MENU

AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේරුක්ෂාන් ඛාන්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි

In the Lost Lands (2025) Sinhala Subtitles | මං කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නෙ නැත [සිංහල උපසිරසි]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

 

In the Lost Lands (2025) sinhala subtitles
ඔන්න එහෙනම් දිගු නිහැඩියාවකින් පසු බයිස්කෝප් වාසි සියළුම දෙනාට අවුරුද්දට තෑග්ගක් අරන් එන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒකට මං තෝරගත්තෙ ලොකු පොඩි කවුරුත් අඳුරන බැටිස්ටා ලොක්කගෙ අලුත්ම චිත්‍රපටය. ඒ තමයි In the Lost Lands චිත්‍රපටය. මේක නිකුත් වෙන්නෙ 2025 මාර්තු මස 6 වෙනිදා. ඉතින් වෙබ් කොපියක් රිලීස් වුනෙ මේ මෑතකදි. මට මතක විදිහට ඒ අප්‍රේල් 8 වෙනිදා. ඉතින් කොහොමහරි පුළුවන් ඉක්මනට සහ අවුරුද්දට කලින් දවසට ගේන්න ඕන කියලා හිතුවා. 
මේ In the Lost Lands චිත්‍රපටය අයත් වෙන්නෙ Fantasy/Action කියන ඛාණ්ඩයට. පැය 1 යි මිනිත්තු 41 ක වගෙ කාල සීමාවක චිත්‍රපටය ධාවනය වෙනවා. ඒ කොහොම වුනත් 4.7 ක වගෙ IMDb රේට් එකක් විතරයි මේකට අරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. චිත්‍රපටය ප්‍රේක්ෂයා වැළඳගෙන තියෙන මට්ටමක් තිබුනත්, සාමාන්‍යයෙන් බලන්න පුළුවන් මට්ටමක තියෙන enjoyable ෆිලුමක් කිව්වත් වැරදි නෑ. චිත්‍රපටය ගැන ඉන් එහාට යමක් මං කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉතින් චිත්‍රපටයේ ගුණ දොස් තීරණය පුළුවන් ඔයාලටම බලලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ දිනවල වෙබ් අඩවියෙ ඉතාමත් කාර්යක්ෂම නියැලෙන අපේ රවිඳු හේෂාන් සහෝදරයාගෙ ආරාධනාවකට තමයි මේ In the Lost Lands චිත්‍රපටයට මට උපසිරැසි ගන්වන්න අවස්ථාව ලැබෙන්නෙ. ඒ නිසා අනිවාරෙන්ම ඔහුව මතක් කරන්න ඕනෙ සහ මගේ හිතාදර බිම්සර සහෝවත් මතක් කරනවා මේ අවස්ථාවෙදි. ඉතින් මෙතනින් අදට මං නවතිනවා තවත් උපසිරැසියක් ගේන බලාපොරොත්තුවෙන්.
ඉතින් හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. පුළුවන් හැමෝම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඔන්න! ❤️
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 540 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

One thought on “In the Lost Lands (2025) Sinhala Subtitles | මං කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නෙ නැත [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *