Little Mom [E10] Sinhala Subtitles | නවුරාගේ රහස හෙළිවෙයිද ? [සිංහල උපසිරසි]
Little Mom [E10] Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom [E10] Sinhala Subtitles
අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom [E10] Sinhala Subtitles
එහෙනම් අපි Little Mom කතා මාලාවෙ නවවෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom [E10] Sinhala Subtitles
කීනන්, පියාගෙන් තමන් උදව් කලේ නවුරාට බව දැනගත් විට දැඩි කම්පනයකට පත්විය. නැවත රෝහල වෙත දිවයන කීනන් ඔහුගේ නැන්දනියගෙන් හා සෙලීන්ගෙන් ප්‍රශ්න කරන්නෙ තමන්ට මෙතරම් ලොකු බොරුවක් කලේ ඇයිද යන්න අසමින්.. නවුරාට දැඩි ලෙස ප්‍රේම කල කීනන්ට මෙම පනිවිඩය හදවත හරහා එල්ල කල හී පහරක් මෙන් වූ බව දකින්න ඇතිනෙ. මේ නිසා කීනන් දුකෙන් හඩාවැටෙනවා. කීනන්ව හමුවන ඔහුගේ නැන්දා විසින් නවුරාට ප්‍රේම නොකරන ලෙසත් එසේ උවහොත් ඔහුත් තමාගේ පියාගේ තත්වයටම පත්විය හැකිබවත් පවසනවා..
අවසානයේ නවුරාගෙන් වෙන් වන කීනන් නැවත ජාකර්තා වෙත පැමින තමාගේ පාසල් ගමන ආරම්භ කරනවා. එහිදී ඔහු පාසලේ “කරදරකාරයා” යන භූමිකාවට නැවත පණදෙන ආකාරය දකින්න ඇතිනෙ. ඒ වගේම යූඩගේ අනතුර නිසා ඔහුගේ එකම සිහිනය වූ ජාත්‍යන්තර බාස්කට්බෝල් තරුවක් වීමේ සිහිනය බොඳවෙනවා. ඒ ඔහුගේ කකුලට අනතුරින් හානි පැමිණීම නිසායි. මේ අතර නවුරාත් තමාගේ පාසල් ගමන නැවත ආරම්භ කරන අතර නවුරා දැකීමෙන් නැවතත් කීනන්ගේ සිතේ නවුරා කෙරෙහි ආදරයක් ඇතිවනවා. එය කීනන් විසින් නවුරාට ප්‍රකාශ කරනවා. එම යෝජනාවට නවුරා කැමැත්ත පලකරනවාත් සමග නවවෙනි කොටස
අවසන් වනවා..
අද කොටසෙන්,
නවුරා හා කීනන් ආදරයෙන් කාලය ගත කරන ආකාරය දකින්න පුලුවන්.. ඒ වගේම යූඩා ලෙස බොරුවට අගවමින් පුද්ගලයෙක් නවුරාට කෙටි පණිවිඩ යොමුකරන අතර මෙයට අසුවන නවුරාට අවසානයේදී මුහුන දීමට සිදුවන්නේ ඇය කිසිසේත් නොසිතූ අකරතැබ්බයකටයි. මේ සියල්ල දැනගන්න දහවෙනි කොටසත් නරඹන්න..
එහෙනම් එකලොස්වෙනි කොටසෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුභ දවසක්…
Little Mom [E10] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 262 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Little Mom [E10] Sinhala Subtitles
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..