MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධආද‍ර කතාක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිබලන්නයශෝධ ශ්‍රීමාල්සංගීතමයසිංහල උපසිරැසිහින්දි

Kaminey: The Scoundrels (2009) | පාහර අශ්වයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 3 votes.
Please wait...

Kaminey (2009)

කුඩා කල දහම් පාසලේදී, එහෙම නැත්නම් පාසලේදී අපි අහලා තියෙනවා එක ජාතක කතාවක්, එකම කූඩුවක හිටපු ගිරා පැටවුන් දෙන්නෙකුට මහා සුළි කුණාටුවක් හේතුවෙන් තමන් හිටපු කූඩුවෙන් දෙපැත්තකට වෙන් වෙන්න සිදු වෙනවා. සුළි සුළඟට ගසාගෙන යන මේ පැටවු දෙන්නාගෙන් එක්කෙනෙක් වැටෙන්නේ තාපසාරාමයකට, ඒ වගේම අනෙක් ගිරා පැටියා වැටෙන්නේ සොරු රැළකගේ වාස භූමියකට. තාපසාරාමයට වැටුණු ගිරවා යහපත් වචන කතා කරන්න හුරු වෙද්දී, සොරු රැළ අතරේ හැදී වැඩුණු ගිරවා පරුෂ වචන ආදී වැරදි ක්‍රියාවන්ට හුරු වෙනවා. හරි ලස්සන ආදර්ශමත් කතාවක්. ජාතක කථාවේ නම සත්ති කුම්භ ජාතකය. හැබැයි අද මම ගෙනාවේ මේ ජාතක කතාව සම්බන්ධ චිත්‍රපටියක් නම් නෙවෙයි ඒත් මට මේ චිත්‍රපටිය බලද්දී ඔය ජාතක කතාව මතක් වුණා. ඒකේ කථාවත් යම්තාක් දුරකට චිත්‍රපටියේ කතාවට ගැලපෙන නිසා.

චාලී සහ ගුඩ්ඩූ කියන්නේ සම නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. චාලීට “ස” ශබ්දය උච්චාරණය වෙන්නේ “ෆ” විදියට. ඒ වගේම ගුඩ්ඩූ ගොතයි. මුම්බායේ මුඩුක්කු වල ජීවත්වන මේ දෙන්නගේ එකම සෙවණ තමන්ගේ තාත්තා. නමුත් තාත්තගේ අභාවයත් සමඟම මේ දෙන්නා වෙන් වෙනවා. එතනින් පස්සේ දෙන්නාගේ ජීවිත වෙනස් වෙන්නේ අහසයි පොළවයි වගේ. තුරඟ තරඟ ඔට්ටු අල්ලන තැරැව්කාරයෙක් බවට පත්වෙන චාලීගේ සිහිනය වෙන්නේ තමන්ගේ කියලා ඔට්ටු අල්ලන කවුළුවක් පටන් ගන්න එක. ජීවිතේ දිනන්න පුළුවන් මාර්ග දෙකක් චාලී දන්නවා. එකක් තමයි කෙටි පාරකින් යන එක. අනික තමයි කෙටිම කෙටි පාරකින් යන එක. ඒත් ගුඩ්ඩු බොහෝම අමාරුවෙන් ඉගෙන ගෙන සමාජයේ යහපත් පුද්ගලයෙක් වෙන්න වෙර දරනවා. ඒ අතරේ තමයි ගුඩ්ඩුට ස්වීටිව මුණ ගැහෙන්නේ. කොහොමහරි මේ දෙන්නාගේ සම්බන්දෙත් ස්වීටි ගැබ්බර වෙන තැනටම දුරදිග යනවා. ස්වීටිගේ අයියා. මැර බලයෙන් දේශපාලනයට පිවිසෙන චණ්ඩියෙක්. ජීවිතේ තමන්ගේ සිහින සැබෑ කරගන්න කෙටිම කෙටි පාරකින් යන්න හදන චාලීගේ එකම එක ක්‍රියාවක් නිසා චාලීගේ කල්ලිය. මුම්බායේ පාතාලයට සම්බන්ධ පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය, අන්තර්ජාතික මත්ද්‍රව්‍ය කල්ලියක්, හා ස්වීටිගේ අයියා අතර ඇතිවෙනවා මාරන්තික ගැටුමක්. ඒක මොන වගේද කොහොමද වෙන්නේ කියලා හැමෝම බලන්න එහෙනම්.

2009 වසරේ අගෝස්තු 14 වෙනිදා තිරගත වුණු මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන චාලී/ගුඩ්ඩූ සහ ස්වීටි කියන චරිත වලට රංගනයෙන් දායක වී ඇත්තේ ජනප්‍රිය නළු Shahid Kapoor සහ Priyanka Chopra. IMDb අගය 7.5/10 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Vishal Bharadwaj ගෙන්. සාමාන්‍යය බොලිවුඩ් චිත්‍රපටවල ඇති වීරයා දුෂ්ටයා කතා ශෛලියෙන් ඔබ්බට ගිය මේ කතාව සමාජ ප්‍රශ්නයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයක් කියලා මට කියන්න පුළුවන්. Vishal Bharadwaj ගේ සංගීතයෙන්ම රසගැන්වුණු මේ චිත්‍රපටියේ අවසාන ගීතය ගායනා කරන්නේ මගේ ආසම බොලිවුඩ් ගායක Mohit Chauhan විසින්.

ඉතින් ඒකත් රස විඳලා, ඔයාලගේ අදහසකුත් එක්කරන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. සියලු දෙනාටම ජයම වේවා…! එලස්ස්ස්…

Kaminey: The Scoundrels (2009) on IMDb

 

 

[button link=”http://tinyw.in/Xnvv” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

641B53B6F8A09678799423F1DF9000521F827F3E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7574 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

46 thoughts on “Kaminey: The Scoundrels (2009) | පාහර අශ්වයා… [සිංහල උපසිරසි සමඟ]

  • nimal dissanayake

    යශෝධ
    හොඳ, ප්‍රවේගකාරී, සිත් ඇද බැඳගන්නා
    ෆිලුමකට
    නියමෙට සබ්ස් දීලා
    සුපුරුදු ලෙසින් කර තිබෙන මෙහෙවරට
    මෙන්න මගේ ප්‍රණාමය!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • earnga pathirage

    thama beluve na bn dan man balanava ok ela ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply
  • film eka baluwata passe comment ekak damma nam anith aytath danaganna puluwan film eka hodada kiyala.. 🙂

    Reply
  • Macho puluwannam Buddha kiyala TV Series ekak yanawa Zee TV eke eke English hari Sinhala hari Subtitle upload karanna kathawath ekka….. Please……..Eka Derana TV eke yanne kali aduwen ekai…….

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • nelum nethanjana

    sabata thank u bnn

    Reply
  • ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට.

    Reply
  • Thanks for the sub……………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි, ජයවේවා.

    Reply
  • නලින්

    ස්තුතියි ශ්‍රිමාල් සහෝ!

    ජය වේවා

    Reply
  • පට්ට මචෝ…
    බොහෝම ස්තුතියි.

    Reply
  • Aditha Praween

    එළ නියමයි
    දිගටම සබ් දෙමු .ජය වේවා !
    😀

    Reply
  • “චූටී මල්ලි”

    කලින් බැලුවා
    එල හොදේ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • mekanm patta filumak.parana unata kamak na aniwa balanawa.subata thanks YASHODA saho.good work. ohoma yn. jaya wewa…..

    Reply
  • Niyama film ekak wage.. Thanks…

    Reply
  • Thank you very much friend…

    Reply
  • supiri film ekak macho….
    Thnks..
    ane macho tamil ekakata sub dennako….

    Reply
  • Suppaaa film ekak vageeee…
    kathavath niyamai…..
    danma banavaaa machannn…..
    thanks machann sub ekatahhh….

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි….
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා
    ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා…….
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  • fattama movie ekak. sub walata thanks

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දැන් තමා ඔන්න ශීල්ඩ් එක බලන්න යන්නෙ. මේක බාන්න දාන්නම් කෝ. ජය෴෴ 😛 😛

    Reply
  • Me Movie Eka Sammana Keepayakatath Nirdeshauna Ekak. Fila Fair Sammana Ganna Hari Amaruine. Subata Bohoma Sthuthi Saho.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො සබට 😛 😛 ජය

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • suppa film ekakneh thanks ah (Y)

    Reply
  • මේක මගේ ගාව කලින් තිබුනා බැලුවේ නැ
    දැන් සබ් එක්කම බලත හැකි !!
    ස්තුතියි සහෝ ජයවේවා

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanq wewa….. (y)

    Reply
  • ද රොක්

    පට්ටයි වගෙ.තෑන්ක්ස් මචො 🙂 🙂 🙂

    Reply
  • චතුරංග උස්වත්ත

    මේක කලින් බැලුවා.. දැන් ආයෙම බලනවා.

    සබ් එකට ස්තූතියි, නියම වැඩක්.

    ජයවේවා..!!

    Reply
  • මේක පට්ට ෆිල්මක්නෙ සහෝ..මේ වගේ ඒවා අතාරින්නෑ බලනවා.සබට බොහොම තුති….

    Reply
  • Saketha Pulasthi

    එක නම් බාලා තියෙන්නේ . සබ් එකට ස්තූතියි

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට, TanQ

    Reply

Leave a Reply to nimal dissanayake Cancel reply

Your email address will not be published. Required fields are marked *