Rating: 9.6/10. From 7 votes.
Please wait...
Journey to the Edge of the Universe (2008) Sinhala Subtitles
හිතවතුනි, මේ වතාවේ ඔබ වෙතට ගෙන එන්නේ අපූර්ව වාර්තා වැඩසටහනක් වන Journey to the Edge of the Universe. ඒ කියන්නේ National Geographic සහ Discovery නාළිකා මඟින් විශ්වයේ ගුප්ත අබිරහස් ගැන නිර්මාණය කරපු රසබර වාර්තා වැඩසටහනක්. එයින් පෙන්වන්නේ පෘථිවියේ සිට නූතන විද්‍යාවේ දැනුම අනුව ගොඩනඟා ගත් විශ්ව ආකෘතියක කෙළවරක් දක්වා යන ගමනක ත්‍රිමාණ සජීවීකරණය කරන ලද විස්මයජනක අභ්‍යාවකාශ චාරිකාවක්. එහි එක්සත් ජනපද සහ එක්සත් රාජධානි සංස්කරණ දෙකක් පවතින අතර එක්සත් ජනපද සංස්කරණය Alec Baldwin විසිනුත්, එක්සත් රාජධානියේ සංස්කරණය Sean Pertwee විසිනුත් පසුබිම් කථනය කර තිබෙනවා. මේ වාර්තා වැඩසටහන මුල්වරට විකාශය කෙරුණේ 2008 දෙසැම්බර් 07 වැනිදායි. ඒවගේම IMDb දර්ශකයේ 8.4/10ක ඉහළ අගයක් ලබාගන්නට මේ වැඩසටහන සමත්ව තිබෙනවා.
වමේ සිට දකුණට පිළිවෙලින්; NGC 2014 යෝධ රතු නිහාරිකාව සහ එහි කුඩා අසල්වැසියා වන NGC 2020 නිහාරිකාව, NGC 1850 ද්විත්ව තරු පොකුර, සර්පිල නිහාරිකාව, NGC 5194 දියසුළි මන්දාකිණිය (Image courtsey-NASA)
මේ වාර්තා වැඩසටහනේ චාරිකාව අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ආරම්භ කරලා ඉතා රසවත් විස්තරයක් ඔස්සේ අඛණ්ඩව ගලාගෙන යනවා අනෙකුත් මන්දාකිණි, නිහාරිකා, කළු කුහර සහ විශ්වයේ අනෙකුත් අබිරහස් දක්වා. හබල් දුරේක්ෂය මඟින් ගනු ලැබූ ඡායාරූප ආධාරයෙන් ප්‍රතිනිර්මාණය කළ දර්ශනීය ත්‍රිමාණ විශ්වයේ ආකෘතිය ඔස්සේ දර්ශනීය වීරාඛයාන චාරිකාව අපේ අසල්වැසි ග්‍රහලෝක, අපේ සෞරග්‍රහ මණ්ඩලය සහ ඉන් බැහැර ග්‍රහලෝක පද්ධති, තාරකා, නිහාරිකා, ධූමකේතු සහ මන්දාකිණි සොයමින් විශ්වීය විද්‍යා දැනුමේ කෙළවරට ඔබව රැගෙන යනවා. ඔබට මේ වාර්තා වැඩසටහන නැරඹීමෙන් පසුව විශ්වය ගැන පෙර ඔබට නොතිබුණු පුළුල් අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි. එහෙම නම් මිත්‍රවරුනි මේ සුන්දර අභ්‍යාවකාශ චාරිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. සිංහල උපසිරැසි සමඟින් මේ වැඩසටහන නරඹලා අමතක නොකර කමෙන්ටුවකුත් දාන්න.
වමේ සිට දකුණට පිළිවෙලින්; අශ්ව හිස නිහාරිකාව, සමනල නිහාරිකාව, NGC 2371 ග්‍රහ නිහාරිකාව, කකුළු නිහාරිකාව, රාජාලි නිහාරිකාව (Image courtsey-NASA)
මේක මගේ එකසිය හතළිස් හත් වැනි සිංහල උපසිරැසියයි.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Journey to the Edge of the Universe (2008) Sinhala Subtitles




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 637 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Journey to the Edge of the Universe (2008) Sinhala Subtitles
Meka US ekada UK ekada kiyala nane
YTS එකේ තියෙන පිටපත. US.
බොහෝම ස්තූථියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ වටිනා ඩොකියුමන්ට්‍රියට සබ් ගෙනාවට….