Love Death + Robots [S01 : E13 & E14] Sinhala Subtitles | ලකී 13 සහ සිමා බ්ලූ..! [සිංහල උපසිරසි සමඟ] [18+]
ආයුබෝවන්..!
දහතුන්වැනි කතාංගය: ලකී 13..!
ලෝකයේ බොහෝ තැන් වල 13 අංකය අසුබ අංකයක් ලෙස තමයි විශ්වාස කෙරෙන්නෙ. ඔබ දන්නව හොටෙල් කර්මාන්තය තුළ පවා අංක 13 නමින් කාමරයක් වෙන් කරන්නෙ නෑ. 12ට පසුව ඔවුන් 14 තමයි කාමර අංකයක් සඳහා පාවිච්චි කරන්නෙ. මේ කියන්න යන්නෙ 13 අංකයෙන් ආරම්භ වෙලා 13 අංකයෙන් අවසාන වෙන, අංක වල එකතුව පවා 13 වන ගුවන් යානාවක් ගැන. කටර් කියන්නෙ ආධුනික ගුවන් නියමුවරියක්. ආධුනික නිසා ඇයට ලැබෙන්නෙ කාටවත් එපා වුණු මේ 13 ගුවන් යානය. මේ 13 යානව මීට පෙර අවස්ථා දෙකකදී, මරණය රැගෙන ආ යානයක්. කටර් හට පුළුවන් වේවි ද, මාරයා පරදා අවාසනාවන්ත 13න් වාසනාව ගේන්න?
දහහතරවැනි කතාංගය: සිමා බ්ලූ..!
මේක ටිකක් වෙනස් කතාවක්. මනුෂ්‍ය පරිකල්පනයේ ටිකක් ඈත්ට ගිය කතාවක් නමුත් අවසානයේ සරළ බව අගය කෙරෙන කතාවක්. මනුෂ්‍යයෙකු යැයි කියාගන්නා රොබෝ කෙනෙක් ගැන නොවන රොබෝ කෙනෙක් තුළ ජීවත් වන මනුෂ්‍යයෙකුගේ කතාවක්. සියල්ල අත්පත් කරගත් පසු කෙනෙකුට ලැබිය හැකි තෘප්තිය කුමක්ද? මේ කතාංගය ඇතුළෙ ටිකක් බෞද්ධ සංකල්පයක් අඩංගු බව මට තේරුණා. එහෙනම් ඔන්න ඔබට බාරයි මේ ටිකත්. ඊලඟ කොටස් දෙක අරගෙන ඉක්මනින් එන්නම්. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5123 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට බොහෝම ස්තූතියි
ස්තූතියි උපසිරසි වලට…
Sub ekata thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…..jayawewa……!
Niyami.X FILES SEASON 8 SINHALA SUB DENNA PULUWANDA,,
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank You Bro Sub ekata