Intruders (2016) with Sinhala Subtitles| කඩාවදින්නෝ. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න මම බයිස්කෝප් පවුලට අලුතින්ම එකතු වෙන කෙනා. නමින් චාමිකර විදානගේ. මට යාළුවො නම් කියන්නේ “චාමි” කියලා 🙂 හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරනකොට මට හිතුන මමත් පුළුවන් විදිහට චිත්‍රපට වලට සිංහල උපසිරස දෙන්න ඕන කියලා. ඉතින් මම 2016 අවුරුද්දේ හා හා පුරා කියලා ඔන්න වැඩේට බැස්සා.
චිත්‍රපටය ගැන කියන්න කලින් මම පොඩ්ඩක් මං ගැන කියලා ඉන්නම්කෝ. දැන් ඉතින් ඔයාල මගේ නම දන්නවනේ. මම ඉන්නේ නම් කොළඹ. දැනට විදේශීය පෞද්ගලික සමාගමක සහය කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මම කථිකාචාර්යවරයෙක් විදිහටත් පෞද්ගික අධ්‍යාපනය ආයතන වල part time වැඩ කරනවා. ඒ අතින් බලනකොට මම ගොඩක් busy වගේ නේද? කොච්චර වැඩ තිබ්බත් මම වෙලාවක් තිබ්බම චිත්‍රපටයක් දෙකක් අනිවාර්යෙන් බලනවා. මම ගොඩක්ම කැමති horror, thriller, action and animated කියන ෆිල්ම් වර්ග වලටයි. Horror ඒවාට තමා මම වැඩියෙන්ම කැමති. ඇත්තටම මම horror (හොර) කොල්ලෙක්. හ හා. 🙂
හරි.. පම්පෝරි ගැහිල්ල පැත්තකින් තියල දැන් ෆිල්ම් එකට යමුකෝ. ෆිල්ම් එකේ නම තමයි Intruders. මේ නමින් මම ෆිල්ම් දෙකක් ගැන අහල තියනවා. එකක් release කලේ 2011. අනිත් ඒක 2015. 2015 ෆිල්ම් එක නම් The Intruders කියන නමින් තමා release උනේ.
දැන් මම කියන්න යන්නේ ඔය ෆිල්ම් දෙක ගැන නම් නෙමෙයි. මම පරිවර්තනය කලේ 2016, ඒ කියන්නේ මේ අවුරුද්දේ උණු උණුවේ release කරපු ෆිල්ම් එකයි. මේක IMDb අගය 5.6/10 ක් ගත්ත ෆිල්ම් එකක්. Drama, thriller සහ horror වර්ග තුනටම වටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Adam Schindler. විධායක නිෂ්පාදනය කලේ Paranormal activity, Insidious වගේ දැවැන්ත චිත්‍රපට වලට දායකත්වය දක්වපු Tommy Vlahopoulos ඇතුළු පිරිසක්. කතාව ලොකුවට කිව්වොත් ඒකෙ රහ යනවා. ඇත්තටම මම නම් හරි ආසාවෙන් බලපු ෆිල්ම් එකක් මේක. ඉතින් මම කතාවෙන් පොඩ්ඩක් කියන්නම්.
ඇනා කියන්නේ එයාගේ අයියත් එක්ක (කොන්රාඩ්) පාඩුවේ ජීවත් වෙන්න උත්සහ කරපු කෙනෙක්. අයියට පිළිකාවක් තියන නිසා ඇනා අයියට සාත්තු කරමින් තමා කාලයක් තිස්සේ හිටියේ. ඇනාටත් Agoraphobia කියන ලෙඩේ තියනව. ඒ ලෙඩේ තියන අය මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් ගෙනියන්න බයයි. ඇනා තාත්ත මැරුණට පස්සේ (අයියා තමා තාත්තව මැරුවේ) කවදාවත් ගෙයින් එළියට ගිහින් නෑ. ගෙදරට ඕන හැමදේම පිටින් ගෙන්න ගන්නවා. ඉතින් ගෙදරට කෑම ගේන කොල්ලෙක් ඉන්නව ඩේනී කියලා. ඩේනී අහිංසක කොල්ලෙක්. ඉතින් ඇනා ඩේනී ට කැමතීයි. ඩේනීත් ඇනාට හිතින් ආදරය කලා.
ෆිල්ම් එකේ මුලදීම කොන්රාඩ් පිළිකාවෙන් මැරෙනවා. ඉතින් දේපොළ ඔක්කොම කොන්රාඩ් ගෙන් ඇනා ට අයිති වෙනවා. ඇනා සල්ලි වලට පෙරේත නෑ. ඉතින් එයා සල්ලි වලින් කොටසක් ඩේනී ට දෙන්න යනවා. ඩේනීත් සල්ලි ගන්න කැමති වෙන්නෙ නෑ. හැබැයි එයා හැමදේම එයාගේ යාළුවා වේන්ස්ට කියනවා. වේන්ස් ඒවා එයාගේ අයියට (JP) කියනවා. අයියා පෙරී කියලා යාළුවෙක් එක්ක එනවා ඇනාගේ ගෙදර මංකොල්ල කන්න. එගොල්ලෝ හිතන් ඉන්නේ ඇනා එදා අයියගේ සොහොනට ගිහින් කියලයි. හැබැයි ඇනා එළියට යන්න බය නිසා එදත් වෙනාදා වගේම ගෙදරට වෙලා ඉන්නවා.
අන්තිමට වේන්ස් වගේම ඩේනීත් ඇනාගේ ගෙදරට එනවා. ඊට පස්සේ තමා ඔක්කොම පටන් ගන්නේ. අහිංසකයි වගේ හිටිය ඇනා (ගෑණු කවුද අහිංසක නේද?) කට්ටියගෙන්ම පළි ගන්නවා. තනියම ඉඳන් පුදුම ගේමක් පිරිමින්ට දෙන්නේ.මුළු ගෙදරම මාරක උගුලක්! ඉතින් කතාව ඔයාලත් බලන්නකෝ.
මේක මගේ පළවෙනි උපසිරස ගැන්වීම නිසා මම ඔයාලගේ comments ගන්න ගොඩක් කැමතියි. මම මේ ෆිල්ම් එක උපසිරස ගන්වන්න ගොඩක් මහන්සි උනා. හැබැයි මම හරිම සතුටින් ඒක කලේ ඔයාල වෙනුවෙන්මයි. එහෙනම් අපහු ඉක්මනටම හම්බවෙමු.
ජය වේවා!
[button link=”https://goo.gl/rQvXBX” type=”icon” “center” newwindow=”yes”] 691 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/06Oo5H” type=”icon” “center” newwindow=”yes”] 705 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/sOG4xj” type=”icon” “center” newwindow=”yes”] 1.36 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/ChamikaraV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thanks bro
Thank you
Thnq saho
Sub ekata thanx ahhh…
thanks bro
Elama…jayawewa
එල එල කියපු එකෙක්වත් ෆිල්ම් එක බලලා නෑ වගේ මේකේ සබ් එකේ ටයිම් ලයින් අවුල්……
එහෙම නම් ඔයාට තියෙන්නේ ෆිල්ම් එකේ කොපිය වෙනස් කරගන්නයි. මොකද මම මගේ කොපියත් එක්ක ටයිම් චෙක් කරලයි සබ් එක හැදුවේ. මම එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නෑ ශානක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අලුතින් සබ් එකක් හදල දාන්න.
Thanks bro, but update to BRrip then no doubt 😉
This film released on 2015 not 2016 😮
good luck
ela macho tanq macho 😀
Thank you for the sub saho…
ඔයා කවද්ද ඉලග මුවී එක දෙන්නෙ සහෝ
සුපිරි ෆිල්ම් එකක් තම දුන්නෙ.. උපසිරැසි වල කිසිම අඩුපාඩුවක් නැ එච්චරටම රස වින්ද කොටින්ම qwatෆට්ට ෆිල්ම් එක.
ඉලග මුවී එකත් මෙවගෙම එකක් දෙන්න…
ස්තූතියි සහෝ. මම ඒකෙ වැඩ පටන් අරන් තියෙන්නෙ. ටිකක් විතර පරණ (2011) ඒත් සුපිරි ෆිල්ම් එකක්. මම ඒක ලබන සතියේ අග වගේ දෙන්න ඉන්නේ. 🙂
Thks a lot for the sub, good job. Thaman gana kiyala pampori gahana eka adu kala nam thawath hondai.. Good luck
ඒක මගේ ගැන පුංචි හඳුන්වාදීමක් විතරයි යාළු..
dont worry bro. all the best your courage !
Thanks 🙂
දිගින් දිගට සබ් දෙන්න ශක්තිය කාලය ලැබේවා. thank u machan
ela ela
thank you
බොහොම ස්තූතියි!
බොහොම ස්තූතියි චාමිකර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මගේ පළවෙනි නිර්මාණයට සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම ෆිල්ම් දෙන්නම් 🙂
මගෙන් සුභ පැතුම යාළුවා 1වෙනි උපසිරියට… දිගින් දිගට සබ් දෙන්න ශක්තිය කාලය ලැබේවා.. ඔයාගේ type එකේම තමා මමත්
horror, thriller, action and animated ෆට්ට ආසයි… එහෙනම් නැවතත් මගෙන් සුභ පැතුම ජය වේවා
patta
පට්ට ෆිල්ම් එක සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට.මේ වගේ ෆිල්ම් තවත් දෙන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා.
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
welcome for baiscope team. thanks for sub bro….
welcome for baiscope teem. thanks for sub bro….
නියමයි මචෝ..
පලමු වැඩේට සුබ පැතුම්..
දිගටම වැඩේ කරගෙන යමු….
කියවන්න ආස හිතෙන විදිහට ලිපිය තියනවා…
දිගු ගමනක් යමු…
ජයෙන් ජය….
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIKARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
ලිපිය කියවපු ගමන් එකෙන්ම සෙව් කරා
මෙවගෙ සුපිරි මුවී දිගටම දෙයි කිය විස්වාස කරනව ඔබට ජය
පලවෙනි ෆිලුම මෙවගෙ සුපිරි මුවී එකකින් ආරම්භ කරපු එක සතුටුයි’ එ වගෙම ඔබට තුති. බලන්න අසම විදියෙ මුවි එකක්.
මෙක නම් එකෙන්ම බානව අයෙ දෙකක් නැ.
උපසිරැසියට තුති බ්‍රො .
ඔබට ජය.
ඔන්න බය නැති චන්ඩියෙක් ඇවිත්. “මේ මගේ එක මට සමා වෙන්න” වගේ කතා නැතිව වැඩට බැස්ස ඔබ ගැන මම ආඩම්බර වෙනවා. දෙන්න හොඳම ඒවා. ඔබට ජය.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
macan plez pluwanam ma movi eka sinhala sub dala depan
https://www.youtube.com/watch?v=_TB2gXuotx4
maka youtub wala teyana parts 12 kata pluwanan karala deyan loku penak
magnet:?xt=urn:btih:34da2265686e0277e41add32ced22185a3ca6cfc&dn=divx+ita+bernadette+tntvillage+scambioetico+org&tr=http%3A%2F%2Ftracker.torrent.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce
මම උත්සහ කරන්නම් සහෝ. මට මේකේ ඉංග්‍රීසි සබ් ෆයිල් එක හොයා ගන්න ඕන උපසිරස හදන්න.
ELA
THANK U VERY MUCH
adow…….patta a……balagena hitiye denakan mekata sub eka
එල්කිරි මචං…පලවෙනි සබ් එකට මගෙනුත් සුභ පැතුම්…
අඩේ…. මම සාමාන්‍යෙන් horror ෆිල්ම් වැඩිය බලන්නේ නෑ. ඒත් උබේ ලිපිය කියෙවුවම බලන්න හිතුනා. ලිපිය සුපිරි ආ.
උපසිරසියට බෝම ස්තූතියි. දිගටම සබ් දීපන්. ජය වේවා…………..
Thank You Very much Bro:
නියම වැඩක්
පළමු උපසිරැසියට සුභ පතුම්!
බොහෝම ස්තුති සබ් එකට,
ජය වේවා…!!!
Palaweni sub ekta subapatum saho.. Digtama me wge sub demu.. Good luck..
මුලින්ම පලමු වැඩේට සුබ පතනවා….ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරෙන් පිලිගන්නවා….තවත් මේ වගේ වටින උපසිරසි නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය හා කලය ලැබේවා.
පලවෙනි උපසිරැසිය වුනාට ලිපිය නම් හොදට ලියලා තියනවා. පුරුදු කාරයෙක් වගේ. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thank you very much
welcome you to baiscope thanks sabata