Lookism aka Oemojisangjuui [S01 : E05 & E06] Sinhala Subtitles | කරුණාවන්තකම, නිර්දේශය [සිංහල උපසිරසි]
Lookism aka Oemojisangjuui [S01 : E05 & E06] Sinhala Subtitles
හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් අපි ආයෙත් එකතුවෙලා ඉන්නෙ lookism කතාවෙ season 01 episode 05 සහ 06 යන කතා වල උපසිරැසි එක්කයි. අපි දැන් කතාවෙ වැදගත්ම කොටස් වලට තමා ඇවිත් ඉන්නෙ. හරි එහෙනම් දැන් අපි කතාව ආයෙත් මතක්කරගෙන ඉමු.
බස්කෝ කියන්නෙ අපි හිතපු නැති විදියෙ ගොඩක් හොඳ චරිතයක් වගේම එයා පාර්ක් හ්යොන්ග්-සොක් වයි කන්නාඩි දාන ඉතිරි කොල්ලා park ji-ho වයි jin-song ගෙ යාලුවොන්ගෙන් බේරගන්නව episode 03 දි ඔයාල දකින්න ඇති. ඒත් එයාලත් එක්ක jin-song හිටියෙ නැති හේතුව ඔයාල දන්නව ඇති කියල හිතනව. ඉස්කෝලෙදි පාර්ක් හ්යොන්ග්-සොක් බස්කෝට කතාකරන්න ගිහින් එතන පොඩි වලියක් යන්න හැදුවත් පාර්ක් බිම් ජේ එයාලගෙ රන්ඩුව නවත්තල බස්කෝව එතනින් එක්කන් යනව ඔයාල දකින්න ඇති. ඊටපස්සෙ එයා හැමදාම ආසාවෙන් හිටිය යාලුවො එක්ක විනෝද වෙන එකටත් එයාට අවස්ථාව ලැබෙනව. ඒ විතරක් නෙවෙයි පලවෙනි පාරට බීපු නිසා ලොකු අකරතැබ්බයකටත් එයාට මූන දෙන්න වෙනව.
ඒ වගේම episode 04 දි, Park hyong-sok ගෙදර ඇවිත් බලනකොට එයා එයාගෙ අම්මා අර මහත ඇඟ දිහා බලල ඇයි අද ඉස්කෝලෙ ගියේ නැත්තෙ කියල අහනව. ඒත් ඇත්තටම එයා handsome body එකෙන්නෙ ඉස්කෝලෙ යන්නෙ එයා part time job එකක් කරන නිසා රෑට ඇහැරල ඉන්න වෙන නිසා එයා හොඳටම නිදි. එයා කැත ඇඟෙන් ඇහැරුනොත් අනික් එකට අනිවාර්යෙන්ම නිදාගන්න වෙනව. ඒ නිසා එයා අම්මව කෝපි එකක් බොන්න කැෆේ එකට එක්කන් යනවනෙ. ඊටපස්සෙ ඒ කැෆේ එකේදි බස්කෝ Park hyong-sok එයාගෙ අම්මගෙන් සල්ලි ගන්නව දැක්කට පස්සෙ එයා ඒක වැරදි විදියට හිතාගෙන එතන ඒ දෙන්න fight කරල බස්කෝ බිම වැටුණු තැනින් තමා කතාව ඉවර උනේ.
අපි එහෙනම් ඉතුරු ටික කතාවෙන්ම බලාගමු episode 05 -මේකෙදි ඔයාලට අපි ගුප්ත silent චරියක් විදියට දැකපු රත්තරන් පාට කොන්ඩෙ තියෙන කොල්ලා jae yeol මොනවාගේ කෙනෙක් ද?ඒ වගේම කලු කැප් එකක් දාගෙන ඉන්න vocal music class එකේ ජීන් හෝ බින් කියල කෙනෙක් ගැනත් මේ episode එකෙන් ඔයාලට බලගාන්න පුළුවන්.
Episode 06 ගැන කියනව නම් කතාවෙ වැදගත්ම කොටස විදියට මම දකින්නෙ මේ කොටස මේක ඔයාල අනිවාර්යෙන්ම ගොඩක් අවදානෙන් බලන්න ඕන episode එකක්. මේකෙ දි ඔයාලට Park hyong-sok ගෙ මුලින් තිබ්බ ඇඟ වගේ පෙනුම තියන කොල්ලා පායොන් ඩියොක්-හ්වා කියන්නෙ කව්ද කියලත් බලාගන්න පුළුවන් එහෙනම් ඔයාලට කතාව ස්පොයිල් වෙන නිසා මම කතාව මෙතනින් නතර කරනව. එහෙනම් අපි කතාවෙ ඊගාව කොටසින් හම්බවෙමු
ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 420 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you so much ..
Thank you ️