Krypton [S02 : E05] Sinhala Subtitles | මරණීය දණ්ඩනය..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ..!
මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. හරි ඉතිං දැන් කට්ටිය දන්නවනෙ වෙග්තෝර් වල ඉඳල ජැක්ස්, වැල් ඇතුළු කැරලිකරුවන් යුද්ධයට සූදානම් වෙන අතරෙ, සොඩ්, ලයිට එක්ක කැන්ඩෝර් වල ඉඳල යුද්ධය සඳහා පිඹුරුපත් සකසනව. ඒ අතරෙ නීසා ඉන්නෙ වෙනම මෙහෙයුමක. ඒ තමයි කෝඩෙක්ස් එක හොයාගෙන ඒක, සොඩ්ගෙ අතට පත් කරන එක. අවසාන කතාංගයේ අපි දැක්ක නීසා ඒ වැඩේ සාර්ථකව කළා කියල. ඒ විතරක් නෙවෙයි වැල් සහ ජැක්ස් අතරෙ අවිශ්වාසයක් ඇති කරන්නත් මේක නිසා ඉඩ සැකසුනා. මේ දේවල් මෙහෙම වෙනකොට ලයිට සොඩ්ගෙන් ඉල්ලීමක් කළා වෙග්තෝර් වලට යන්න ඕනෙ කියල. සොඩ් අමාරුවෙන් ඒකට අවසර දුන්න. කෙම්, ඇඩම් එක්ක සෝපාන පාදම් මධ්‍යස්ථානය අල්ලගන්න එනකොට, ලයිට ඔවුන්ව කොටුකර ගත්ත. ඔහොම තමයි කලින් කොටස ඉවර වුණේ.
අද කොටසින්..
අද කතාංගය ඇතුළෙ නම් ටිකක් අනපේක්ෂිත දෙයක් වෙන්නෙ. ජැක්ස් සහ වැල් සැලසුම් කරපු හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා ඔවුන්ගේ භූමි සහායක කණ්ඩායම සමූල ඝාතනය වුණාට පස්සෙ බලය ලයිට අතට යනව. හැබැයි ඊට පස්සෙ ලයිට යෝජනා කරනව වැල් සහ ජැක්ස් දෙන්නට ඇවිල්ල එකඟතාවයකට ආවොත් යුද්ධයක් නොකර, අවම හානියක් ඇතුව යුද්ධය අවසන් කරන්න පුළුවන් කියල. ජැක්ස් සහ වැල් ඒ අනුව ලයිට හමු වෙනව. ඔන්න එතනදි බලය ආයෙත් මාරු වෙන ආකාරයේ සිදුවීමක් වෙනව. මේ අතරෙ සෙග් ඉන්නෙ සොඩ්ව අල්ලගෙන. හැබැයි එතන තවත් බල පෙරලියක් වෙනව වෙග්තෝර් වල සහ කැන්ඩෝර් වල බලය තුලනය වෙන ආකාරයේ. මේ දේවල් මෙහෙම වෙනකොට, ජෙයිනා, ඩෙව් එක්ක කැන්ඩෝර් වලට ඇතුළු වෙලා සොඩ් ඉන්න තැනට එනව. මේ සිදුවීමෙන් පස්සෙ හරි අපූරු දෙයක් වෙනව. මේ වෙනකල් දරුණු හතුරෙක් කියල සෙග් හිතාගෙන ඉන්න කෙනෙක්ගෙන් සෙග්ට අසාමාන්‍ය ආකාරයේ බලයක් ලැබෙනව. කොහොමහරි වෙග්තෝර් සහ කැන්ඩෝර් වල බල අරගලයේ බිල්ලක් විදියට අද කතාංගය අවසානයේ මෙතෙක් කතාව තුළ වැදගත් මෙහෙයක් කරපු චරිතයකට මරණීය දණ්ඩනය නියම වෙනව. එහෙනම් බලල ඉන්නකො මොකෝ වෙන්නෙ කියල. ඊලඟ කතාංගය අපේ හසායියා අරගෙන් එයි. මම ගිහින් එන්නම්.. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2106 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
Thanks ……………….good luck ………………
Thanks Machoo….!!! Jayaweva….!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…..!
Please update to HDTV
TNx bro
Supergirl එකටත් sub දෙමු කො.. ep 18 ඉදන් දුන්නේ නැ..
Thanks…!!!
Thanks for sub
බොහොම ස්තූතියි සහෝ
Thank You
Tnx bro
Thankss
thanks udayanga ayiye…..ude idan meka denakan hitiye
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
බොහොම ස්තුති සහෝදරයා
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු….