Keedam (2022) Sinhala Subtitles | පළිගැනීමේ හෝරාව..!! [සිංහල උපසිරසි]
ආයුබෝවන් හැමෝටම. පහුගිය මැයි මාසෙදි තිරගත වීම ආරම්භ කරලා මීට මාසෙකට හමාරකට කලින් අන්තර්ජාලයට මුදාහැරිය අලුත්ම මලයාලම් චිත්‍රපටියක් අරගෙනයි අද මේ එන්නේ. ඉතින් මේ අපේ June එහෙමත් නැත්තම් රජීෂා විජයන් කෙල්ල ප්‍රධාන චරිතයෙන් එකතු වෙන අලුත්ම චිත්‍රපටිය. චිත්‍රපටිය අයිති වෙන්නේ Crime | Thriller ගණයට. ඇත්තටම මහ සද්දෙට මල්වෙඩි රතිඥා දාගෙන එන චිත්‍රපටි වල තියෙන කතන්දරේ දැක්කම අනේ අපොයි කියවෙන කාලෙක, මේ කඩීම් චිත්‍රපටිය හොඳ මට්ටමේ කතාවක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ලොකු බලාපොරොත්තු දෙනවා නෙමේ. අඩුපාඩුවක් කියන්න පුළුවන් චිත්‍රපටියක් නෙමේ. තමන්ගේ වපසරිය ඇතුලේ ඒ පැය එකහමාර ප්‍රේක්ෂකයාට කම්මැලිකමක් නැතුව විඳින්න අවස්ථාව දීලා තියෙනවා මේ කඩීම්. ඉතින් කියන්නම ඕන මේ උපසිරැසියේ සුභාෂිනී අක්කගේ කොටස කරලා එවලා දැන් මාසෙකටත් වැඩියි, මගේ කොටසට තමා මහ වෙලාවක් ගියේ. නැත්තම් මීට මාසෙකට කලින් වගේ ඔයාලට මේක අරන් එන්න තිබ්බා. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඒ වෙනුවෙන්. එහෙනම් අපි කතාව පැත්තට ටිකක් හැරෙමු නේද?
රාධිකා බාලන් කියන්නේ සයිබර් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඒ කියපු එක තේරුණේ නැද්ද දන්නෑ. හැකින්කියලා කිව්වොත් නම් තේරෙයි. හරිනේ? ඉතින් ප්‍රවීණයි කියන්නේ රාධිකා ඔය සම්බන්ධව ඉන්න සුපිරිම වැඩ්ඩෙක්. එයා ඔය සයිබර් ආරක්ෂාව සබන්ධව තිබ්බ රැකියාවක් තමා කරගෙන හිටියේ. පස්සේ ඒක අත ඇරලා එයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒත් තමන් දන්න කියන විෂයට ඈදුණු සයිබර් ආරක්ෂාව සපයන ආයතනයක්ම තමා. රාධිකා දක්ෂයි වගේම හරිම ප්‍රතිපත්තිගරුක කෙනෙක් වුණා. ඒ වගේම තමයි, ජීවිතේ ස්ථාවරයක් ගොඩ නගා ගන්න කෙල්ල දිවා රෑ නැතුව මහන්සි වුණා. ඉතින් මේ රාධිකාට හිටියේ තාත්තා විතරයි. එයා නීතිඥ කෙනෙක්. දැන් විශ්‍රාමිකයි. තාත්තගේ ඔලුවේ තිබ්බේ රාධිකාව පිළිවෙලක් කරලා දාන එකමයි. ඔය අතර තමයි රාධිකාගේ මුළු ජීවිතේම කණපිට පෙරලිලා ජීවිතේටම කණකොකා අඬන්න ගත්තේ.
එදා තාත්තා කියපු වැඩක් මතක් වෙලයි රාධිකා ෆ්‍රිජ් එක හදන තැනට කෝල් එකක් ගත්තේ. එක්කෙනෙක් එනවා කිව්වා ෆ්‍රිජ් එක සර්විස් කරලා දාන්න. එයාගේ නොම්බරේ අදාළ ආයතනයෙන් අරගෙන රාධිකා කෝල් එක ගත්තා. රින්ග්ස් ගිහිල්ලා ගිහිල්ලා එහා පැත්තේ කෙනා ෆෝන් එක උස්සනවා. මෙතනින් තමා රාධිකාගේ ජීවිතේ ලොකුම පෙරළිය සිද්ධ වෙන්න ගන්නේ..
ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.4ක සෑහෙන්න පුළුවන් අගයක් තමා කඩීම් අරගෙන තියෙන්නේ. කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් චිත්‍රපටියක් කියලා නිර්දේශ කරන ගමන් අපි සමුගන්නවා. එහෙනම් බාගෙන බලන්න. හැමෝටම ජයවේවා.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6714 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Good ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks sub ekata
Prithviraj ge aluth filume sub dennko
Original awith thynne
thanks..
Thallumala sub dennko
Thanks dennatama
තෑන්ක්ස් සබ් එකට
Thanks verymuch
Thanks buddy
Thanks for sub
සිංහල උපසිරසියට ස්තුතියි
Patta
ස්තුතියි !
සබ් එකට බොහොම ස්තූතියි….!
Thanks both
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
ජය වේවා!!!
උපසිරසියට තුති
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…
♥♥
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
Thanks for sub.
But download links are not working
උපසිරැසියට ස්තුතියි……(koogle kuttappa-tamil film එකටත් උපසිරැසි දෙන්නකෝ…plz)
Sub akta thanks
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
රජිෂා නිසා නොබලා කෝමෙයි. බොහොම ස්තුතියි දෙන්නටම.
thanks dennatama
Meka nm bluwa bro..anyway thanks
ada ott release wuna indian film set ekakma
box office hit ewath thynow
e tikata sub denna puluwn nm niyamai