියට එකිනෙකා ගැන තරහක් හිතේ තියන් ඉන්න චරිත දෙකක් වටා නිසා. ඇත්තටම මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ඉන්දියාවෙ ගොඩක් ප්‍රසිද්ධ වුණ ගුලාබෝ සිතාබෝ කියන රූකඩ චරිත දෙක. මේක නිර්මාණය වෙන්නෙ රාම් නිරන්ජන් අතින්. ගුලාබෝ ගෙ ආදරවන්තයා සිතාබෝ ගෙ ස්වාමිපුරුෂයා වීම නිසා දෙන්න අතර වෙන ආරවුල තමයි මේ රූකඩ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ.
ඉතින් ඔය කතාවට ආදේශ කරලා චිත්‍රපටයට නිර්මාණය වෙන නිසා තමයි, මේකට Gulabo Sitabo කියන නම වැටෙන්නෙ. සිනමා ශාලා වල තිරගත වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු පළමු හින්දි චිත්‍රපටයට වෙන්නෙත් මේ චිත්‍රපටයට තමයි. අමිතාබ් බච්චන් සහ ආයුෂ්මන් කුරානා කියන අති විශිෂ්ට රංගන ශිල්පීන් දෙන්නගෙ හාස්‍යය පිරුණු රංගනයෙන් හැඩ වෙලා තියෙන මේ චිත්‍රපටයට ගොඩක් බාධක මැද එලියට එන්නෙ ජුනි 12 වෙනිදා. බන්කි කියන කුලීකාරයයි, ගෙදර අයිති කරගන්න හදන මිර්සයි එසේ මෙසේ වලි නෙවෙයි දාගන්නෙ.
සල්ලි කියන්නෙ ජීවිතය නෙවෙයි කියල හරි ලස්සනට මේකෙන් කියල දෙනව. කතාවෙ තියෙන හාස්‍ය රසය සිංහල භාෂාවෙනුත් එකතු කරන්න මම ගත්ත උත්සාහය කොච්චර දුරට සාර්ථකද කියල බලන්න හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාත් කියන්න. තවත් ලස්සන කතාවකින් හමුවෙන්නම්..

 

සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා

ඇලෙක්ස්, උසස් පාසැල් පංතියේ නායක, නර්ඩ් සෘජු ශිෂ්‍යයෙක්, ක්ලෙයාර් සමඟ බොහෝ කාලයක් තිස්සේ ඇසුරු කර ඇත. ඔවුන් එකට නිදා ගැනීමට තීරණය කළත් පසුව ඔහුට සමලිංගිකයෙකු හමු වන අතර ඔහු ව්‍යාකූල වේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : දිලීප මදුෂාන්

ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන පවුලක බැංකු සේවිකාවක් ඇගේ නිවසේ අසීමිත මුදල් පිළිබඳ රහසිගත ප්‍රභවයක් සොයා ගනී.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : හසරා නිලක්ෂි විතානගේ

ත‍්‍රස්තවාදයට සහ අපරාධවලට අවසන් ප‍්‍රතිචාරයක් ලෙස අනාගතයේ දී එක්සත් ජනපද රජය කිසිවෙකුට දැනුවත්ව නීති විරෝධී ක‍්‍රියාවන් කිරීමට නොහැකි වන පරිදි සංඥාවක් විකාශනය කිරීමට සැලසුම් කරයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : දර්ශණ රංගන

Showing 1–24 of 107 results