MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසිසිසිත සමරතුංගහින්දි

Honeymoon Travels Pvt. Ltd. (2007) | මධුසමයට යන ජෝඩු හයක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

Honeymoon Travels Pvt Ltd.(2007)

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මගේ අටවෙනි සිංහල උපසිරැසියත් අරගෙන මේ පැත්තේ ආවා… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමයි ගෙනාවේ, නම Honeymoon Travels Pvt. Ltd., කට්ටිය එච්චරම අහලා නැතුව ඇතිනේ? 2007 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ.

අමීර් ඛාන් රඟපාපු Talaash(2012) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Reema Kagti නම් අධ්‍යක්ෂකවරියගේ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටය, හැබැයි තලාෂ් තරම්ම සුපිරි නැහැ මේ චිත්‍රපටිය නම්. දිල් චාතා හේ, සින්දගී නා මිලේගී දෝ බාරා වැනි චිත්‍රපටවල ලක්ෂණ මේ චිත්‍රපටයේ දකින්න පුළුවන්, නිෂ්පාදනයෙන් ෆර්හාන් අක්තාර් දායක වෙලා තියෙනවා. අමීෂා පටෙල්, බෝමන් ඉරානී, ශබානා ආස්මී, කේ කේ මෙනන්, රයිමා සෙන්, අභේ ඩියෝල්, මිනිෂා ලම්භා, රන්වීර් ශෝරේ, ඩියා මිර්සා, අර්ජුන් රාම්පාල් වගේ නළු නිළි කැලක් රංගන දායකත්වය සපයනවා. ඇතැම් අය නමෙන් හඳුනාගන්න නොහැකි වුවත් රුවෙන් ඔබ ඔවුන්ව හඳුනාගනිවී.

කතාව පැත්තට යොමු වුණොත්, මධුසමයට ගෝවා නගරය බලා පිටත්වෙන ජෝඩු 6ක් ගැන තමා මූලිකවම කතාව දිව යන්නේ, විවිධ තරාතිරම්වල, විවිධ වයස් මට්ටම්වල පසුවන මොවුන්, එකිනෙකාට එකිනෙකා හරියටම වටහාගෙනද ඉන්නේ? තමාට හරියටම ගැලපෙන සහකරුවද තෝරාගෙන ඉන්නේ? ඒක චිත්‍රපටිය නරඹලාම දැනගන්න වෙනවා, මොවුන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනවා,ආදර්ශ රැසක් සමඟ ගලායන සොඳුරු කතාන්දරක්.

විශාල් සහ ශේකර්ගේ සංගීතයෙන් හැඩවුණු ශාන්, ශ්‍රේයා ගෝශාල්, සුනිදි චෞහාන් වගේ ගායක ගායිකාවන් ගයන මියුරු ගීත කිහිපයක්ද මේ චිත්‍රපටයේ අන්තර්ගතයි, සිංහල උපසිරැසි තියෙන්නේ නම් සිංදු දෙක තුනක වගේ, එක් විශේෂ දෙයක් මා මේ චිත්‍රපටයේ දුටුවා, එනම් මෙහි එන චරිතවල අතීත කතාව දිග හරින්නේ රේඩියෝ වැඩසටහනක් මඟින්, ඒක චිත්‍රපටිය නරඹනකොට ඔබට වැටහේවි.

මේ උපසිරැසියටත් මට සුපුරුදු පරිදි බොහෝ කාලයක් ගත වුණා, ඔයාලගේ අදහස් තමයි ඉතින් අපිව දිරිමත් කරන්නේ, බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලනවා, එහෙනම් තවත් උපසිරැසියක් සමඟ පසුව මුණගැහෙන්නම්, ජය වේවා!!

Honeymoon Travels Pvt. Ltd. (2007) on IMDb

 

 

[button link=”http://tinyw.in/wG8G” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0ec2f264f619f9ee9d0227ed156bf178ad8fbc35
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2952 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

21 thoughts on “Honeymoon Travels Pvt. Ltd. (2007) | මධුසමයට යන ජෝඩු හයක්. [සිංහල උපසිරැසි සමඟ]

  • thakz for sub machan…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    ජය .

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
    කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා…
    ජයෙන් ජය…

    Reply
  • නලින්

    ස්තුතියි සසිත සහෝ!

    ජය වේවා!

    Reply
  • SUPIRI BN ELA ELA DHIGTAMA KRAN YAN OHOMA THANXS BN………

    Reply
  • අනිවා බැමක් මචන් තැන්ක්ස් සබට

    Reply
  • නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

    Reply
  • තරුෂ දිනුජය

    Thank Q mchn.
    අනිවා බලනවා.

    Reply
  • Ela Ela… Honey moon patta wagay balamuko

    Reply
  • tnxxxxxxx heta banooo ban

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *