Moana 2 (2024) Sinhala Subtitles | මොආනා සහ අකුණු දෙවිඳුගේ ශාපය [සිංහල උපසිරැසි]
Moana 2 (2024) Sinhala Subtitles
ගෙවුන 2024 වසර නම් සිනමා කර්මාන්තයට ඉතාම හොඳ වර්ෂයක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවන්. හොලිවුඩයේ වගේම අසල්වැසි ඉන්දියාවේ පවා චිත්‍රපට බොහෝමයක් අතිශය සාර්ථක උන බව ඔබට මතක ඇති. ඒ අතරින් ඇනිමේෂන් චිත්‍රපට වලටත් හොඳ කලක් ලැබුන බව අපිට දකින්න ලැබුනා. එදා මෙදාතුර ඇනිමේටඩ් නිර්මාණ ඉතිහාසයේ ඉහළම ආදායම ලබන්න Inside Out 2 චිත්‍රපටය සමත් උනා වගෙම Kung-Fu Panda 4, Despicable Me සහ Mufasa: The Lion King චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ලබාගත්තා. අන්න ඒ අතරතුර තමයි 2016දී නිකුත් වූ ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත්ත Moana චිත්‍රපටයේ දෙවන කොටසත් කරළියට බැස්සේ. ඇත්තටම චිත්‍රපටයේ නිෂ්පාදකවරු මේක මිනි සීරීස් එකක් විදියට Disney + ඔස්සේ එළි දක්වන්න හැදුවත් අන්තිම මොහොතේ තීරණය වෙනස් කරලා පළමු චිත්‍රපටයේ දිගුවක් විදියට නිකුත් කරන්න තීරණය කරනවා. අන්න එතනින් පස්සේ ඉතිරිය ඉතිහාසයට භාර වෙනවා.
චිත්‍රපටය නිකුත් කරපු පළවෙනි දිනයෙම ඇමරිකාව තුල පමණක් ඩොලර් මිලියන 57.5ක ආදයමක් වාර්තා කරන්න මොආනාට හැකිවෙනවා. එය වාර්තා පොත්වල ලියවෙන්නේ තෑන්ක්ස්ගිවින් දිනයේ පලමු වරට නිකුත් කල චිත්‍රපටයක් ලද ඉහලම ආදායම සහ ඇනිමේෂන් චිත්‍රපටයක් පළමුදිනයේදී ලබාගත තුන්වෙනි ඉහලම ආදායම විදියටයි. ඒ විතරක් නෙමෙයි ඇනිමේෂන් චිත්‍රපටයක් පළමුදිනයේදී ලොවපුරා තිරගත කර ලබාගත් දෙවන ඉහළම ආදායම විදියට ඩොලර් මිලියන 389.3ක් උපයන්නත් මේ නිර්මාණයට හැකි වෙනවා. මේ පටන් ගත්ත පිම්ම අන්තිමට නතර වෙන්නේ මේ වසරේ තුන්වෙනියට බිලියනයේ කඩයිම පසු කරපු සිනමාපටය වගේම ලොව වැඩිම ආදායම් ලබපු චිත්‍රපට වල ලැයිස්තුවේ 47 වෙනි තැනටත් ඇවිල්ලයි.
Moana 2 මේ වෙද්දි 6.9ක IMDb අගයකුත්, රොටන් ටොමෑටෝ වල 61%ක අගයකුත් ලබාගෙන තිබෙනවා. Family/Adventure යන කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කලින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු John Musker සහ Ron Clements මහත්වරුනම් නෙමෙයි. මෙදා පාර Dana Ledoux Miller, Jason Hand, David Derrick Jr. කියන කස්ටිය තමයි වැඩේ කරලා තියෙන්නේ. සුපුරුදු විදියට Dwayne Johnson මෝයි ලෙසත්, Auli’i Cravalho මොආනා ලෙසත්, Awhimai Fraser මතාංගි ලෙසත්, Rose Matafeo ලොටෝ ලෙසත් රංගනයෙන් දායක වෙනවා. නොවැම්බර් 21 තිරගත වීම ආරම්භ කරපු Moana 2 මේ වෙද්දි තවමත් සිනමාශාලාවල තිරගත වෙනවා වගේම දැනට ඩොලර් බිලියන 1.037ක ආදායමක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය අවසන් වෙන්නේ තුන්වෙනි චිත්‍රපටයකටත් පාර කපාගෙනමයි. මේ වෙද්දිත් තුන්වන නිර්මාණයේ වැඩ කටයුතු සිද්ධ වෙනවා කියලා නිෂ්පාදකවරුන් සහතික කරලා තියෙනවා.
පරක්කු වෙලා තියෙන නිසා කතාව ගැන මුකුත්ම කියන්න යන්නේ නෑ. මෙච්චර පරක්කු වෙලා හරි උපසිරසිය ගෙනාවේ අපේ බයිස්කෝප් අඩවියෙන්ම සබ් එක අරගෙන බලන අය තාමත් ඉන්න නිසයි. ඒ නිසා එයාලා කොමෙන්ටුවක් දාලා සහයෝගයක් දෙයි කියලා මම හිතනවා. එහෙනම් ඉතිං ලොකු පොඩි වෙනසක් නැතුව හැමෝටම මේ ෆිල්ම් එක නරඹලා විනෝද වෙන්න පුළුවන් බව මම සහතික වෙනවා. ඒ වගේම අපේ සනූප මල්ලිටත් මේ වෙලාවේ ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මමත් එහෙනම් සමුගන්නයි සූදානම් වෙන්නේ වාසනාවක් තිබුනොත් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Moana 2 (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7934 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the sub!!!
Thank You Very Much for the Sub
Thanks so much Yuran malli.
thanks
Thank you for the sub….
thanks ………………….
thanks mchng sub ekt
ඇත්තටම ඔයාලා නිසායී බය නැතුව ඉංග්‍රීසි ෆිල්ම බලන්න ගත්තේ. නැත්තන් අලුත් ෆිල්ම එකක් ආව ටීවී එකේ පෙන්නනකන් ඉන්න ඕනෙ. එහෙම කාලයක් තිබ්බ. අපි වෙනුවෙන් ඔයාලාගෙ කාලය ශ්‍රමය කැපකරලා කරා මේ දේට ගොඩාක් ස්තූතී ජයවේවා. තෙරුවන් සරණයි
Thnx bro.Great job.Good luck.
ස්තූතියි යුරාන් සහෝ පරක්කුවෙලා හරි මේකට ඔයාම සබ් දුන්නට…
බයිස්කෝප් එකෙන්ම දෙනකං හිටියේ සබ…
ස්තූතියි මචං……….
බොහෝම ස්තූතියි සහෝ දිගටම දෙන්න.
Marco