Max 2: White House Hero (2017) Sinhala Subtitles | ධවල මන්දිරයේ වීරයා [සිංහල උපසිරසි සමඟ]
හරි අපූරු චිත්‍රපටියක් තමයි අද මේ ඔයාලට ගෙනල්ල තියන්නෙ. චිත්‍රපටියෙ නම නං ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ. චිත්‍රපටියෙ නම තමයි Max 2: White House Hero (2017)
මේක අයිති වෙන්නෙ නම් Adventure ගණයට. ඉතින් 2017.05.05 තමයි මේ චිත්‍රපටයේ මුල්ම තිරගත වීම සිද්ධ වෙලා තියන්නෙ. මේ ලිපිය කියවන ඔයාලා අතර Max (2015) චිත්‍රපටිය බලපු අයත් ඇති නැති අයත් ඇති. ඒ කොහොම වුනත් මේ චිත්‍රපටිය බල්න්න Max පළමු චිත්‍රපටය නැරඹීම අත්‍යවශ්‍ය වෙන්නෙ නෑ. මොකද කිව්වොත් පළවෙනි චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් තමයි මේ Max 2.ඒ හින්දා චිත්‍රපටි දෙකේ කතා පිටපත් අතර කිසිම සම්බන්ධයක් නෑ. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය ගැන කිව්වොත් Warner Bros. සහ Sunswept Entertainmentකියන සමාගම් දෙක තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියන්නෙ.මේ චිත්‍රපටියේ IMDB අගය නම් 5.2 ලෙස තමා සටහන් වෙලා තියන්නෙ.
හරි දැන් ඉතින් වටේ විස්තර ගැන කතා කරා ඇතිනෙ. අපි දැන් කතාව පැත්තට හැරෙමු. අපේ කතාව ගෙතෙන්නෙ ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයට සම්බන්ධවයි. ඉතින් මේකෙ ප්‍රධාන චරිත දෙකක් තමයි මැක්ස් කියන ආරක්ෂක සුනඛයා සහ අලුත් ජනාධිපතිගෙ පුතා ටීජේ බෙනට්. එයා එයාගෙ පරණ ජීවිතෙන් ව්න් වෙලා ධවල මන්දිරේ ජීවත් වෙන්න එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුවෙන් ඉන්න වෙලාවෙ තමයි මෙයාට මැක්ස්ව හම්බ වෙන්නෙ. මැක්ස් ධවල මන්දිරයට එන්නෙ එහෙ කනින් හිටපු ආරක්ෂක සුනඛයා චාලි වෙනුවට සතියක රාජකාරි කාලයකට. මොකද මේ අස්සෙ රුසියානු ජනාධිපතිත් එනවා සතියක සංචාරයකට. ටීජේට මැක්ස්ව හම්බුනාට පස්සෙ ටීජේගෙ හොඳම යාළුවා වෙන්නෙ මැක්ස්. ඉතින් අපි බලමු ඉස්සරහට මේ දෙන්නා එකතු වෙලා මොන මොන වගේ වැඩ කරයිද කියලා. එහෙනම් ඔයාලා චිත්‍රපටිය රසවිඳින්න මම යනවා. බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3733 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පමිත උත්පල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-11-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ………..good luck ………
Thank you for the subtitle
ජය වේවා
Thank You.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
All the best Pamitha❤️
Sub eka download karanna bane. Page Not Found kiyala penwanne.
එහෙම ගැටළුවක්නම් නැහැ. ALT යතුර ප්‍රෙස් කරගෙනම ඩවුන්ලෝඩ් කරලා බලන්න.
upasirasa ganveemata sthuthi
eth sub eka downlard keranna ba poddak balanna
Niyamai malli..
බොහොම ස්තූතියි …. !
පළවෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්…
තව තවත් උපසිරසි නිර්මාණයට ශක්තිය, වාසනාව, කාලය ලැබේවා…
~ ජය වේවා ~
Thank you ayye..
පලමු වැඩේට සුබපැතුම් මලේ. දිගටම සබ් දෙමු. ජය
Good work friend, thanks for the sub!
පළමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්….
Well done malli. Keep it up. All the best!
බොහෝම ස්තූතියි උපසිරැසියට…
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
supiri
පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් සහ අනිත් දේවලුත් සාර්ථකව කරගන්න අවශ්‍ය කාලය හා හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙂
ජය… 😀
උපසිරැසි පෙළ ගොඩක් හොඳයි. තවත් මේ වගේ ඒවා කරන්න ඕන කොල්ලො.
Thanks mchan