Maboroshi (2023) Sinhala Subtitles | අත්‍යත යථාර්ථයක සිරවී… [සිංහල උපසිරසි]
Maboroshi (2023) Sinhala Subtitles
මබොරොෂි ( まぼろし ); මේ ජපන් වචනයෙ සරලම සිංහල තේරුම වෙන්නෙ, “මායාව.” එහෙම නැත්නම් “යම් අස්වාභාවික දෙයක්” යන අර්ථයෙන් වුනත් අපිට මේක වරනගන්න පුලුවන්. ඉතින් ඇයි මේ වගේ අර්ථයකින් මේ චිත්‍රපටය නම් වෙලා තියෙන්නෙ? මේක බලාගෙන යනකොට ඒ ඇයි කියල ඔයාලට තේරෙයි.
Maboroshi (2023) Sinhala Subtitles
කාර්මික විප්ලවය ඇරඹුනු දා පටන්, “මිෆුසෙ” නගරයෙ ජනතාව, “කන්සරි” කන්දෙන් ලැබුණු මහා යකඩ සම්පතේ ආශිර්වාදය සමඟිනුයි ජීවත්වුණේ. මේ මහා අයෝමය ආශිර්වාදය මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසපු, මිෆුසෙ නගරයෙ යකඩ වැඩපොළ මේ නගරයෙ හදවත බඳු ස්ථානයක්. ඉතින් ගෙවීගිය තවත් එක දවසක, මේ මිෆුසෙ නගරයෙ ජීවත් වෙන “කිකුයිරි මසමුනේ” කියන කොලුවා තම මිතුරන් සමඟ ඇතුලත් වීමේ විභාගය වෙනුවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවෙනවා. එදා රාත්‍රියෙ ඉහත කිව්ව යකඩ වැඩපොළේ මහා පිපුරුමක් සිදුවෙන්නෙ කවුරුත් නොසිතපු මොහොතක අනපේක්ෂිත සිද්ධියක් ලෙසින්. මේ සිදුවීමට පසුව මිෆුසෙ නගරයට මොනවිදිහෙ අස්වාභාවික සංසිද්ධියකටද මුහුණ දෙන්න වෙන්නෙ කියල, මේ නගරයෙ ජීවත්වුණු කවුරුත් එදා රාත්‍රියෙ දැනගෙන හිටියෙ නෑ…
Maboroshi (2023) Sinhala Subtitles
2023 සැප්තැම්බර් 15 වෙනිදා විකාශය වීම ඇරඹුණු මේ ඇනිමේ චිත්‍රපටය, මේ වෙනකොට කොයිකවුරුත් දන්නා පෙරළිකාර ඇනිමේ ස්ටුඩියෝවක් වෙන Maruyama Animation Produce Project Association නොහොත් “MAPPA” වෙතින් Original Anime එකක් විදිහට නිකුත් කරන්නක්. Original Anime එකක් කියන්නෙ මන්ගා එකක් හෝ ලයිට් නවල් එකක් මූලාශ්‍ර කරගන්නෙ නැතුව අලුතෙන්ම නිර්මාණය වෙන ඇනිමේ එකක්.
Maboroshi (2023) Sinhala Subtitles
Drama කියන වර්ගීකරණයට අයත්වෙන පැය 1යි විනාඩි 51ක ධාවන කාලයක් සහිත මබොරොෂි; මේ ඇනිමේ චිත්‍රපටය මේ වසරෙදි පැවැත්වුණු 78වෙනි Mainichi Film Awards හීදී Best Animated Film Award එකත්, ඒ වගේම 2nd Niigata International Animation Film Festival හීදී Kabuku Award එකත් දිනාගන්න සමත්වෙනවා. ඒ විදිහට ගෞරව සම්මානවලට පාත්‍රවෙන මබොරොෂි, මේ ලිපිය ලියන මොහොත වෙනකොට ඇනිමේ වෙනුවෙන්ම වෙන්වෙලා ඇති MAL නොහොත් MyAnimeList තුළින් 7.2ක අගයක්, Imdb 6.3ක අගයක් සහ Rotten Tomatoes තුළින් 75%ක ප්‍රතිශතයක් දිනාගන්න සමත්වෙනවා.
Maboroshi (2023) Sinhala Subtitles
Maboroshi (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB RIP පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 814 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank You.
බොහෝම ස්තූතියි.
සුපිරි ❤️❤️❤️
Oke sinhala dubb ekak swarnawahini eke giya
Thanks.puluvnnm stiens gate dennako