MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළචිත්‍රපටිදමිළනාට්‍යමයපවුලේ සැමටබලන්නමේනක හේරත්සිංහල උපසිරැසි

Merku Thodarchi Malai (2018) Sinhala Subtitle | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 25 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම. ඔන්න තවත් අළුත් සිනමාපටයකට උපසිරැසියක් අරන් මම අදත් ආවා. මේ මගේ හත්වැනි උපසිරැසිය. ඒ වගේම පළමු දමිළ උපසිරැසිය. මට මේ අවස්ථාව ලබා දුන්න සිසිල සහෝට ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටියට අවධානය යොමු කරමු.

ලෙනින් භාරතී කියලා අළුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ ජනප්‍රිය දමිල නළු විජේ සේදුපති විසින්. ඉන්දියානු සිනමාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨ සංගීතවේදියෙක් වන ඉලෙයිරාජා විසින් සංගීතවත් වූ මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 9.3/10 ක් වගේ ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට කිසිදු ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් රගපෑමෙන් දායක වෙලා නෑ. රගපාන හැමෝම අළුත් අය. දමිල වුණාට සිංදු 5යි, ගුරුත්වාකර්ෂණ බලය අඩු සටන් ජවනිකා තියෙන චිත්‍රපටියක් නම් නෙමෙයි මේ. ඒ සාම්ප්‍රදායි රාමුවෙන් පිට තනපු සිනමාපටියක් තමයි මේක. හැබැයි එහෙමයි කියලා මේ චිත්‍රපටියට ලැබිලා තියෙන ඇගයීම් වල නම් කිසිම අඩුවක් වෙලා නෑ. සම්මාන උලෙළ රාශියකදී සම්මානයට පාත්‍ර වෙන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. 2016දී රූ ගත කිරීම් කරලා ඉවරවුණත් 2018 අගෝස්තු වෙනකම් ඉන්න වුණා මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායමට මෙය ප්‍රදර්ශනය කරන්න.

කථාව ගැන කියනවානම් තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත අතර කදු පන්තියේ ජීවත්වෙන කම්කරු ජනතාවගේ ජීවිත ගැන තමයි මේ චිත්‍රපටියෙන් අවධානය යොමු කරන්නේ. තම ජීවිතය ගැටගහගන්න ඔවුන් කෙතරම් දුක් කම්කටොලු වලට මුහුණ දෙනවාද යන්න මේ සලරුවෙන් මනාව කථා කරනවා. අපේ රටේ කදුකරේ කම්කරුවත් මේ වගේ නේද කියලා මට හිතුණා චිත්‍රපටිය බලද්දී.

ඉතින් වැඩි විස්තර අවශ්‍ය නැහැ. මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තවත් අලුත් උපසිරැසියක් අරන් එන බලා පොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා….!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3601 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

21 thoughts on “Merku Thodarchi Malai (2018) Sinhala Subtitle | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • supun priyanath

    bohoma Thanks Sub eka Laba Dunnata
    Digata Tamil Film Walata Sub Denna

    Reply
  • Indika_Indika

    Chal mohan ranga film eke sub denna puluwanda???

    Reply
  • kavinuweerakkody

    thankq aiye sub ekt!!
    jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Bandara 1976

    ගුරුත්වාකර්ෂණ බලය අඩු සටන් ජවනිකා තියෙන චිත්‍රපටියක් නම් නෙමෙයි..උපසිසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • harshani11112

    ස්තුති සහො

    Reply
  • Suresh Madhusanka

    උපසිසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ….

    Reply
  • Saranga J. Liyanagama

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Lalani Maduwanthi

    Godaaak pin

    Reply
  • Mara 2018 Move ekata sub dennako please

    Reply
  • Bandaramudiyansi

    අන්න ඔව තම බන් මල්ලි ෆිල්ම් කියන්නෙ …ඔය කියන එක සුපර්ස්ටර්ල ඉන්න එකක්වත් හරිහමන් කතාවක් නැ… එක්කො ඇග පෙන්වයි.. නැත්නම්… එකෙක් ගහයි 100කට විතර… මොනවද අප්පෙ ඒ ෆිල්ම් …. මෙවගෙ ලස්සන ෆිල්ම් එකක් ගෙනාවට ස්තුතිය …

    Reply
  • පැතුම් ඉෂාර

    සබට තුති!!! ඔබට ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *