Heeramandi: The Diamond Bazaar [S01 : E06] Sinhala Subtitles | “තාජ්ධාර් සහ ආලම්ෂේබ්: ජාතියද? ප්‍රේමයද?” [සිංහල උපසිරැසි සමඟ]
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, මේ අරගෙන ආවේ හීරාමණ්ඩි කතාමාලාවේ හයවැනි කතාංගයයි. පහුගිය කොටසේ අන්තිමට ආලම්ගේ අනන්‍යතාවය තාජ්ධාර් පවුලට හෙළි වීමත් එක්ක ඇතිවන බහින්බස් වීමෙන් පස්සේ තජ්ධාර්ව බලෝච් මන්දිරයෙන් පිටමං කෙරෙනවා, ආලම් එක්කම. මෙතැනින් ඔවුන් දෙන්නා කොහේ යාවිද? අද කතාවෙන් බලමු.
අද පළ වන කතාංගය ගැන:
හයවැනි කොටස – “Tajdar & Alamzeb: Nation vs. Love” – “තාජ්ධාර් සහ ආලම්ෂේබ්: ජාතියද? ප්‍රේමයද?”
අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 මැයි 01
IMDb Ratings – 6.8/10
අද කොටසේ කතාවේ මොකද වෙන්නේ? ගෙදරින් එළියට දාපු තාජ්ධාර් ආලම්ෂේබ් එක්ක එන්නේ, තාජ්ධර්ගේ මියගිය අම්මා තජ්ධාර්ට පවරපු අම්රුද් මන්දිරයටයි. එතැනදී තාජ්ධාර්ගේ ඥාතීන්ගෙන් ආලම්ට ලැබෙන ප්‍රතිචාරය මොකක් වෙයිද? මේ අතර මානසික විඩාව නිවාගන්න සුල්ෆිකාර්ගේ ඇරයුමින් මරේ වෙත යන මල්ලිකාජාන්ට ෆරීදන්ගේ අතීතය ගැන පුදුමාකාර තොරතුරක් දැනගන්න ලැබෙනවා. ඒ මොකක්ද? ඇය ඒක ෆරීදන්ට එරෙහිව යොදාගන්නේ කොහොමද?
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
මේ අතර වහීදා රාජමහලෙන් සොරකම් කළ ලිපිගොනුව ෆරීදන්ට ගෙනත් දෙන්නේ මල්ලිකාජාන්ගේ විනාශය සිදු කරවීමේ අරමුණින්. ෆරීදන් එසැණින්ම කාට්රයිට් වෙත ඒ ලිපිගොනුව දෙන්න සූදානම් වෙනවා. ඒත් ඔහු බැහැරක ගොස් ඇති නිසා දින පහළොවක් බලාසිටින්නට සිදු වන බව ඇය දැනගන්නවා. ෆරීදන්ගේ අභියෝගය මල්ලිකාජාන් කෙළෙස අභියෝගයට ලක් කරයිද? මේ අතර තාජ්ධාර්ගෙන් ආලම්ට විවාහ යෝජනාවක් එනවා. ඇය එයට එකඟ වීමත් සමඟ ඔවුන්ගේ විවාහයට සූදානම් වෙනවා. ඔවුන්ගේ විවාහය කරන්නට හැකිවෙයිද? තාජ්ධාර් ආදරයත් විප්ලවයත් යන දෙලොව අතර දෝලනය වෙනවා. මේ අතර බිබ්බෝජාන් ලබාදෙන ඔත්තුවක් අනුව කැරළි කරුවන් සමඟ ඉංග්‍රීසින්ගේ ආයුධ ගබඩාවක් මංකොල්ල කෑමට යන තාජ්ධාර්ට ඒ අභියෝගය ජයගන්නට හැකි වෙයිද? මේ හැලහැප්පීම් එක්ක ආලම් තාජ්ධාර් ආදර කතාවට කුමක් වෙයිද? අද කතාවෙන් බලලා දැනගන්න.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන, Heeramandi.The.Diamond.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1373 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට ස්තුතියි!
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Yakshini telugu web series ekatath sub eka ona