Kickboxer: Vengeance (2016) with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලයට එකතු උනා. ඒක නිකං බැන්ද දවසෙම ළමයි හම්බ උනා වගේ වැඩක්. මාත් අත ඇරියේ නෑ. හෝම් කමින් එකට මං ගානේ පැය 24ක් ඇතුළත ඔන්න සිංහල උපසිරැසිය ඔයාලට දෙනවා. කතාව කොච්චර වලි බර ද කියනවා නම් මුළු කතාවටම වලියක්.
හරි ඔන්න කතාව ගැන ටිකක් කියන්නම්. කර්ට් (Alain Moussi) ගෙ අයියා එරික් (Darren Shahlavi) කියන්නේ සටන් කලාවේ ශූරයෙක්. මිනිහ වලි වලට බය නෑ. ඕන අභියෝගයක් දෙපාරක් හිතන්නේ නැතුව බාර ගන්නවා. ඇත්තෙන්ම මිනිහ කතාවෙ හැටියට රන් පදක්කමුත් ගහල තියනවා. ඒත් ඉතිං කොට්ටෝරුවා හැම ගහටම කෙටුවට කෙහෙල් ගහට කොටන්න ගිහින් හොට පටල ගන්නවනේ. එරික් මාසියා (Gina Carano) කියලා ගෑණු කෙනෙක් කියන දේ අහලා මාස්ටර් පෝ (බැටිස්ටා) ට අභියෝග කරලා අනිතිමේදී තමන්ගේ මල්ලි ඉස්සරහම මැරුම් කනවා. මේ විනාශය එක්කම කර්ට් ට මාස්ටර් පෝ ගැන එන්නේ පට්ට කේන්තියක්. කර්ට් ටත් ගහගන්න පුළුවන් උනාට මාස්ටර් පෝ ට අභියෝග කරන්න තරම් හයියක් නෑ. මේ නිසා කර්ට් යනවා එයාගෙ අයියගේ ගුරා මාස්ටර් ඩුරන්ඩ් (Van Damme) ව හම්බ වෙන්න තායිලන්තයට. මාස්ටර් ඩුරන්ට් මුලින්ම කැමති වෙන්නේ නෑ කර්ට් ට උගන්වන්න මොකද එරික් එයාගෙන් ඉගෙනගෙන අන්තිමේදී මැරුම් කෑවනේ. පස්සෙ කොහොමහරි කර්ට්, මාස්ටර් ඩුරන්ඩ් ගෙන් මුවායි තායි සටන් ක්‍රමය ඉගෙන ගන්නවා. ගහගන්න හොඳට ඉගෙනගෙන කර්ට් මාස්ටර් පෝ ට අභියෝගයක් කරනවා එයත් එක්ක සටන් කරන්න. බලන්න ඕන දෙන්න ගහගන්න විදිහ. මා ඇසිපිය නොහෙලා බැලුවා.
මේ කතාවෙ IMDb අගය 5.9ක් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කලේ John Stockwell. Kickboxer චිත්‍රපට මාලාවේ අලුත්ම කතාව විදිහට මේ කතාව සලකන්න පුළුවන්. මීට කලින් Kickboxer කතා වල Van Damme ප්‍රධාන චරිතයට ඉඳලත් තියනවනේ. උපසිරැසිය ඉක්මණටම දෙන්න ඕන නිසා අද මං බස් එකේ යන ගමනුත් කතාව පරිවර්තනය කලා. ළඟ හිටපු මිනිස්සු බලනවා ඇති මට පිස්සු කියලා. ඔය ඕන තරම් කොල්ලො කෙල්ලො ලව් කරන්නේ බස් එක ඇතුලේ. මං ලැප්ටොප් එකක් ඇරන් හිටියම මොකද වෙන්නෙ නේද? හරි හරි. එහෙනම් ඔන්න කතාව බලන්නකෝ. මේක උණු උණුවේ බලන තරමට තමයි ගැම්ම. අහ්හ්. කියන්න ඕන කතාවෙ පොඩි සීන් එකක් දෙකක් තියනවා. පොඩියි කියන්නත් බෑ. සාමාන්‍ය සයිස් එකේ (කොටු දාන මට්ටමේ කියමුකෝ). ඉතිං පොඩි අය බලන්නේ නැත්නම් තමා හොඳ. මං දන්නවා එහෙම කිව්වම කොහොමත් බලනවා කියලා. අනික මං නොදන්න පොඩි එවුන්.
එහෙනම් උපසිරැසිය බාන ගමන් කමෙන්ට් පාරකුත් දාන් යන්න. Undisputed 4 එකෙත් උපසිරැසිය බාර ගත්තෙ මම. ඒකත් හොඳ කොපියක් ආපු ගමන් එකෙන්ම දෙන්නම්. මේ චිත්‍රපටයට, Undisputed 4 එකට වගේම තවත් දැවැන්ත චිත්‍රපට වලට උපසිරැසි හදන්න මට ස්පොන්සර් කරන්නේ විමා සහෝ. ඉතිං විමා කොල්ලටත් තෑන්ක්ස් පාරක් දෙන ගමන් ලබන ආත්මේ හොලිවුඩ් වල ඉපදෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
“එහෙනම් එකෙන්ම ආපහු සෙට් වෙමු. ජය වේවා! ”
Due to copyright issues, we do not provide any torrent link.
Kickboxer.Vengeance.2016.BR
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 41812 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/ChamikaraV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela brooo
good luck
එලම සහෝ…. බොහොම ස්තූතියි! ජය වේවා!
ela bor thanks
ub ekata tnx patta film eka
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks bro
thanks for sub bro..
thankx sub ekata..kick boxser 2017 reles una ekatath ikmanata sub ekak dennako..
Bro kickboxer movie eke aluth ekak awith sub eka puluwannam danna
patta filumak bro
තෑන්ක්ස් සහෝ…..
tnx bro
බොහෝම ස්තූතියි සහෝ..!
ai me film wala subtitles phone eken download karanna bari?
Thank you
ස්තුතියි සහෝ
ela ela
hdrip ekt sub eka dennako..
niyamai, thawa oya hindi , tamil ahemath karanna balanna
thanks bro 😀
ෆිලුම බැලුවා, සුපර්!
බොහෝම ස්තූතියි සහෝ!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ … 😀
Apdet ekata sthuthi sahoo niyamai
බොහොම ස්තූති සහෝ උපසිරැසියට……..
uparimai saho…
sub eka wada bn
meka weda ne bn wena bashawak yanne
puluwan hama widihatama tri kara bn. comment wala tiyana widihatat baluwa sub eka wada nana
digatama sub dapan machnla. superb site eka….
meke sub wayda karanne wenama language ekakin machan…sinhalin nemey…player dekenma play karala bayluwa.(kmp,mpc)…help ekak denna puluwanda…?
me sub eka download kraal blnna. aniwa wada…..http://www.mediafire.com/download/sd8sszpwbspmahf/Kickboxer.Vengeance.2016.HDRip.srt
Filme eka baganna widiyak dannawanm kwru hri kiyanna pluwanda???
Ayyooo… Sinhala sub aka weda ne. weda karana vidiyata hadanna beri unane
Media Player Classic use karanna!
Link : http://filehippo.com/download_media_player_classic/download/e38e10b8f23638cb2a13e8f918561202/
Hello Mage kmp And Codec Player 2kema Sub eka wada karanna na ne ea ai ?