Monsters University (2013) | රාක්ෂ විශ්වවිද්‍යාලය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් “විමා” ආයෙත් ඔබ හමුවට ආවෙ අපේ ලොකු බබාලටත් පොඩි බබාලටත් සූප්පු උරන ගමන් බලන්ට ඇහැකි පට්ට පහර, උනුම උණු, පරිගණක සජීවීකරණ සිනමා සිත්තමක් අරගෙනයි. මතක ඇතිනෙ පහුගිය දොහක මම මේකෙ පළවෙනි එක වෙච්චි Monsters Inc (2001) සිංහල උපසිරසිත් එක්ක අරන් ආව, මේ සලරුව නිකුත් වූ සැනින්ම ඔයාලට අරන් එනව කියල පොරොන්දුවකුත් එක්කම. ඔන්න ඉතින් පොරොන්දු වු පරිදිම මේකත් අරන් ආව එහෙනම්. මෙන්න මේව තමයි පඳුරට පයින් ගහල බැලුවහම විසිවෙලායන දේවල්. මේන් බලාගන්ටකො එහෙනම්.
අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ (IMDb) අගය : “7.8”
වියදම : ඩොලර් මිලියන 200
බොක්ස් ඔෆිස් ආදායම : ඩොලර් මිලියන 736.9
විනාඩි 103ක් පුරා දිවෙන මේ විනෝදාත්මක පරිගණක සජීවීකරන සිනමා පටය බොක්ස් ඔෆිස් හිට් වෙලා තිබුන එකක්. මෙහි කතාව වන්නේ පලමු සිනමා පටයෙහි එන ප්‍රධාන චරිතය වන මයික් වසෝව්ස්කි සහ ජේම්ස් P සුලිවන් යන හොදම මිතුරන් දෙදෙනාගේ හමුවීම සහ ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයයි. එතනදි මේ හැම කෙනෙක්ටම මුහුන දෙන්න වෙන අභියෝග ගැන රසවත් සිදුවීම් ගණනාවක් ගැන තමයි මේකෙන් කියවෙන්නෙ.
ඒ වගේම යාලුවනේ මේක හැදෙන හැටි ගැන මංසලේ ලිපි කෑල්ලක් එක්කම දෘෂ්‍ය පටයකුත් තියනවා. ඒකත බලාගෙනම යන්ටලා මෙතනින් ගොහින්. හිතනවට වඩා වැඩේ අමාරුයි හදන්න ගිහාම. එසේනම් ආයෙත් මම උපසිරසක් අරගෙන ඉක්මනින්ම ඔයාලව මුනගැහෙන්න එන්නම්. එතෙක් ඔබ සැමට වාසනාවන්ත දිවියක්!
“Don’t let anyone tell you different”
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11530 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
120 thoughts on “Monsters University (2013) | රාක්ෂ විශ්වවිද්‍යාලය [සිංහල උපසිරැසි සමඟ]”