Mighty Joe Young (1998) | ජෝ සහ යන්ග් [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ.
මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වසරේදීයි. ජෝ නම් ගෝරිල්ලෙක් වටා තමයි කතාව දිව යන්නේ ජෝ කියන්නේ එසේ මෙසේ ගෝරිල්ලෙක් නෙමෙයි මතකයිනේ ඔයාලට King Kong (2005) චිත්‍රපටය ඒකේ ඉන්නවා වගේ විශාල ගෝරිල්ලෙක් ඉතින් ජෝ කුඩා කාලෙදිම ජෝ ගේ අම්මව දඩයක්කාරයින් විසින් මරා දමනවා. ඉතින් ඊට පස්සේ ජෝ හැදෙන්නේ ජිල් යන්ග් නම් තරුණිය සමඟයි. ඉතින් මේ ගෝරිල්ලා ජිල් යන්ග් සමඟ දැඩි ඇල්මෙන් බැඳීමකින් තමයි ජීවත් වෙන්නේ. හිටි ගමන් සත්වාරක්ෂක කණ්ඩායමක් ජෝ ජීවත්වුණු කැළය ඝවේෂණයට පැමිණෙනවා ග්‍රෙග් කියන්නේ සත්වාරක්ෂක එකේ සාමාජිකයෙක් ජෝ ට දැනට ජීවත්වන කැළයේ ආරක්ෂාව මදි නිසා වෙනම සත්වාරක්ෂක භූමියකට ඔහුව ගෙනයන්න ග්‍රෙග් විසින් ජිල්ව කැමති කරගන්නවා. අවසානයේ ජෝව වෙනම සත්වාරක්ෂක අභය භුමියකට රැගෙන එනවා හෝ.. හෝ.. මේ කතාව පටන් ගත්තා විතරයි ඈ… මෙතන ඉඳන් මම කතාව කියන්න යන්නේ නෑ ඔයාලම ඒ ටික බලන්නකෝ. ටිකක් පරණ එකක් නිසා ගොඩක් අය බලලත් ඇති මේක නේ.
ඇත්තටම මේක හරිම සංවේදී කතාවක්. සතෙක් කොතරම් දරුණුවට පෙනුනත් ඇත්තටම එහෙම නෑ කියලා මෙහි ආදර්ශයක් සපයනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනි මේකේ කොපිය නම් ටිකක් ලොකුයි ඉතින් පොඩි කොපි තිබුණත් ඒවා තිබ්බේ හඬකවපු ඒවා මමත් ඉතින් ඉස්සෙල්ලා ඒකක් බෑවේ මට හරිගියේ නැති නිසා නැවත ඉංග්‍රීසි භාෂාවෙන් තියන මේ කොපිය බෑවා. කැමතිනම් ටොරන්ට් සයිට් එකකින් ඒ ෆිල්ම් එක බාගෙන බලන්න. හැබයි කතාවේ රසයට ඒක බාධාවක් වෙයි කියලයි මගේ හැඟීම (පොඩඩ්ක් ඩේට ඉතින් වැඩිපුර ගියාට මේ කොපියම ගන්න නේද) ඉතින් එහෙනම් මම යන්න කියලයි ලෑස්තිය. ඉඩ ලැබුණොත් තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙන එන්නම්. යන ගමන් ඔයාලගෙ වටිනා අදහසකුත් අකුරු කරල යන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා…!!!
[button link=”http://tinyw.in/VE3v” type=”icon” “center” newwindow=”yes”] 1.77 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 462 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තැන්ක්ස් වරුණ…. හොඳ ෆිල්ම් එකක්….. ආසාවෙන් බලන්න පුළුවන් පවුලේ ඔක්කොමලා එක්ක….
Waruna, oya sub kala filmswalin 5k beluwa onna. parana wunath asawen bala inn puluwan film ekak. thanks!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම සබ් දාන්න ශක්තිය ධෛර්යය කාලය ලැබේවා. 😀
ජය වේවා.. 😀
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
අනේ හම්මේ, වරූ අයියා පරණ උනත් සුපිරි ෆිලුමක සබ් එකක් ගෙනල්ලා.
නිකමටවත් කිව්වේ නෑ නේ, මේකට සබ් කොරනවා කියලා.
බැලුවා කියලා මතකයක් තියෙනවා
හරියටම ෂුවර් නෑ
ඒ කෙසේ වෙතත් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරසියට…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
King kong man ada baluwe 😀 heta meka balanawa ^_^ thanks…
ගොඩක් ඉස්සර බලපු පට්ටම ෆිල්ම් එකක් තමයි .
බොහොම ස්තුතියි වරුණ අයියා සබට .
ඉස්සර බැලුවා
සබට තුති
ඔබට ජය……
meka patta film eka mn meka podi kale balala tiynva 2 times .ayooo dan apahu balnna venva neh meka
niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
උපසිරසට තුති
ජය
මේ ෆිල්ම් එක නම් සුපිරියි. අනිවා මේක බානව. සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ.