MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E02] with Sinhala Subtitles | සරාගී කුඩම්මා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 25 votes.
Please wait...

Lucifer S2-1

ලුසිෆර් කතාමාලාවේ සතිදෙකක නිවාඩුවෙන් පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්නයි මේ සූදානම. ඒගැන දැනුවත් කරන්න බැරිවීම ගැන සමාවෙන්න ඕනි. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අද කතාවේ මොනාද උනේ කියලා බලමු.  අද කතාව බලන්න කලින් මේ පහල ලිපිය පොඩ්ඩක් කියෙව්ව නම් හොදයි කියලා මොකද පොඩි අපහැදිලි තාවයක් වෙයි කියලා සැකයක් තියන නිසා.

 මම මුල් එපියේ කිව්වා මේ දෙවෙනි කතාසමය ලුසිෆර්ගේ අම්මා සම්බන්ධව තමයි වැඩි බරක් යොමු කරලා තියෙන්නේ කියලා. ලුසිෆර් කලින් හිතුවේ එයාගේ අම්මා එන්නේ එයාව මරන්න කියලානේ. ඒත් අන්තිමේදී ලුසිෆර් හිතනවා එයා මෙච්චර කල් ඒක නොකරන ඉන්නේ තමන්ව මරන්න ආපු හින්දා නෙවෙයි කියලා. කොහොම උනත් පළවෙනි එපි අවසානයේ අම්මා ලුසිෆර් ගාවට එන්නේ උදව් කරන්න කියාගෙන. අද කතාව පටන් ගන්නේ ලුසිෆර් ගේ අම්මා ඒ ශරීරයට ආවේ කොහොමද කියලා පැහැදිලි කිරීමකින්. ඔයාලා දන්නවනේ අම්මාගේ ආත්මයට ඇගක් ඇතුලට එන්න පුලුවන් වෙන්නේ ඒ සිරුර මැරිලා තත්පර ගානක් ඇතුලත විතරයි. ඒ අනුව එයා චාර්ලොට් කියලා ඝාතනය කිරීමකින් මිය ගිය නීතිඥවරියකේ සිරුරුකට යනවා. ඒ මැරණ පරීක්ෂණය තමයි අද ඩ්‍රෙකර් ට හම්බවෙන්නේ විසදන්න. ලුසිෆර් ඩ්‍රෙකර්ට කියන්නේ නැහැ ඒ අම්මා කියලා. ඝාතකයා හිතන්නේ චාර්ලොට් මැරුනා කියලා. එයා මරන්නේ ඉස්කුරුප්පු නියනකින් බෙල්ලට ඇනලා. 😀 ඒකත් කියන්න ඕනි නැත්තම් ඔයලා බලයි නියනක් කොහෙන්ද කඩාපාත් උනේ කියලා. අම්මා අද ලුසිෆර් ගෙන් ඉල්ලනවා එයාට පෘතුවියේ ඉන්න දෙන්න කියලා. ඒත් ලුසිෆර් ඒකට කැමැත්තක් දක්වන්නේ නම් නැහැ. චාර්ලොට් ගේ මරණයෙන් පස්සේ ලුසිෆර් ගේ අම්මා එයාගේ සිරුරට ආව නිසා ඝාතනය සිද්ද වෙන ස්තානයෙන් චාර්ලොට්( වැහිලා ඉන්නේ අම්මා) එතනින් එනවා. ඒත් ලුසිෆර් දකිනවා තවත් කොලු ගැටයෙකුගේ මළසිරුරක් තියෙනවා. ලුසිෆර් සැක කරනවා අම්මා එයාව මැරුව කියලා. ඒ සැකය ඩ්‍රෙකර්ට කියන්නේ නැතුව වෙනදා වගේ පරීක්ෂණ කරන්න ඩ්‍රෙකර්ට එකතුවෙනවා. මොකද එයාට පුලුවන් අම්මා ඒ කොල්ලව මැරුවද නැද්ද කියලා හොයාගන්න.

හරි එහෙනම් කතාවේ ඉතුරු කොටස දැනගන්න කතාව නරඹන්න. වෙනදා වගේම අදත් කතාවේ රසය එහෙමම තියනවා.මුණගැහෙමු ඊලග කතාවෙන්. රැදෙන්න ලුසිෆර් කතාමාලව සමගින්.

– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E02.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 46832 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                      All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

42 thoughts on “Lucifer [S02 : E02] with Sinhala Subtitles | සරාගී කුඩම්මා [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *