අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළචිත්‍රපටිජර්මන්තීරණය ඔබේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Aus dem Nichts (2017) AKA In the Fade (2017) Sinhala Subtitles | නාසි බෝම්බ ප්‍රහාරයක්, අපරාධකරුවන් නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.0/10. From 3 votes.
Please wait...

2000 සහ 2007 කාලය තුලදී ජර්මනියේ “NATIONAL SOCIALIST UNDERGROUND” (ජාතික සමාජවාදී විරෝධතා ව්‍යාපාරය)සංක්‍රමණික පසුබිමක් ඇති පුද්ගලයක් නව දෙනෙකුට සහ කාන්තා පොලිස් නිලධාරිනියකට වෙඩි තිබීම සහ බෝම්බ ප්‍රහාර කිහිපයක්ම සිදුකලා.ඔවුන්ගේ ප්‍රහාරයන්වල එකම අරමුණ වුයේ ජර්මානු සම්බවයක් නොමැති වුවන්ගේ මුලාරම්භයයි.

දෙවැනි ලෝක යුද්ධය අවසානය නාසි නම් වූ ඒ උන්මන්තකයන් ලෝකයෙන් අතුගා දැමීම ලෙස තමයි අපි බොහොම දෙනෙක් සරලව දන්නෙ. නමුත් සැබෑ ලෝකයේ ඒ පිළිලය තවමත් ක්‍රියාත්මකයි, ඔවුන්ගේ ලකුණ වෙනස් වෙන්න ඇති, නම් වෙනස් නොවෙන්න ඇති නමුත් ඒ පිළිලය තවමත් ක්‍රියාත්මකයි… මේ ඒ පිළිලය හේතුවෙන් තමුන්ගේ පවුලම නැති වුන නීතියේ සිමා මායිම් තුල යුක්තියක් ඉටු නොවුන කාන්තාවකගේ පළිගැනීමේ කතාවයි.

2017 Cannes සිනමා උළෙලේ Palme d’Or සම්මානය සඳහා නාමයෝජනා ලද මේ නිර්මාණය 2018 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුනා වගේම 90 වැනි ඔස්කා සමාන උළෙල වෙනුවෙන් ජර්මානු නියෝජනය හැටියට විදෙහ්ස භාෂා සිනමා නිර්මාණ කෙටි ලැයිස්තුව නියෝජනය කරන්නත් සමත්කම් දැක්වුවා. ඒ විතරක් නෙමෙයි Cannes සිනමා උළෙලේ දී මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කල Diane Kruger හට එම නිසමා උළෙලේ හොඳම නිලියට හිමි සම්මානයත් දිනා දෙන්න තරම් විශිෂ්ඨ වුවා.

Fatih Akin ගේ පිටපතකට අනුව ඔහු විසින්ම නිර්මණය කරන ලද මේ සිනමා ජර්මන් භාෂාවෙන් දිවෙනා සිනමා නිර්මාණයේ දාවන කාලය පැය 1 යි මිනිත්තු 46 ක්. චරිත නිරුපනයෙන් එක්කාසු වෙන්නෙ Diane Kruger (Inglourious Basterds, Unknown, National Treasure වගේම The Bridge ටෙලි කතා මාලාව) සහ Moschitto, Numan Acar, Johannes Krisch, Ulrich Brandhoff, Siir Eloglu වගේ තවත් පිරිසක්. ලබාගෙන ඇති IMDB අගය 7.2 ක්, රෝටන් ටෝමාටෝ අගය 74%. නියෝජනය කරන කාණ්ඩයන් වන්නේ Crime, Drama.

කතාව මෙහෙම එකක්. කටියා නම් වන ඇය විවාහ වෙලා ඉන්නෙ තුර්කි සම්බවයක් තියන කලින් මත් ද්‍රව්‍ය වෙළෙදාම නිසාවෙන් සිරගත වෙලා පවා උන්න කෙනෙක් එකක්. ඔවුන්ගේ විවාහය පවා සිද්ධ වුනේ ඔහු සිරගතව සිටින විට. ඔවුන් දෙන්නට එක පුතෙක් ඉන්නව. තමුන්ගේ යෙහෙලියක් හමුවීමට යන්නට තමුන්ගේ පුතණුවන් තමන්ගේ සැමියාට අයිති ඔවුන්ගේම ව්‍යාපාරික ස්ථානයේ නවතා යන ඇය කිසිසේත් හිතන්නට නැතුව ඇති ඒ ඇය ඔවුන් දකින අවසාන වතාව බව. ඒ සන්ද්‍යාවේ සිදුවුණ බෝම්බ පිපිරීමක් නිසාවෙන් ඇයගේ සැමියා හා පුතනුවන් මරණයට පත් වන්නේ DNA මාර්ගයෙන් පමණක් සිරුරු හඳුනා ගත හැකි තරම්ම සිරුරු විනාශ කරමින්. නමුත් දෛවයේ සරදම මේ කිසිවක් නොවෙයි, සැමියාගේ ව්‍යාපාරික ස්ථානයෙන් නික්ම යන ඇය ඒ ඉදිරියේ නවතම පා පැදියක් නවතා යන තරුණියකට හොඳ හිතින් ඔවදනක් ලබා දෙනව ඒ පාපැදිය හොරාගත නොහැකි වන ලෙස ආරක්ෂක පියවරක් ගන්නා ලෙස, නමුත් මේ තරුණිය ඇය සුළු මොහොතකින් නැවත පැමිණෙන බව පවසා නික්ම යනවා. ඒ තමයි බෝම්බකාරිය…

පොලිසිය ඔවුන් නිතිය ඉදිරියට ගෙන ඒමට සමත් වුනත් නාසි පක්ෂය හා සම්බන්ධ අර තරුණිය සහ ඇයගේ සැමියා නීතියේ අන්ධබාවය නිසාවෙන්ම නිදහස ලබන්නේ ඇයගේ අවසාන බලාපොරොත්තුවත් සුන්කරමින්. දැන් අන්ධ නීතියේ පිරිසරණක් නොමැති ඇයට තමුන්ගේ නැතිවුන පවුල වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට කාලයයි… කිසිදු පිළිසරණක් නැති ඇය තම පවුලේ ඝාතකයන් සොයා හෝඩුවාවන් පසුපස යමින් ග්‍රීසියට යන ගමන හා අවසානයේ ඒ පලිගැනීම තමයි ඔබට දැකගත හැකි වෙන්නේ.

එහෙනම් ඔබට භාරයි සත්‍ය සිදුවීම් කරුණු කොටගෙන නිර්මාණය වුන මේ කතාව රස විදින්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක අපි සාමාන්‍යන් දකින අවසානයක් උරුම කරගත් කතාවක් නෙමෙයි කියන එක. මොකද මම හිතන්නේ නැහැ මෙවැනි අවසානයක් බොහොම දෙනෙක් අනුමත කරනවා ඇති කියල. එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

[Download not found]

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

One thought on “Aus dem Nichts (2017) AKA In the Fade (2017) Sinhala Subtitles | නාසි බෝම්බ ප්‍රහාරයක්, අපරාධකරුවන් නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *