Killjoys [S01- E09] with Sinhala Subtitle |සතුරු මිතුරු කයිලන්. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි යාලුවනේ ඔන්න මම එහෙනම් නවවෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා..ඉතින් කලින් කොටස ගැන මතක් කිරීමක් අවශ්‍ය නැතැයි මම සිතමි. අද කතාව දිහාවට හැරුනොත් කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඉතින් කොහෙන් හරි පටන්ගන්න එපැයි.
ඔන්න එහෙනම් අද ජෝන් එයාගේ යාළුවා කාර්ලින්ගේ උදව්වෙන් කයිලන් ඉන්න තැන හොයාගන්නවා. ඔහු ඉන්න තැන ගැන ඔයාලට බලලම දැනගන්න මම ඉඩ හරිනවා. ඉතින් ඔහු ඉන්නේ ලේසියෙන් ලගාවෙන්න බැරි තැනක. ප්‍රධාන මුලස්ථානයේ නිලධාරින් සදහාම පමණක් වෙන් වුනු 71 වෙනි තට්ටුවේ. ඉතින් ඩච්, ජෝන්, ඩාවින් ඇතුළු කණ්ඩායම කොහොමහරි මේ බාධකය ජයගෙන කයිලන්ව හොයාගෙන යනවා. ඩච් යන්නේ කයිලන්ව කොහොමහරි මරලා දාන අරමුණින්. නමුත් ඊට කලින් ඇයට අවැසි වෙනවා ඇයගේ ජීවිතය ගැන තොරතුරු. ඉතින් මේ තොරතුරු හොයාගෙන ඇය කයිලන්ව මරයිද නැද්ද කියලා බලලම දැනගන්න. ඒ වගේම කියන්න ඕනේ ජෝන් හොයාගන්නවා ඔවුන් දැනට දැකලවත් නැති පරිගණක තාක්ෂණයක්. red 17 ගැනත් යම් ඉගියක් අද කතාවෙන් ලබාදෙනවා. කට්ටියට මතක ඇතිනේ red 17 මොකක්ද කියලා. පස්වෙනි කොටසේ red 17 ගැනනේ ගියේ.
හ්ම්ම්.. දැන් මේ කිව්ව ටික හොදටම ඇති වගේ පේන්නේ. හරි එහෙනම් මට නම් මේක තමයි මෙතෙක් උපසිරසි පළ කල කොටස්වලින් හොදම එක. ඔයාලත් බලලම කියන්නකෝ ඔයාලටත් එහෙමද කියලා? එහෙනම් වැඩි ප්‍රමාදයක් නොදක්වා 10 වෙනි කොටස නැතහොත් කතා මාලාවේ අවසන් කොටසත් හැකි උපරිම ඉක්මනට අරන් එන අපේක්ෂාව උඩ මම සමුගන්නවා. එහෙනම් ඔයාලගේ අදහස් එහෙම කොටාගෙන යන්න.
[button link=”http://tinyw.in/sMm8″ type=”icon” “center” newwindow=”yes”] 297 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1004 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔබට ජය!!!!!
තෑන්ක්ස් සහෝ!
ජය!
Thanks
පට්ට පට්ට
thankssss
ම්ම්ම්…අන්තිම හරියට එනකොට බලන කට්ටිය අඩුවෙලා වගේ…