අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවිතානගේ ප්‍රියන්තසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Kati Patang (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

Kati Patang (1970) Sinhala Subtitles

Kati Patang (1970) Sinhala Subtitles, Kati Patang, Kati Patang Sinhala Sub

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිහත්වන උපසිරසිකරණයයි”. මෙය හින්දි සිනමාවේ IMDb තුළ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, මාධවී එනම් “මධු” යනු ඇයගේ මාමා සමඟ ජීවත් වන තරුණියකි, මාමා ඇය නොදන්නා කෙනෙකු සමඟ ඇයට විවාහයක් සුදානම් කරයි. ඇය කයිලාෂ් නම් තරුණයා කෙරෙහි ඇති ආදරය නිසා ඔහු සොයා විවාහ දිනයේ නිවසින් පලා යයි. කයිලාෂ්ගේ නිවසට පැමිණි ඇයට තවත් කාන්තාවක් සමඟ සිටින කයිලාෂ්ව දකියි. මාධවී නිවසින් පැනයාම නිසා සිත් තැවුලට පත් වී මාධවීගේ මාමා මියයයි. නැවත නිවසට පැමිණෙන මාධවීට තමා මාමා මියයාම දරාගත නොහැකි වෙයි. තමාට ජීවිතයේ කිසිවෙකු නොමැති බව වටහා ගත් මාධවී නගරය හැර වෙනත් පෙදෙසකට යාමට තීරණය කරයි. දුම්රියේදී ඇයට පැරණි මිතුරියක වන පූනම් මුණගැසෙයි. දරුවෙක් සමඟ සිටි පුනම්, තමාගේ සැමියා හදිසි අනතුරකින් මියගිය බව පවසයි. මෙය නොගැළපෙන විවාහයක් වූ නිසා පූනම්ට කිසි දිනෙක මාමණ්ඩිය සහ තම නැන්දම්මා හමුවීමට අවස්තාවක් ලැබී නොමැති බවද මාධවීට පවසයි.

අතරමගදී, දුම්රිය පීලි පැන පූනම් මියයයි. එසේ මියයාමට පෙර ඇය මාධවීගෙන් ඉල්ලීමක් කරයි. එනම් මාධවීට, පුනම් ලෙස තම සැමියාගේ නිවසට යන ලෙසයි. එහිදී තම දරුවාට සහ මාධවීට රැකවරණයක් ලැබෙන බව ඇය පවසයි. ඉන් පසුව මාධවී එම දරුවා සමඟ පූනම්ගේ නිවස බලා කුලී රථයකින් ගමන් කරයි. පාලු පෙදෙසකදී එහි රියදුරු මාධවීගේ මුදල් කොල්ල කෑමට උත්සාහ කරයි. එහිදී කමල් නම් තරුණයෙක් මැදිහත් වී මාධවී සහ දරුවා බේරා ගනියි. බාධක මැද ඇය එම නිවස කරා ළඟා වෙයි. එම දෙමවුපියන් ඔවුන් දෙදෙනාව තම ලේලිය සහ මුනුබුරා ලෙස පිළිගනීවිද?

කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි. එසේම ජෝතිපාලයන් ගායනා කළ “ජීවිතේ තරුණ කාලේ” සහ “රාන් කුරුල්ලෝ රෑනේ උන් ඒ රාන් කිරිල්ලී කොයි” යන ජනප්‍රිය ගීත දෙකේ තනු මෙම සිනමාපටය ඇසුරෙන් ලබාගෙන ඇත. තවත් ඉතාම සුන්දර ගීත කීපයක් මෙහි ඇති අතර අපේ රටේ රසිකයින්ද ඒවා අතිශයින් රස විඳින ලදී. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි.මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්,  ගුඩ්ඩිනාමක් හලාල්, ශර්මිලීහේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේමධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේශිකාර්චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී,බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමාගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානාඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තර්ඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානාආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, සද්නාජබ් ප්යාර් කිසිසේ හෝතා හේ, මෙරේ හම් දම් මෙරේ දොස්ත්, ලව් ඉන් සිම්ලා, අනෝකි ආදා, සම් ලයික් ඉට් හොට්, පටිටාකහින් දින් කහින් රාට්, ගරානා, දෝ බාදන්, බේටි බේටේ, මේන් බි ලද්කි හුන්, ගෙහ්රා දාග්, ආප් අයෙ බහාර් අයෙ, ජීනේ කී රාහ්, අමාන්, බාස්, මිස්ට ඇන්ඩ් මිසිස් 55, ගොන්ජ් උති ෂෙනායි“. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Kati Patang Full Movie (HD) | Rajesh Khanna Blockbuster Movie | Asha Parekh | Superhit Hindi Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතළිහයි, තත්පර තිස් නවයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම 1950 වසරේ සිට 1975 වසර දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 206 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Kati Patang (1970) Sinhala Subtitles

9 thoughts on “Kati Patang (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

  • Deegayu Abeysekera

    Chhoti Si Baat 1976
    Angoor 1982

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. දිගටම මේ වගේ පැරණි විශිෂ්ඨ නිර්මාණ වලට උපසිරැසි ගේමු. ජයවේවා!

    Reply
  • Lasantharathnasirirox

    විතානගේ සහෝදරයා. ඔබ ඉහත සඳහන්කල සිනමාපට ලැයිස්තුවේ සියල්ලමපාහේ මා විසින් නරඹා ඇත..මා වැනි පැරණි සිනමාපට නරඹන ,ඒ සඳහා ඇළුම් කරන අනෙකුත් සියළුමදෙනා වෙනුවෙනුත් ඔබ මේ කරන්නා වූ මහා කර්තව්‍යට අප සැමගේ හදපිරි සුබපැතුම් !!.
    එමෙන්ම පුරා වසරකට ආසන්න කාලයක් මෙවැනි පැරණි සිනමාපට නැරඹීමට අප මගබලා සිටියෙමු.එවැනි රසික පිරිස වෙනුවෙන් ඔබ නැවතත් එවැනි නිර්මාණ රැගෙන ඒම පිළිබඳ ඔබට අනේක වාරයක් ස්තුතියි..ජයවේවා !!.බුදු සරණයි !!!.

    Reply
    • Withanage Priyantha

      අගය කිරීම ගැන ඔබට, කමෙන්ට් දැමු අනෙක් අයට සහ බාගත කරගත් ඔබ සැමටද ස්තුතියි. මම තව දින කීපයකින් Love in Tokyo 1966 සහ Haathi mere saathi 1971 යන සිනමාපට දෙක සඳහාද උපසිරසි ලබා දෙන්නම්. එසේම සති දෙකට වරක් හෝ එක පැරණි හින්දි සිනමාපයකට උපසිරසි ලබා දෙනවා. ඒ කාර් යය අත හැර නැහැ.

      Reply
  • Thank You for this movie ! ! ! ! !

    I need “Amar Prem (1972)” Rajesh Khanna movie

    Reply
  • උපසිරැසි එකට බොහොම ස්තූතියි. පුළුවන් නම් 1990 දශකයේ චිත්‍රපට වලටත් උපසිරසි ටිකක් දෙන්න

    Reply
  • අජිත්

    පැරණි හින්දි සිනමාපට රසිකයන් වෙනුවෙන් ස්තුතිය පුද කරමි!

    Reply
  • පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් ස්තුතිය පුද කරමි!

    Reply
  • බොහෝම ස්තූතියි ප්‍රියන්ත මහත්මයානෙනි…
    බොහෝමයක් පරණ මූවි සිංහල උපසිරැසි එක්ක බලන්න පුලුවන් වුනේ ඔයාගේ සිංහල උපසිරැසි නිසා තමයි..
    ස්තූතියි ඔයාගේ කාලය අපේ රසාස්වාදය වෙනුවෙන් කැපකරනවට…..
    ජයවේවා…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *