I Know What You Did Last Summer (1997) | පසුගිය ගිම්හානයේ අදුරු සෙවනැලි. [සිංහල උපසිරසි සමඟ]
මගේ දෙවන උපසිරසි නිර්මාණයත් කරලා ඉවර කළා. මේකට නම් දවස් තුනක් විතර ගියා. මේක box office වාරතා තියපු සම්මාන දහයකට නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. පාසල් අධ්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ෂ නිළියන් දෙදෙනෙක්. චිත්‍රපටයෙ චරිත වල නම් “හෙලන්” සහ “ජුලී”. හෙලන්ගෙ චරිතයට ජනප්‍රියතම සහය නිළිය ලෙසත්. ජූලි ගෙ චරිතයට ජනප්‍රියතම නැගි එන නිළිය සම්මාන ලැබිල තියෙනවා. හෙලන්ගේ චරිතය කරන Sarah michelle gellar ට Hottest, Coolest Young Veteran – Female කියලා සම්මනෙකුත් ලැබිලා. අපට ඉතින් ඕව මොකටද. නේද. මේකත් horror thriller mystery ගණයට වැටෙන R වර්ගීකරණයේ චිත්‍රපටයක්. වයස 17 ට අඩු නම් වැඩිහිටියෙක් සමග තමයි බලන්න ඕන.
කතාව ගැන ටිකක් කියන්නම්කො එහෙනම්. චිත්‍රපටය පටන්ගන්නෙ ඩෝසන් වෙරළ තිරයේ ජූලි 4 වෙන්දා පවත්වන උත්සවයකින්. ‘හෙලන්’ රූප රාජිණිය ලෙස කිරුළ දිනා ගන්නවා. හෙලන්ගෙ ප්‍රෙමවන්තයා පෝසත් හොදට බොන කෙනෙක්. හෙලනුයි එයාගෙ ප්‍රේමවන්තයයි ජුලියි ජුළිගෙ ප්‍රෙමවන්තයයි මුහුදු අයිනෙන් වැටිච්ච පාළු පාරක වාහනයකින් යනවා. යන්නෙ ඉතින් විකාර කර කර තමයි. ඔය අතරේ එකපාරටම කෙනෙක් වාහනයට හැප්පෙනවා. ඒ කෙනා මැරිලා කියලා තමයි හිතන්නෙ. හැපුණ කෙනාගෙ මූණ ලේ වලින් වැහිල. ජූලි ඒ කෙනා කවුද කියලා දැනගන්න හදනවා. අනිත් අයට ඕන මොකක් හරි කරලා ඉක්මනට මේකෙන් නිදහස් වෙන්න. දැන් පොලිසි යමු කියලා කෙනෙක් රණ්ඩු, ඇම්බියුලන්ස් එකක් ගෙන්වමු කියල කෙනෙක් රණ්ඩු. මිනිය කන්දෙන් පහළට දාමු කියලා කෙනෙක් රණ්ඩු. මුහුදට දාමු කියලා කෙනෙක් රණ්ඩු. ඔය රණ්ඩු අස්සෙ කොහොමහරි මිනිය කාරෙකේ දාගෙන මුහුද අයිනේ තොටුපළක් ගාවට අරන් එනවා. කට්ටිය රණ්ඩු වෙන අතරේ හැපුණ කෙනාට පණ ඇවිල්ලා හෙලන්ව අල්ලගෙන උදව් ඉල්ලලා කැ ගහන්න පටන් ගන්නවා. කට්ටිය හොදටම කලබල වෙලා හැපුණ කෙනාට ගහලා මුහුදට තල්ලු කරලා දානවා. දැන් ඉතින් හතර දෙනා අයේ මේක ගැන කට හොලවන්නෙ නැහැ කියිලා පොරොන්දු වෙලා වෙන්වෙලා යනවා.
කට්ටියගේ ප්‍රේම සම්බන්ධකම් බිද වැටිලා ජිවිත ඔක්කොම මේක නිසාම මලානික වෙලා යනවා. කොහොමහරි ඊළග ගිම්හාන කාලයත් එලබෙනවා. ජුලීට ලියුමක් ලැබෙනවා “I know what you did last summer” “පසුගිය ගිම්හානයේ කල දේවල් මම දන්නවා” කියලා. මෙතන ඉදලා හැමෝටම බය හිතෙන දේවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නෙ. ඇත්තටම ඒ කෙනා කවුද? මුහුදෙදි මැරුනද? ඇයි ඒ කෙනා පාළු තැනක රෑ පාරෙ හිටියේ? එහෙනම් හැමොටම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.
පොඩි අතිරේක දෙයක් මෙකෙ දෙවන කොටස I still know what you did last summer 1998, තුන්වෙනි කොටස I’ll always know what you did last summer 2006 කියලා ඇවිත් තියෙනවා. scream 1,2,3,4 මේ වගේ කතා තේමවක් ගත්ත ගොඩක් ජනප්‍රිය චිත්‍රපට 4 ක් තියෙනවා. ගොඩක් අය බලලා ඇති බලපු නැති අය කැමතිනම් අරන් බලන්න. ඊළග උපසිරසියෙන් හම්බවෙමු එහෙනම් අපි ගියා!
[button link=”http://tinyw.in/cXvg” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2985 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/Niroshanhe.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
thanks for the good work
Thanks
එල සහෝ අනිත් කොටස් ටිකත් දෙන්න,ජයවේවා.
Thanx
එල එල
බලන්න හිතයි
සබට තුති
ඔබට ජය……….
ජයවේවා!
niyamai
සබ් එක ගත්ත හැමොටමත් comment කල හැමෝටමත් ගොඩක් ස්තුතියි. ජයෙන් ජය.
Thank You Niroshan.
superb…
thnq 🙂
නියමයි සහෝ.
ලස්‍සන ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ජයෙන් ජයම වේවා සහෝ!!!!!!!!!!!!
supiri filumak vage machannn….
thanks machan sub ekatahhh…
onna bagaththaaa……
ස්තුතියි නිරෝශාන් සහෝ සිංහල උපසිරසියට!
ජය වේවා!
මේ ෆිල්ම් එක මම බැලුවා 2008දි.මාර ලස්සනයි.Sarah michelle ගෙ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි .බලන්නම වටින මූවි එකක්.thanks සබ් වලට.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks
එලකිරි සහො අනිත් දෙකටත් සබ් දුන්නොත් ආයෙ කියලා වැඩක් නෑ 😛 😛
ඔහොම හිමීට ඒදෙකටත් දෙමු 😀 😀 ජය
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු දෙකටත් උපසිරැසි දෙමුකෝ. මොකෝ කියන්නෙ? ජය෴෴ 😛 😛
මචං පුලුවන් නම් Haunting (1999) චිත්‍රපටියත් සබි කරලා දෙන්න කෝ ඒක මාරම horror ඒකක් එකයි ඉල්ලන්නේ අනේ ප්ලිස් සබ් කරලා දෙන්න කා් ලොකු දෙයක් ඔබට ජය
thanks bro
ස්තුතියි සහෝ උපසිරැසියට…
MACHAN MACHAN…! kiyala wadak na. man patta asawen hitiye meka balanna. godak pin saho..! 🙂
thak uuu
maxxaaaaaa.subata thanks NIROSHAN saho.digatama sub demu.jaya wewa……..