Invincible [S03 : E02] Sinhala Subtitles | “මිනිස්සු වෙනස් වෙනවා” [සිංහල උපසිරසි]
Invincible [S03 : E01] Sinhala Subtitles
Invincible රසික ප්‍රජාව සාදරයෙන් පිළිගන්නවා. ටිකක් පරක්කු වුණා මේ එපියට සබ් එක ගේනකොට. මේ අරගෙන ආවේ Invincible තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාංගයේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ “A Deal with the Devil” කියලයි. ඒ ඇයි කියලා වැඩි වෙලාවක් යන්න කලින් බලාගන්න පුළුවන් වෙයි.
පසුගිය කතාංගයෙන්…
එපිසෝඩ් එක පටන් ගන්නකොට අපි දැක්කා සීසල් මාර්ක්ව පුහුණු කරන්න අරගෙන තියෙනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මාස තුනක් ඇතුළත මාර්ක්ගේ වේගය 65%කිනුත්, දරාගැනීමේ හැකියාව 70%කිනුත්, ශක්තිය 138%කිනුත් වැඩි වෙලා තියෙනවා. ඒවගේම මාර්ක්ගේ මල්ලී (අර්ධ-සහෝදරයා) වන ඔලිවර්ටත් පොඩි කාලෙදිම එයාගේ බලයන් හම්බවුණා. ඉතින් දැන් මාර්ක්ට එයා ගැන හොයල බලන්නත් වෙනවා.
දෙවෙනි සීසන් එකේ අනාගතයෙන් ආව ඊව් කිව්ව කතාව ඇහුවට පස්සේ මාර්ක් ගිහින් අපේ ඊව්ගෙන් කැමැත්ත අහනවා. ඒත් සුපුරුදු මාර්ක් ග්‍රේසන් තාලෙටම, මිනිහා වැඩේ අනාගන්නවා. වාසනාවකට වගේ තත්වේ තව දරුණු වෙන්න කලින් සීසල්ගෙන් ඇමතුමක් වෙනවා එයා සහ ඇටම් ඊව් ඇරෙන්න අනිත් සුපිරිවීරයෝ හැමෝවම ඩොක් සයිස්මික්ට යටත් වෙලා කියලා. මාර්ක් කොච්චර ශක්තිමත් වෙලා තිබුණත් එයාත් ඩොක් සයිස්මික්ට පරාද වෙනවා.
අන්තිම මොහොතේ කරන්න දෙයක් නැති තැන සීසල් D. A. සින්ක්ලෙයාට කියලා හදවපු රීඇනිමෙන්ලව නිදහස් කරනවා. අපි පළවෙනි සීසන් එක අවසානයේ දැක්කනේ සීසල් රීඇනිමෙන් හමුදාවක් හදනවා. ඒවගේම ඩාක්වින්ග්වත් නිදහස් කරනවා. එයාලා ඩොක් සයිස්මික් ළඟ හිරවෙලා හිටිය සුපිරි වීරයින්ව නිදහස් කළාට ඉන්වින්සිබල් නම් මේකට හොඳ හිතක් පෙන්නන්නේ නෑ. එයා සීසල් එක්ක මේක බේරගන්න පෙන්ටගන් එකට කඩා වදිනවා.
එපිසෝඩ් එක අන්තිමට අපට එළි කරනවා White Room එක සීසල් ගේ ආරක්ෂාවට හදපු එක්ක බවත්, ඒ ආරක්ෂා වෙන්න හදන්නේ මාර්ක් ගෙන් බවත්, රීඇනිමෙන් හමුදාවක් මාර්ක්ව වට කරලා තියෙන බවත්. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මොකක් වෙයිද? “යක්ෂයා සමඟ ගනුදෙනුව” කොයි විදියකට ඉවර වෙයිද? මේ එපිසෝඩ් එක බලලම හොයාගන්නකෝ.
පුළුවන් තරම් ඉක්මනින් තුන්වෙනි සහ හතරවෙනි එපිසෝඩ්වල උපසිරසිත් ගේන්නම්. එතකන්, පීස් ✌️.
Invincible [S03 : E02] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 630 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Ithuru tiktath ikmnta sub gahamu ne.
Mcn plz ithuru sub tika
dan nam welawa hari bosa ithuru sub tika denna 🙂
Mcn plz ithuru tikakath sub denna
Invincible S03 okkoma episoad wala sinhala sub dennako
S3 ඉතුරු Subtitles එක දෙන්නො.
please ithuru episode tikatath sub gennako
ස්තුතියි සනුප මල්ල. ඉතුරු ටිකටත් සබ් ටික ඕන.
Ko anith episode tika
Ko ithuru episode tika
elama