It Happened One Night (1934) Sinhala Subtitles | අහම්බයක් වූ ඔවුන්ගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
වසර 9 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි නෙව බයිස්කෝප් තමුන්ගේ මුල් පිම්ම තියනකොට ඈත එපිට රටක Watchmen, Taken, Slumdog Millionaire, Gran Torino, The Reader වගේ සිනමා පට තවමත් තිරගත වෙමින් පැවතුනා. අපේ පොතේගුරා හිතන්නට නැතුව ඇති නේද එදා තමුන් ඒ පැලකරපු මූල බීජය වෙලා ඔය කලින් කතා කල චිත්‍රපට වගේම තවත් චිත්‍රපට රැසක් සිංහල කතා කරන සිංහල කියවන අපේ මේ පුංචි රටේ ජනතාව අතරට එක්කන් එන්න තබන මුල් පියවර එය බව. මේ කාලය පුරාවට බොහොම දෙනෙක් බයිස්කෝප් මග ගියා නමුත් කිසිවෙකුට බයිස්කෝප් වෙන්නට නොහැකි වුනා. ඒ නෙට්ස්කේප් නැවිගේටර් නොවී බයිස්කෝප් ගුගල් වගේ හැමදාම කාලයත් එකක් වෙනස් වුන නිසා කියලයි මම හිතන්නේ. මේ වසර 9 ක කාලය පුරා බොහොම දෙනෙක් අපේ මහා ගෙදර වෙනුවෙන් ලිපි ලියන්නට ඇති, උපසිරැස කරන්නට ඇති. කොටින්ම ලේඛනවලට අනුව නම් උපසිරැස එකක් හෝ කල සාමාජිකයන් එකක් අපේ ලැයිස්තුව 800 ත් ඉක්මවා යන තරම් ලොකු නම් ගොඩක්. මේ නම් ගොඩ ඇතුලේ උපසිරැස 11 000 කට අධික ප්‍රමාණයක් ගැබ් වෙලා තියන එක තමයි අපට සතුටු වෙන්න හැකි අනික් කාරනාව වෙන්නේ. ඒකත් එක භාෂාවක, එක ආරක නෙමෙයි හැම ආරක්ම, හැකි හැම භාෂාවක්ම ඇතුලේ දිව යන අපි හැමෝටම පොදු මේ රූප මාධ්‍ය අපේ රටේ අපි වෙනුවෙන් සිංහලෙන් ලං කරන්නට කරපු වෑයමක් වීම තමයි බොහොම වටින්නේ. ඇත්තටම සතුටු වෙනවා ඒ වැඩ කොටස වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න ලැබීම ගැන. ඉතින් එහෙනම් තව ලොකු කතා කියන්න ඕන නැහැ නෙව අද දවසම ඒ වෙනුවෙන් වෙන් වෙනවා නේ. චිත්‍රපටය පැත්තට හැරෙමු මොකද මේක ගැන නම් කියන්න දේ බොහොමයි.
මේ තමයි පළමු Big Five ජයග්‍රහණය කල චිත්‍රපටය, ඒ කියන්නේ මෙහෙමයි ඔස්කා සම්මාන උළෙලක හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම පිටපත ඔය 5 ම දිනාගන්නවා කියන්නේ එක චිත්‍රපටයක් ඒක කලින් සඳහන් කල BIg Five ජයග්‍රහණය කළා කියන එක. 90 වසරක් පිරෙන ඔස්කා සම්මාන උළෙලේ ඉතිහාසයේ මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ 3 වතාවක් විතරයි මේ වෙනකම්, ඒ මින් පසු One Flew Over the Cuckoo’s Nest (1975) හා The Silence of the Lambs (1991), නමුත් ඒ ඔක්කොටම කලින් තමයි මේ සිනමා නිර්මාණය ඔය කඩයිම් පහු කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි 1975 වෙනකම් හොඳම නළුවා හා නිළිය සම්මාන දෙකම එකම චිත්‍රපටයකට දිනාගන්න වෙලත් නැහැ මේ සිනමා පටයෙන් පස්සේ. Frank Capra තමයි මේ සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඔහු ගැන කියනවා නම් ඔහු තමයි Mr. Smith Goes to Washington, It’s a Wonderful Life වගේ සිනමා ඉතිහාසයේ සදාතනික සිනමා නිර්මාණ අපි වෙන ගෙනත් තියෙන්නෙත්. තිරයේ පෙනෙන ප්‍රධාන මුහුණ වෙන්නේ Clark Gable ඔහුව දැක ඇති Gone with the Wind, Mutiny on the Bounty වගේ ඉතිහාස ගත වැදගත් නිර්මාණ බලලා තියන කෙනෙක් නම්. ප්‍රධාන නිළිය වෙන්නේ Claudette Colbert ඇය බොහොම වැදගත් චරිතයක් වෙනවා සිනමා ඉතිහාසයේ ඒ ගැන පසුවට කියන්නම් කෝ.
IMDB මීටරයේ 8.1 ක් වගේ අගයක් ලබාගෙන තියන මේ කතාව හොඳම 250 ඇතුලේ 184 වැනි තැන පසු වෙනවා. ඒ එකක්ම අද අපි ඔබ වෙත ගෙනාව AFI ලයිස්තුවේ 46 වැනි තැන තමයි මේක රැදෙන්නේ. මෙහි ඇති සංස්කෘතික, ඓතිහාසික හා සමාජීය වැදගත් කම ගැන සලකලා 1993 වසරේ දී කොන්ග්‍රසය තීරණය කරනවා ජාතික චිත්‍රපට ලේඛනාගාරයට මේක අරගෙන අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කරන්න. ඉතින් ලේසි පහසු එකක් වෙන්න බැහැ නෙව. ආ කලින් කියන්න අමතක වුනා මේක පාදක වෙලා තියෙන්නේ Samuel Hopkins Adams රචිත “Night Bus” නම් නවකතාවෙන්.
හරි එහෙනම් ඇයි මම මේක තෝරා ගත්තේ. හේතුව සරලයි කියන්නට හැකි නමුත් සරල වෙන්නේ අද හොලිවුඩ් ගැන ඔබ දන්නා තරම එකක් තමයි. පසුගිය වසරේ සිදුවීම් ගොඩක් එකක් හොලිවුඩ් කාන්තා නියෝජනය හා ඔවුන්ට දක්වන සැලකිල්ල ගැන කතා වෙනවා බොහොම තදට, මේ පාර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල දැක්කා නම් දකින්න ඇති ඒ කළු ඇඳුම්, ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළියගේ කතාව දැක්කා නම් ඇය කල දේ දැක්කා නම් ඔබට මම මේ කියන කාරණය පැහැදිලි වේවි. කාන්තාවක් පිරිමින් හා සම තත්වයට අරගෙන එන්නට තමයි ඒ හැමෝගෙම උත්සාහය මොකද මොන කතා කිව්වා වුනත් මෙතෙක් එහෙම කලක් නෙමෙයි තිබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඇයි එහෙම වෙන්නේ බැරි, ඔය මොන පිරිමියා වුනත් කාන්තාවකගේ කුසෙන් උපදින්න හොඳ නම් ඇයි ඒ ගෞරවය ලබා දෙන්න බැරි ?
මේක හාස්‍යජනක ආදර කතාවක් නමුත් අර කිව්ව වැදගත්කම එන්නේ “Pre-Code romantic comedy film” කියන්න කෑල්ල එකක්. මොකද්ද මේ Pre-Code කතාව ? ලෝක යුද්ධයෙන් පස්සේ සිනමා කර්මාන්තය වෙනස් වෙනවා හරියට අද තියන සිනමාව වගේ දුෂ්ටයා වීරයා වෙනවා, කාන්තාවන්ට කල නොහැකි දෙයක් නැහැ. ඔවුන්ට රිසිසේ පිරිමින් භාවිතයට ගත හැකි, කැමති දේ පෙන්විය හැකි, බලවත් විය හැකි, ලිංගිකත්වය හුවා දක්වන ඇනුම් පද රිසිසේ ඕනෑම කෙනෙක්ට භාවිතකය ගත හැකි ඒ වගේමයි සමලිංගිකත්වය හා සමලිංගික චරිත යොදා ගැනීම. නමුත් මේ ඔක්කොම වෙනස් වෙනවා Hays Code එක්කත් එක්ක. මේකෙන් නීති ගෙනාවා කතාවක පෙන්විය හැකි දේ මොනවා ද? බැරි දේ මොනවාද කියන එක ගැන. නමුත් 1930 – 1934 කාලය තුල බොහොම පෙරළිකාර නිර්මාණ බිහිවෙනවා මේ නිතී රැසක්ම නොසලකා හරිමින්.මේකට ලොකු හේතුවක් වුනේ ඇමරිකාවේ අවපාතය (Depression). මේ නිසාවෙන් මිනිස්සු සමුන්ගේ සාමාන්‍ය ජිවිතයේ පීඩනයෙන් ගැලවෙන්න මගක් හෙව්වා ඒ තමයි සිත විසිතුරු කරන සිනමාව ඉතින් ඒ එක්කම ඒ කාලයේ දේශපාලන වාතාවරණය හා සිනමා නිර්මාණ ප්‍රමිතිගත කරන ආයතනයට දරාගත නොහැකි සිනමා නිර්මාණ ගොන්න නිසා නිතිය බොහොම යට ගියා කියන්න හැකි. මේ සිනමා පට තමයි Pre-Code Films හැටියට හඳුන් වන්නේ, මේ සිනමාපට බොහොමයක් අද විශිෂ්ඨ සිනමාපට ලෙස විචාරක කතාබහට ලක් වුනා වුනත් එදා කතෝලික පල්ලිය මැදිහත් වෙලා 1934 වෙන කොට කොහොම හරි මේ නීති අනිවාර්යයෙන්ම පිලි පැදිය යුතුම තත්වයකට සිනමා කර්මාන්තය අරගෙන එනවා. 1969 නව නීති හදුන්වා දීලා අපි අද දකින විවෘත සිනමාවට එනකම් සිනමාව බොහොම පටුයි කියන්න හැකි, හැබැයි මේ නිතී නොකඩා කඩන හැටි සිනමාකරුවන් හොයා නොගත්තා නෙමෙයි….
නමුත් අදත් ඒ නීති එහෙමම තිබ්බා නම් පසුගිය වසරේ Moonlight (හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මානය දිනාගත් චිත්‍රපටය), මේ වසරේ Call Me By Your Name වත් මිට කලින් ආව Brokeback Mountain, Milk, Carol වගේ ඔස්කා සම්මාන උළෙලේ ඉහලින් වැජබෙන සිනමා නිර්මාණ බිහි නොවන්නට තිබ්බා ඒ විතරක් නෙමෙයි There Will Be Blood, Gangs of New York, Goodfellas, Casino, Django Unchained, Bonnie and Clyde වැනි විශිෂ්ඨ සිනමා නිර්මාණ අපි නොදකින්නට ඉඩ තිබුනා.

Claudette Colbert ගේ වැදගත් කම ගැන කතා කරනවා නම් මේ කාලය ඇතුලේ Claudette Colbert, Barbara Stanwyck, Ann Harding, Marion Davies, Ruth Chatterton, Marlene Dietrich, Greta Garbo, Bette Davis, Helen Hayes, Jean Harlow වගේ නිලියන් පිරිසක් තමයි සට කපට නමුත් බලවත් කාන්තා චිරිත නිරුපණයට මුලික ලෙසම යොදාගෙන තියෙන්නේ මේ කාලයේ ආව Baby Face, Red-Headed Woman, Night Nurse සිනමාපට මේ කාන්තා චරිත බලවත් කරමින් හැකිතාක් නීති බිදිමින් සිනමාව ආක්‍රමණය කළා විතරක් නෙමෙයි ජය ගත්තා, විචාරක මතයෙන් විතරක් නෙමෙයි ලාභ අතිනුත්. ඉතිහාසය වාර්තාවක් විතරයි නමුත් මෙවැනි නීති බාධක නොතිබුනා නම් සමහරක් විට අද මේ කතා කරන හොලිවුඩ් ප්‍රශ්න නැතිවෙන්නට පවා යම් ඉඩක් තියෙන්නේට ඇති.
මේ ඇති මම හිතන්නේ සිනමාව ගැන කතා කළා, අදාළ චිත්‍රපටය ගැන කතා කරමු එහෙනම්…. මේ කාලයේ බොහොම බලවත් කොටස් වෙළෙද පොළේ ලොකු වැඩ කාරයෙකුගේ දුවක් විවාහ වෙලා ඉන්නවා පියා අකමැති තරුණයෙක් සමඟ, ඉතින් පියාගේ හිර අඩස්සියෙන් ගැලවිලා පැන යන මේ තරුණිය හොයන්නට රටම පෙරලන තාත්තා එක පසකින් සල්ලි විසි කරනකොට අපේ කතා නායිකාව එලී,,, තමුන්ගේ සැමියා වෙන යන්න, පියාගේ මැරයන්ට හසු නොවී නිව්යෝක් නගරය වෙත යන්න රළු නමුත් කාරුණික මාධ්‍යවේදියෙකුගේ සහය පැතීම තමයි මේ කතාවේ හරය. ඉතින් ඇයට හැකි වේවි ද තමුන්ගේ පියාගෙන් ගැලවිලා ආදරය සොයා යන්නට ? මග දී හමුවෙන මේ පිරිමියා ඇයගේ හිතේ කොහොම තැනක ගනී ද? මේ සියල්ල බලාගන්නට හැකි ඔබට මිනිත්තු 105 ක් ඇතුලත. සත්තයි කම්මැලි නැතුව බලන්න හැකි මේ කතාව….
එහෙනම් මම සමු ගන්නවා නැවත හමුවෙනතුරු ඔබට සැමට ජය වේවා !!!
෴ චිරං ජයතු බයිස්කෝප් ෴
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1680 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Cool
නියමයි…. බොහෝම ස්තූතියි
ගොඩක් ස්තුතියි!! සහෝ
බොහොම ස්තුති ☺
Good Luck ! ♥
thx bro… puluwannam meke adyakshaka warayama adyakshanaya karapu mr.smith goes to washington movie ekatath sub daanawada…
thanks … nice job
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි.
nice job
IMDb 250 පෙරහරක් වගේ..
ගොඩාක් පින් සමීර කරුණාරත්න සහෝ
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
“අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
ජයෙන් ජය.
IMDb 250 පෙරහරක් වගේ..
ගොඩාක් පින් සමීර කරුණාරත්න සහෝ
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
“අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!
thank you
Excellent job mate and great article
Thanks!!!
Excellent job mate and great article.
Thanks!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
niayamai… supiri lipiyak…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……