Lost in Translation (2003) Sinhala Subtitles | අපිට නොතේරුනේ භාෂාව විතරද…? [සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ සුබ දවසක් වේවා. කාලෙකට පස්සෙ ආයෙමත් සබ් එකක් අරං ආව. වැඩ කටයුතු සහ විභාග වැඩ නිසා පහුගිය මාස කීපයක්ම ටිකක් කාර්‍යබහුල උනා. ඒත් හැබැයි බයිස්කෝප් එකේ ෆිල්ම් , ටීවී සීරිස් බලන එකනම් අඩු කලේ නෑ . ඒවා ඉවර උන ගමන්මයි මේක කලේ.
ඔයාලට මේකෙ කතාව ටිකක් කියන්නම්, බොබ් හැරිස් කියන්නෙ 70දශකයෙ ඇමරිකාවෙ හිටපු ජනප්‍රිය සිනමා තරුවක්. මේ වෙනකොට මෙයා මැදිවියේ තමයි පසුවෙන්නෙ. හැබැයි වර්තමාන කාලෙ වෙනකොට එයාගෙ ඒ තිබ්බ ජනප්‍රිය බව එදා තරම්ම තිබ්බෙ නෑ . ඒ නිසා මෙයාට වෙළෙඳ දැන්වීම් වගේ දේවල් වලට පෙනී සිටින්න වෙලා තියෙනවා. ඒවගේ කටයුත්තකට මෙයාට ජපානෙට යන්න වෙනවා. එයා ගියාට යන්නෙ කැමැත්තකින් නෙවෙයි . මොකද එහෙ භාෂාව මිනිසමිනිස්ස්සු මෙයාට තේරුම් ගන්න අමාරු නිසා. ඉතිං ඔය විදියට ඉන්නකොට මෙයාට හම්බවෙනවා මෙයා වගේම ජපානෙ සංචාරය එපාවෙලා ඉන්න චාලට් කියන තරුණිය. දෙදෙනාගේම පොදු රුචිකත්වය නිසා ඉක්මනින්ම දෙන්නා ගජ යාළුවො වෙනවා. ඉතිං කතාවෙ පදනම තමයි ඔය කිව්වෙ. ඔක්කොම කියලත් බෑනෙ.
චිත්‍රපටියෙ නිර්මාණය දායකත්වය ගැන කියනවනම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sofia Coppola විසින් . එතකොට නිෂ්පාදනය Francis Ford Coppola ඇතුළු අටදෙනෙකු සමන්විතව කණ්ඩායමක් තමයි කරලා තියෙන්නෙ . තිර රචනයත් Sofia Coppola විසින් තමයි කරලා තියෙන්නෙ . එතකොට Scarlett Johansson, Bill Murray දෙපළ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 2003 ඔක්තෝබර් 03 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මෙය විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. ඇමරිකානු ඩොලර් මිලියන 4ක පිරිවැයක් දරා ඇති අතර ඩොලර් මිලියන 119.7ක ආදායමක් ලබා ඇති බවට බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වෙලා තිබෙනවා. ඒවගේම IMDb දර්ශකයෙ 7.8ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. තවද මෙය Drama යන ඛාණ්ඩයට තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ.
මෙම සළරුව 2004 Academy Awards, USA (2004) (ඔස්කාර්) හිදී Best Writing, Original Screenplay සඳහා සම්මානය දිනාගැනීමට සමත්වෙලා තියෙනවා. ඒවගේම තවත් සම්මාන 4කට නාමයෝජනා වෙලා තිබෙනවා. මේවගේ තව විස්තර ගොඩක් තියෙනවා. දැනට මේ ඇති වගේ. කතාව බලන්නකො, මේකෙ තියෙන ලස්සනම දේ තමයි කතාවෙ අවසානය අපිට ඕනෙ විදියට ලස්සනට මවාගන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නෙ.
එහෙනම් යාළුවනේ ඉක්මනින්ම තවත් නිර්මාණයකින් මුණගැහෙමු. ගිහින් එන්නම් , ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2341 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Thanxx bro…………………….
thanx
thanks for the sub
බොහොම ස්තූතී
දැනුයි සබ් එක හොයාගන්න පුළුවන් වුනේ
උපසිරසියට බොහොම ස්තුති
Thank u Gayan brother & baiscope team for the sub, all the best to baiscope team……………
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……..!
thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks macho.. for sub
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
එල
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan……jayawewa…..!
බොහොම ස්තූතියි සහෝ
subata thanks saho…keep it up….
Tnx bro.. gdk dws indan blnna htya film ekk
Thanks bro sub ekata
Ela saho thanks
Ela.
ස්තූතියි සබ් එකට..
Gd luck…
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanx bro