Lockwood & Co. [E01] Sinhala Subtitles | එක්සත් භූත දඩයක් කරුවන් ගේ සංගමය. [සිංහල උපසිරසි]
Lockwood & Co. S01 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ සැරසෙන්නෙ තවත් වික්‍රමාන්විත ටෙලි කතා මාලවක් ඔබ වෙත අරගෙන ඒමටයි. මේක මේ අවුරුද්දෙ Netflix ආයතන විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉහළ imdb අගයක් ලබා ගැනීමට සමත් උන ටෙලි කතා මාලාවක්. කතා මාලාවට යන්න කලින් මේ Lockwood & CO ගැන ඔයාලට දල අදහසක් ලබා දෙන්න මම කැමතියි.
Lockwood & CO කියල කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක් වන Jonathan Stroud විසින් රචිත යොවුන් නවකතා මාලාවක්. මෙහි පළවෙනි නව කතාව 2013 වර්ශයේ The Screaming Staircase නමිනුත්,දෙවන නවකතාව 2014 වර්ශයේ The whispering Skill නමිනුත් තෙවන නව කතාව 2015 වර්ශයේ The Dagger in the Desk නමිනුත් සිව් වන 2016 පොත The Hollow Boy නමිනුත් පස් වන නවකතාව 2017 වර්ශයේ The Creeping Shadow නමිනුත් හයවන නවකතාව 2018 වර්ශයේ The Empty Grave නමිනුත් ප්‍රකාශයට පත් කෙරුනා. නව කතා ත්‍රිත්වය දොරට වැඩී තෙවසරක් ගතවන විටත් ආදායම් වාර්තා බිඳ දමමින් ඉතා ඉහල පාඨක රසික හදවත් ප්‍රමාණයක් ඈඳා ගැනීමට Lockwood & CO නවකතා රචක Jonathan මහතාට හැකි වනවා.
Lockwood & Co. S01 Sinhala Subtitles
Lockwood & CO නවකතා පොත් මාළාව
ඒ ලබාගත් ප්‍රේක්ෂක වාර්තා හේතුවෙන් ම Netflix ආයතනාය විසින් මෙම නවකතා පොත් මාලාව ඇතුළත් කර ටෙලි කතා මාලාවක් ගෙන ඒමට කටයුතු කරන්නෙ,පළමු කතා සමය පළමු පොත පාදක කරගෙනත්,දෙවන කතා සමය දෙවන පොත පාදක කරගෙනත්,තෙවන කතා සමය තුන් වන කතාපොත පදනම් කරගෙනත් සිව්වන,පස්වන හයවන කතාසමයන් ඒ අදාල නවකතා පදනම් කරගෙනත් සේ කතා සමයන් හයක ටෙලි කතා මාලාවක් ලෙස නිර්මාණය කිරීමටයි.
කතා මාලාවෙ ප්‍රධාන චරිත සහ විස්තර
ඇන්තනි ලොක්වුඩ්
නම:- ඇත්නති ලොක්වුඩ්
වයස:- 16
Lockwood & CO සමාගමේ හිමිකරු
විශේෂ හැකියා:- මාරක දීප්ති දර්ශනය (වියරු මරණයක් සම්බන්ධ සටහනක් දර්ශනය වීමේ හැකියාව)
ලුසී කාලයිල්
නම:- ලුසී කාලයිල්
වයස:- 16
Jackob & CO ආයතනයේ පුහුණු ලාබිනියක්.
විශේෂ හැකියා:- Listner කෙනෙක්. (සවන් දෙන්නියක්,එනම් මිනිස් කනට ගෝචර නොවන අත්භූත ශබ්ධ ශ්‍රවනය කිරීමට ඇති හැකියාව.)
මෙන්න මෙයාල තමා කතා මාලාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ. කතාව ගත්තොත් එහෙම මේ ළමා පරීක්ෂයොන් ට පුළුවන් නෙ භූත දඩයම් වගේ දේවල් කරන්න. ඔයාලට කතා මාලාවෙදි ටිකක් අමුතු වචන ටිකක් ඇහෙන්න ඇති. ඒවගෙන් එකක් තමා මේ DEPRAC කියන වචනය. DEPRAC කියල කියන්නෙ ඔය භූත දඩයම් පුහුණු ආයත සහ දඩයම් කරන ඒජන්සි සියල්ලම එකට එකතු වෙලා හදාගත්ත සමූහයක් වගේ එකක්. එතනදි එයාලගෙ ඉදිරි සැලසුම්,නීති රෙගුලාසි,අය වැය වාර්ථා වගේ දේවල් නිර්මාණය වෙනවා.
අනික් නම තම මේ Rottwel සහ Fittes කියල කියන්නෙ. ඒ ඇවිල්ල ලන්ඩන් නගරයේ හිටපු ඉතා කීර්තිමත් භූත දඩයක් කරුවො දෙන්නෙක්. ඒ දෙන්න වගේ ශ්‍රේෂ්ඨයො වෙන්න තමා ඉතිං ඔය අනික් සේරම සෙසු පොඩි භූත දඩයක්කරුවො දඟලන්නෙ.
අදවෙනකොට මේ Lockwood & CO කතා මාලාව 7.1/10 ක IMDB අගයක් ලබාගෙන තිබුනත්,අවාසනාවන්ත විදියට Netflix ආයතනය විසින් මේ කතා මාලාව අවලංගු කරල තියෙනව.මේ වගේ හොඳ කතා මාල අවලංගු කරන එක කොහොමත් Netflix සිරිතනෙ.කොසේ හෝ මේ වගේ කතා මාලාවක පළමු කතාංගය හරි ඔයාලට මෙහෙම අරගෙන ලැබුන එක මට ඇත්තටම වාසනාවක්. එහෙනම්.හැමෝටම කතා මාලාව නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමු ගන්නව.හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1929 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Thanks a lot Dulaksha saho sub ekata
ස්තූතියි දුලක්ෂ සහෝ උපසිරැසියට… කවදමහරි සබ් දෙයි කියලා බලාගෙන හිටපු සීරිස් එකක්….
ජයවේවා…………..
supiri ithuru tikath ikmanata oni
star wars ahsoka ekatath sub dennako plzzz
amboooo dila balagena htye denakn ,,,
Link එක දෙන්න කෝ
දෙයි කියල හිතුවෙවත් නැති series එකක්, ගොඩක් ස්තුති සහෝ ජය වේවා ඔබට.. මේක ඉවර වෙනකං දෙන්න අපි බලන් ඉන්නවා..