Jurassic World Dominion (2022) Sinhala Subtitles | ජුරාසික් ලොවේ අවසානයද? [සිංහල උපසිරසි] (150)
ඔන්න එහෙනම් මෙදා පාර මං අරගෙන ආවේ හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිලුමක් අරගෙන. ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔව්, මේක මගේ 150 වෙනි උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියන්න කලින් මෙච්චර දුරක් හරි ආපු එක ගැන පොඩ්ඩක් කියල හිටියනම් හොඳයි කියල හිතනවා. මගේ පම්පෝරිය කියවන්න අකමැති කෙනෙක් ඉන්නවනම් කෙලින්ම ෆිලුම ගැන තියෙන කොටසට ගියා කියල මගේ කිසිම තරහක් නෑ.
ඉතින් ඇත්තටම මගේ මුල්ම උපසිරැසිය අන්තර්ජාලයේ පළවුණේ 2013 වසරේ මැයි 31 වෙනිදා . ඒ කියන්නේ වසර 10කට ආසන්න කාලයක් මං වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙලා ඉඳල තියෙනවා, මේ ගෙවෙන්නේ 9 වෙනි අවුරුද්ද. (ඒ ගැන පොඩි ආඩම්බරෙකුත් නැතුවම නෙමෙයි) ඉතින් ආසාවට පටන්ගත්තු වැඩේ මෙච්චර දුරකට හරි දිගටම කරගෙන එන්න ලැබුණු එක ගැන සතුටුයි. ආරම්භයේ සිටම සැරෙන් සැරේ යම් යම් ගැටළු මතුවුණත්, කොහොමහරි නොකඩවා වැඩේ කරගෙන එන්න ලැබුනේ අපේ උපසිරැසියක් අරගෙන අදහස් දක්වලා යන ඔබ සියලු දෙනා නිසාමයි. සුභපැතුම් සහ බැනවැදීම් අතරින් ඉතා සතුටින් ආපු ගමනක් තමයි මේක. මින් ඉදිරියටනම් කොහොම වෙයිද කියල කියන්න අමාරුයි මගේ රැකියාව නිසා. හැකි තරමින් මගේ දායකත්වය ඉදිරියටත් ලබාදෙන්න මං උපරිම උත්සාහයක යෙදෙනවා. ඉතින් කොහොමහරි මගේ අවසන් උපසිරැසිය නිකුත්කලේ 2021 ඔක්තෝම්බර් 11 වෙනිදානේ, ඒ කියන්නේ මීට මාස 9කට කලින්. කොහොමහරි ඉවසල ඉවසල කඩයිම කරා ළඟාවෙන්න හැකිවුනා. ඉතින් මේ අවුරුදු 9 තුල මට සෑහෙන යාළුවො ප්‍රමාණයක් අඳුරගන්න හැකිවුනා. ඒ හැමෝම මෙතන සඳහන් කරන්න යන්නේ නැත්තේ එක්කෙනෙක්ගේ හරි නමක් මගහැරුනොත් හොඳ නැති නිසයි. වෙන කියන්න දෙයක්නම් නැහැ ඉතින්,
එහෙනම් අපි කෙලින්ම ෆිල්ම් එක පැත්තට හැරෙමු. තිරගත උණු මුල් සතියේ සුපිරි වීර නොවන චිත්‍රපටයකට ලැබුණු වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කියන්න මේ චිත්‍රපටයට හැකිවුනා. ඒ ඇමරිකානු ඩොලර් 143 ක ආදායමක් ලබාගනිමින්. වසංගතයෙන් පසුව වැඩිම ආදායමක් ලබාගත්තු චිත්‍රපට ලයිස්තුවේ තුන්වෙනි ස්ථානය ලබාගත්තේ Spider Man No Way Home සහ Multiverse Of Madnesss යන චිත්‍රපට දෙකට පමණක් දෙවෙනි වෙමින්. දැනට සම්පුර්ණ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 839ක් දක්වා ලැබෙන්න තරම් චිත්‍රපට හොඳ මට්ටමක තිබෙනවා. කොහොම නමුත් IMDB අගය 6.0 ක් වගේ තමයි මෙයට ලැබිලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒ ගැන වැඩිය නොහිතා ෆිල්ම් එක රසවිඳින්න පුළුවන් කියල.
එහෙනම් ස්ටෝරි ලයින් එක පැත්තට යමුකෝ. ඉතින් මේ දවස්වල හැම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්ම කරනවා වගේ මේ ෆිල්ම් ඒකත් මුල්ම චිත්‍රපට තුනට සම්බන්ධ කරලයි හදල තියෙන්නේ. මීට කලින් නිකුත් වුනු ජුරාසින් පාර්ක් සහ ජුරාසින් වර්ල්ඩ් ෆිල්ම් දෙක හැමෝම බලලා ඇති කියල හිතනවා. නොබලපු කෙනෙක්නම් අඩුමගානේ අන්තිම ෆිල්ම් දෙකවත් බලන්න කියල මං ඉල්ලා සිටිනවා. නරඹලා තිබුනත් කතාව අමතකයි වගේනම් මං පොඩි මතක් කිරීමක් කරගෙනම යන්නම්.
බලමු අයටනම් මතක ඇති පලවෙනි චිත්‍රපටය අවසානයේ බ්ලූ සහ ටී-රෙක්ස් එකතුවෙලා ඉන්ඩෝමිනස් රෙක්ස් ව පරාජය කරලා මෝසසොරස් විසින් පාර්ක් එකේ කලපුව ඇතුලට ඇදගෙන ගියපු විදිහ. ඉන් පසුව ඉස්ලා නුබ්ලාර් දිවයින ඩයිනසෝර්ලත් සමග තනිවුනා. නමුත් මෙතෙක් කලක් අක්‍රියව තිබුණු ගිණි කන්ද සක්‍රිය විම මගින් සියලුම ජීවීන්ගේ පැවැත්ම තර්ජනයකට ලක්වුනා. මෙතැනදී තමයි අපිට ඩොක්ටර් ඉයන්ව බලාගන්න ලැබෙන්නේ, එයානම් කියන්නේ ඩයිනසෝර්ලා එතනදීම විනාශ වී යන්න ඉඩදෙන්න කියලයි. කොහොම නමුත් ක්ලෙයාර් සහ ඕවන් එකතුවෙලා මෙයාලව බේරාගන්න මෙහෙයුමක් දියත් කලත් ඔවුන්ව රවට්ටලා කුලී හේවායන් විසින් ඩයිනසෝර්ලා ටික පැහැරගන්නවා. ඉතින් අවසානයේ මේ හැමෝම එකතුවෙන්නේ ලොක්වුඩ් මන්දිරයටයි. එතැනදී අපිට පෙන්නනවා ලොක්වුඩ් ගේ මියගිය දියණියගේ ජාන ක්ලෝන කරලා මේසී නමුත් තමන්ගේ දියණිය හා සර්ව සමාන දරුවෙක් නිර්මාණය කර ඇති බව. කොහොමහරි අවසානයේදී මේසී ගත්තු තීරණය නිසා ඩයිනසෝර්ලා සේරම සාමාන්‍ය ලෝකයට මුදාහැරෙනවා.
මේ මම කිවුවේ කතාව බොහොම කෙටිකරලයි. තවත් තොරතුරු අවශ්‍යනම් Youtube එකේ සෙවුමක් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ තුන්වෙනි කොටස පටන්ගන්නේ එතැන් සිටයි. ඒ නිසා මේ ෆිල්ම් එක ගැන මම මොකුත්ම කියන්න යන්නේ නෑ.
ඉතින් මං කලින් මතක් කළා වගේ, අපිට මේ චිත්‍රපටයෙත් තවත් පැරණි චරිත දෙකක් නැවත දැකගන්න ලැබෙනවා, ඒ ඩොක්ටර් ග්‍රාන්ට් සහ ඩොක්ටර් ඇලී. ඇත්තටම ඔවුන් දෙදෙනා සහ ඩොක්ටර් ඉයන්ව හරිම අපූරුවට කතාවට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අලුතින් ඩයිනසෝර්ලා විශාල ප්‍රමාණයක් හඳුන්වලා දීලා තියෙනවා. හැමෝම නැතත් කිහිපදෙනෙක්ව මං පහලින් සඳහන් කරගෙන යන්නම. මේ ෆිල්ම් එකේදී අපිට හම්බෙන භයානකම කෙනා තමයි ලෝකයේ ජීවත්වෙන විශාලම මාංශ භක්ෂකයා ලෙස සැලකෙන ගිගැනොටෝසෝරස්. ඔන්න එහෙනම් පහලින් බලාගන්න අපිට දකින්න ලැබෙන ජීවින් , සමහර අය දෙවෙනි කොටසිනුත් දකින්න ලැබුනා මතකයේ හැටියට.
(1) ඩ්රෙඩ්නෝටස්
(2) කොට්සකොආට්ලස්
(3) ඕවිරැප්ටර්
(4) ලිස්ට්‍රෝසෝරස්
(5) නසුටෝසිරැප්ටොප්ස්
(6) මෝරෝස් ඉන්ට්‍රෙපිඩස්
(7) ඉගුවැන්නොඩෝන්
(8) ඇට්‍රෝසිරැප්ටර්
(9) පයිරෝරැප්ටර්
(10) තෙරිසිනෝසෝරස්
(11) ගිගැනොටෝසෝරස්
ඉතින් තවත් එකී මෙකී නොකී ඩයිනසෝර් වර්ග විශාල ප්‍රමාණයක් ඉන්නවා. සේරම මෙතන පෙන්නන්න බැරි නිසා විශේසම අයව විතරයි දැම්මේ. ඉතින් මීටත් වඩා මට කියන්න දේකුත් නැති නිසා ලිපිය මෙතනින් නවත්තන්නම්.
හැබැයි විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා, මේක HC කොපියක් , ඒ නිසා හදිසි අය විතරක් අරගෙන බැලුවට කමක් නෑ. ඒවගේම සඳහනක් තියෙනවා මේකේ Extended Editon එකකුත් නිකුත් වෙනවා කියල. ඒ ගැනනම් හරියටම කියන්න බැරි නිසා අඩුම Bluray එකවත් බලන්න ඉතින්. එහෙනම් මට මේ ෆිලුම බාරදුන්නු විමා අයියට විශේෂ ස්තුතිය පුදකරන ගමන් මං මෙතනින් නවතිනවා.
ඒවගේම ඔයාලගේ අදහසුත් කියාගෙනම යන්න, මොකද කොච්චර අඩුපාඩු බැලුවත් තව ඕනේ තරම් තියෙන්න පුළුවන් නිසා. ඒ වගේම ලිපියෙත් වැරදි තියෙනවනම් පෙන්නගෙන යන්න. හදිසියෙන් කරපු නිසා නොගැලපීම් තියෙන්නත් පුළුවන් . ඒ හැමදේටම මම සමාව ඉල්ලනවා. හමුවෙන හැම වැරැද්දක්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න, නැවත හදලා අප්ලෝඩ් කරන්නම්.
ආයෙත් දවසක හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි
HC-WEBRip / WEB / EXTENDED BR පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 71954 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
thank you.good work
thank you very much.
thanks brother… <3
Thnx brother
Sub එකේ පොඩි අවුලක් තිබ්බා..පොඩ්ඩක් ඒ ගැන බලන්න…එකපාරටම sub යන සීන් එකක් එහෙම තිබ්බා..sub නැතුව ප්ලේ වෙන සීන් එකක් එහෙම තිබ්බා…
ඒ ටික ගැන බලන්න.
නැතුව සබ් එක ගැන කියන්න වරදක් නැ.ගොඩක් හොදයි..
supiri saho.idiriyata digatama kara gena yanna.wisthara kireema godak watinw. thank you.
thanks………
150 වෙනි කඩඉම වෙනුවෙන් සුබ පැතුම් මල්ලි !
Man Keepa Sarayakma download kara ennama English Subs
Man Keepa Sarayakma download kara ennama English Subs
Sub ekata thanks bro. meka ada beluwe. maru.
Sub ekata thanks bro
Ammoo…masa dekak vithara balagena hitiya bluray up karankan. Thankss….bro…
Machan sirawatama me wade nm godak watinwa
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks
BluRay EXTENDED update Please…
Blue ray එකේ සබ් එක දෙනකන් බලාගෙන ඉන්නෙ ඈ…
❤️❤️
meke BlueRay Update karapallako bn. ki denek Request karalada kiyala balannako
Cineru aeke thienva ganna
Br ek denne ndd
br
Plz machan blu-ray sub
meke blueray awa
macahn extended ekta dipan plz
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Br sub eka denne nadda bn :/
සුබ පැතුම් මලේ කඩ ඉමට. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
thanks
Extended Blu-Ray එකට සබ් දෙනකන් බලන් ඉන්නේ සති ගානක් තිස්සේ. තාම නෑ. දැන් නම් වෙන සයිට් එකකින් හරි ගන්නවා
please wena kenek hari meke sub eka baara gannako.dan dawas keeyakda
Bluray copy ekata subtitle dendoo
MACAHN extended ekta dipaan
aiyo film eka balanna widiyak na extended sub dennakoo
extended br update ekata sub rka dennko den godas dwasak awith
extended br update ekata sub rka dennko den godas dwasak awith
BluRay extended plz
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thanks bro
BluRay EXTENDED cut awa….update eka oneeee
අද බුලුරෙ එක ආවා සබ් එක දෙන්නකො
Extended Blu-Ray එකට සබ් දෙන්නකෝ
Extended eka one
BR sub oniiii
BR eka oni
Bluray සබ් එක ඕනේ
bluray sub ekath ikmanata dennako
tnx
Thank you
Thank you
bluray ekata sub eka oni
මේ ෆිල්ම් එකේ බ්ලුරේ ඒකට සෙට් වෙන්න සබ්ටටල් එක දෙන්නකො
Thanks for Sub!
Congrates bro 150 sub ekata & Thanks malli me sub ekata.
මේ ෆිල්ම් එකේ බ්ලුරේ ඒකට සෙට් වෙන්න සබ්ටටල් එක දෙන්නකො
SUPERI AYYE DUBING
Supiri brother
සබ් එක දුන්නට බොහොම ස්තූතියි…❤
Thanks for the sub
Thank you
150ට උනුසුම් සුබ පැතුම්. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා. මේක නම් බ්ලූරේ එනකන්ම ඉන්නවා.
thanx for sub brother keep it up brother
150 hata suba pethu,m himita balamu
Thanks Brother
supiri
මේ ෆිල්ම් එක තනිකර ජෝක් එකක්. සබ් එකට වෙච්ච මහන්සියට ස්තුතියි..❤
thnks bro
thanks ………………..
sub eka hodatama karala thiyenawa,
movie ekaknam pattama aul balapu sawuththuma eka.
150ta හෘදයාංගම සුබපැතුම්.
කඩිනමින් 200 ගහන්නත් ලැබේවා.
Thanks for the subtitles. Keep up the good work.
best quality link ekk denako
ස්තුතියි සහෝ දිගටම දෙන්න
150වෙනි උපසිරැසි කඩඉමට සුබපැතුම් බ්‍රෝ… ඉදිරියටත් අපිවෙනුවෙන් මේ වගේ ෆිල්ම්වලට සිංහල උපසිරැසි ගෙන ඒමට වෙලාව ලැබේවා… කරන කියන වැඩකටයුතු සියල්ලම සාර්තක වේවා….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
thanks brooo
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks for update
Original web awith neda?
Thankx bro…
Osthe 2011 film ekat sub eka dendo
tthanks brother …jaya wewa…
Tha witch part 2 sinhala sub one
hemlock grove tv series eke sub eka dennako
Thanks bro
Tnx bro…Great job…
කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ ..ජයෙන් ජයම වේවා ..!!!
thanks bro. jaya wewa…..
thanx 🙂
150 වෙනි කඩඉමට හදවතින්මta මගෙන් සුබපැතුම් සහෝ.
දිගටම සබ් කරමු….
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
(Rakitha Ranathunga)
Thank You
Thanks 4 subtle best of luck
ස්තූතියි
150 වැනි උපසිරැසියට ලගා වුනු එක ලොකු ජයක් සබ් එකට තෑන්ක්ස්. තවත් සුබ් අපි වෙනුවෙන් කරන්න කියල විශ් කරනව සහෝදරයා. තව පුංචි දෙයක් කියන්න තියෙනව මට. පඩි කමට කියනව නෙමෙයි ඩයිනෝසෝරයන්ගේ විශාලතම මාංශබක්ශකයා තමයි ස්පයිනෝසෝරස් ඇගෙප්ටිකස් කියන්නේ. ගිගැන්ටෝසෝරස්ට හිමි දෙවැනි තැන. ඒ කිව්වෙ ගිගැන්ටෝසෝරස් තමයි දෙවැනියට විශාලතම මාංශබක්ෂකයා. ස්පයිනෝසෝරස් ඉන්නව jurassic park 3 movie එකේ. මතකද T-Rex ව මරනව. එයා තමයි විශාලතම මාංශබක්ෂකයා.. Thank you bro
ස්තූතියි සහෝ නිවැරදි කිරීමට. මං මෙතන කිවුවෙ අපිට හමුවෙන, කියල.. නමුත් මගෙ වචන ගැලපීම වැරදියි එතන…
මේ චිත්‍රපටයේදී අපිට හමුවන .. කියල කිවුවනම් හරි…
Thanks for the subtitle. Keep it up the good work.
150 වන උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝ ..!!
Thank u
තෑන්ස් සබ් එකට, ඔබට ජය ✌
150 වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනව මචෝ.. එනකම් බලා ඉදපු එකක් තමා.. තව ටිකක් හොද කොපියක් ආවමම බලනවා.. තව තවත් සබ් කරන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා එහෙනම්..
thanks sub ekata film eka kalin download kala sub nathiwa baluwe ne
thanks a lot saho sub ekata
Balapu aulma Jurassic movie aka. Aththatama movie aka wenaasa karagena. Sub Akata nm godak thanks
ow ban
150 වෙනි උපසිරසට මගෙන් සුබපැතුම් සහෝ. මීළඟ කඩයිමත් ඉක්මනටම ගහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා, විදෙස් ගතව හිටියත් බොහොම ඉක්මනට සබ් ඒක ගෙනාවට ස්තුතියි සහෝ, ජයවේවා
තෑන්ක්ස් සබ් එකට
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 150 වෙනි සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
Congrats brother
Keep it up
hamboo sub eka daanakan maga balagena hitiye bro . thank you
Thnx for the sub bro❤️
Congratulations brother ❤️ keep it up
නියමයි සහෝ…. 150 වෙනි උපසිරසියට සුබ පැතුම්.
ඉක්මනටම 200ත් ගහමු.
ජයවේවා !!!
150 වෙනි sub එකට congratulation brother
Sub එක දානකන් බලන් හිටියෙ
Thanks
Thanks ane… අපි වගේ හදිසිකාරයින්ට මෙහෙම දෙනවට පිං..
සුභපැතුම් මලේ! 🙂
සබ් එකටත්, මෙතෙක් කල සේවයටත් ස්තුතියි!
150වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! 🙂
ජුරාසික් වර්ල්ඩ් කියන්නෙ ඉතින් පුංචි කාලෙ ඉඳං ඇති වුණ බැඳීමක් තියෙන චිත්‍රපටයක් නොවැ. ආසම චිත්‍රපට මාලවක් තමයි.
දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌
Umbrella academy sub ekath danna puluwanda
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සුභ් පැතුම් සහෝ….
150 වන උපසිරසියට සුබපැතුම් සහෝ
150 වෙනි සබට උණුසුම් සුබ පැතුම් සහෝ
තව ඉස්සරහට යමු, ජය වේවා ❤️
Sub akta thanks
Best of Luck
150 වෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම් සහෝ. ඔයාගෙ සබ් ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරියටම, පැහැදිලිවම සබ් හදන කෙනෙක්. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු ඉහලින්ම සාර්ථකත වේවා කියා පාර්ථනා කරනවා. ජයවේවා!
150 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මචෝ… හැම කඩඉමකටම කිවුවත් වගේ සියලු කටයුතු සාර්ථක වේවා! තව තවත් සබ් දෙන්න හැකියාව ලැබේවා…ජය!
150ට 300 වතාවක් ස්තුතියි මල්ලි..දිගටම සබ් ගේමු..කඩයිම වෙනුවෙන් සුභ පැතුම්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
Pattaaaaaaaaaaaa
web eka awith tiyanneee
congratulations bro keep up your work and thanks for the subtitles
සුබපැතුම් සහෝ කඩයිමට
ඔරිජිනල් අප්ඩේට් එකත් ආවම දෙමු