Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | පට්ට ගේම් කාරයෙක්. [සිංහල උපසිරැසි]
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles
ආයුබෝවන්. අදත් වෙනසකට එක්ක හිංදි උපසසිරැසියක් ගෙන එනවා.
නෙට්ෆ්ලික්ස් එකේ තිර ගත වෙන හිංදි Heist (හොරකමක් කරන සිදුවීමක්) ෆිල්ම් එකක්. හැබැයි වෙනද කියනව වගේ ෆිල්ම් එකේ හොඳ-නරක ගැන මොකුත් කියන්නෙ නෑ. මේක සුපිරි ප්ලොට් එකක් උනත් නිර්මාණය ඒ කතාවට ලොකු සාධාරණයක් ඉටු කලාද කියන එක ටිකක් ගැටලු සහගතයි. ඒ දේ එහම වුනත් මේ ජාතියේ ෆිල්ම් ප්‍රිය කරන අයට බලන්න හොඳ ඒ වගේම ජනප්‍රිය තරු කිහිපයක් ඉන්න නියම ෆිල්ම් එකක් වේවි මේක.
රංගනයෙන් සායිෆ් අලි ඛාන්, ජායිදීප් අහ්ල්වට්, කුනාල් කපූර්, නිකිතා දුත්තා චරිත මවන මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂනය කූකි ගුලාටි සහ රොබී ග්‍රේවල්ගෙන්.
මේක පට්ට ගේම් කාරයෙක් ගැන කතාවක්. බරපතල ආභරණ මංකොල්ල ගණනාවක් සිදු කරපු මේ මනුස්සයා තවත් ජාවාරම් කාරයෙක් එක්ක අළුත්ම මංකොල්ලෙකට අර අඳින එක තමයි කතාව. ඒ පිටි පස්සෙ බුද්ධි නිලධාරියෙකුයි ඔහුගෙ බුද්ධි හීන සහචරයො පිරිසකුයි ලුහුබඳිද්දී හිතා ගත නොහැකි ලෙස තමන්ගේ සැලසුම් වෙනස් කරමින් අරමුණ කරා ගමන් කිරීමට ඔහු උත්සාහ කරනවා. මේ ජාතියේ කතා සෙට් වෙන අය බලන්න.
මීට වඩා මොකුත් කියන්නෙ නෑ. තවත් උපසිරැසි කීපයකට ඉඩ කඩ වෙලාව ගන්න ඕනෙ නිසා. එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Pre-HD/ Proper HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 264 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.