Jujutsu Kaisen [S02 : E07] Sinhala Subtitles | ව්‍යසනය ඇරඹෙයි! [සිංහල උපසිරසි]
2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 7 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දෙවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ඊටත් කලින් අපිට ආයෙත් අතීත මතකාවර්ජනයකට යන්න වෙනවා. Jujutsu Kaisen Season 1 හි සහෝදර ජුජුට්සු පාසල් දෙක අතර තරඟාවලියක් පැවැත්වුවා ඔබට මතක ඇති. ඒ තරඟාවලිය අතර මැදදී ගෙතෝ සුගුරුගේ කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කළ හැටිත් ඔබට මතක ඇති. ඒ අවස්ථාවේදී පාසලට ඇතුළු වීම වගේම පාසලේ ආරක්ෂිතව තිබුනු “ශාපයන්හි රජු විදිහට හඳුන්වන රියොමෙන් සුකුනාගේ අත්වල ඇඟිලි” කිහිපයක් එක්ක තවත් භාණ්ඩ කිහිපයක්ම අතුරුදහන් වී තිබුනු බවත් ඔබට මතක ඇති. අන්න ඒ විදිහට හොරෙන් ඇතුල් වෙලා හොරකම් කරන්න පාසලේ තොරතුරු දුන්නෙ කවුද? අන්න ඒ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ මෙකාමරු බව පාසලේ පිරිස් හොයා ගන්නවා. අන්න ඒ හොයාගත්තු තොරතුරු අනුව මෙකාමරු කියන යකඩ ගොඩේ සැබෑ හසුරුවන්නාව හොයාගෙන ගියත් හසුරුවන්නාව හමු වෙන්නෙ නෑ.
අනිත් පැත්තෙන් මෙකාමරුගේ හසුරුවන්නා තමයි “කොකිචි මුතා” කියල කියන්නෙ. ඒ විදිහට ගෙතෝ සුගුරුට තොරතුරු ලීක් කරල තියෙන්නෙ ගිවිසුමකට අනුවයි කියන දේත් පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා. ඒ ගිවිසුම තමයි තොරතුරු වෙනුවෙන් කොකිචි මුතාගේ දුර්වල සිරුර මහිතෝගේ බලයෙන් සුව කරන එක. ඉතින් ඒකත් කළාට පස්සෙ දැන් ගෙතෝ සුගුරුගේ ෂිබුයා සැලැස්ම ගැන ගෝජෝ සතෝරුට කියන්න පුලුවන්. මොකද තමන්ට ඕනි වැඩේ කොකිචි කරගෙන ඉවරයි. ඒ වගේම කොකිචිගෙන් දැන් ගෙතෝට වැඩකුත් නෑ. ගෙතෝ සුගුරුත් තමන්ට ඕනි වැඩේ කරගෙන ඉවරයි. ඉතින් කොකිචිව මරා දමන්න මහිතෝ ප්‍රමුඛ ගෙතෝ සුගුරු පියවර තියනවා. ඉතින් ඒ විදිහට මෙකාමරුගේ හසුරුවන්නා වෙන කොකිචි සහ මහිතෝ අතරෙ සටන් ආරම්භයෙන් පසුගිය කොටස අවසන් වුනා.
මේ 7 වෙනි කොටස ඇරඹෙන්නේ අන්න ඒ සටනින්ම තමයි. ඒ වගේම මේ කොටසින් කොකිචි මුතා මුදාහරින විශාල බලයකුත් අපිට දකින්න ලැබෙනවා වගේම Jujutsu Kaisen හි දකින්න ලැබෙන ලොකුම ප්‍රහාරය වෙන ප්‍රදේශ ප්‍රසාරණයකුත් (Domain Expansion) දකින්න ලැබෙනවා. ඉතින් මේ සටනින් කවුරු ජය ගනීවිද? නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි තෙවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 8 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Evening Festival
Air Date : 2023.09.07
Runtime : 24 min.
IMDB Rating : 9.0
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7491 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother…❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි මචන් සබ් එකට
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..