MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සචින්ත කල්හාර බෙනට්

Hawkeye [S01 : E01] Sinhala Subtitles | රෝනන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 53 votes.
Please wait...

ආපු දවසෙම උණු උණුවෙ මේ අරගෙන එන්නේ Marvel ෆෑන්ස්ලා එනකන් මග බලාගෙන හිටපු අලුත්ම MCU වෙබ් සීරිස් එක. MCU තුළින් මේ විදිහට Hawkeye පාදක කරගෙන සීරීස් එකක් නිර්මානය වෙනවා. ඉතිං Hawkeye චරිතයට සෝලෝ සීරීස් එකක් ලැබෙන්නත් Phase හතරක්ම ගතවුණා. කොහොම හරි සෝලෝ කිවුවට මේ සීරීස් එකට ක්ලින්ට් බාර්ටන්ට අමතරව තවත් චරිත දෙක තුනක්ම පාදක වෙනවා. කෙලින්ම සබ් එකට යන්න කලින් අපි මේ චරිතයේ කොමික් පසුබිම බලල ඉමු,

Clint Barton aka. Hawkeye

Clinton Francis “Clint” Barton චරිතය මුලින්ම මාර්වල් චිත්‍ර කතා පිටු අතරට පැමිණෙන්නේ 1964 වසරේ Tales of Suspense කොමික් කතාවෙන්. මේ චරිතයත් නිර්මාණය වෙන්නේ මාර්වල් නම ඇසුනු පමණින් මතක් වෙන Stan Lee මහතා අතින්. ඊය අමතරව Don Heck චරිත නිර්මානයට දායක වෙනවා. MCU වලදි දැක්කා වගේම ක්ලින්ට් කියන්නේ Master Archer කෙනෙක්. ඒ වගේම දක්ෂ hand- to- hand combatant කෙනෙක්. වැදගත්ම දේ තමා පොරටත් පනිශර්ට වගේ කිසිම සුපිරි බලයක් නැහැ. නමුත් Hawkeye මාර්වල් තුලදී ඉතාම දක්ෂ වගේම වැදගත් චරිතයක් විදිහට ප්‍රසිද්ධයි.

Kate Bishop

සීරීස් එකේ ඊළඟට ඉන්න ප්‍රධානම චරිතය තමා කේට් බිශොප් කියන්නේ. Katherine Elizabeth “Kate” Bishop තමා මෙයාගේ සම්පූර්ණ නම. මුලින්ම කොමික්වලට එන්නේ 2005 ආපු Young Avenger #5 කොමික් එකෙන්. ක්ලින්ට් එක්ක බැලුවම මෑත කාලයේ ආපු අලුත් චරිතයක් කියන්න පුලුවන්. MCU තුළ පියවරෙන් පියවර ගොඩනගමින් පවතින Young Avengers වලදී අපි දන්න කියන හුඟක් වීරයින් තරුණ අලුත් චරිතවලින් ආදේශ වෙනවා කියන එක ෆෑන්ස්ලා අතර ප්‍රසිද්ධ රහසක්නේ. ඉතිං ක්ලින්ට්ගේ තැන ගන්න MCU තුළට එන චරිතය තමයි මේ කේට්.

කේට් කියන්නේ සුලු සුලු වෙනස්කම් කිහිපයක් ඇරුනම ක්ලින්ට්ගේ කාන්තා මුහුණුවරමයි. කේට්ටත් දුන්නක් සහ ඊතලයකින් අසාමාන්‍යය වැඩ කිඩ පෙන්වන්න පුලුවන්. ඒ වගේම කඩු හැසිරවීම, මාර්ශල් ආර්ට්ස්, බොක්සින් වගේ හැකියාවන් ගොඩක් තියෙනවා.

හරි එහෙනම් සිරීස් එක පැත්තට ආවොත් මේ තමා Disney+ තුළින් එන හතරවෙනි MCU ලයිව් ඇක්ශන් ටීවි ප්‍රොජෙක්ට් එක, Jonathan Igla තමා මෙදා පාර Marvel සීරීස් එකේ ක්‍රියේටර් විදිහට එකතු වෙන්නේ. ඒ වගේම නිශ්පාදන කටයුතු වෙනුවෙන් මිලියන 150 ක ලොකු බජට් එකක් මේ සීරීස් එකට වැය කරලා තියෙනවා.

සුපුරුදු පරිදි ක්ලින්ට් විදිහට Jeremy Renner එකතු වෙනවා. ඊට අමතරව MCU තුළට අලුතින්ම එකතු වෙන කේට් බිශොප් චරිතයට පන පොවන්නේ අපි හැමෝම දන්න Hailee Steinfeld විසිනුයි. ඒ වගේම Tony Dalton, Fra Fee, Aleks Paunovic, Simon Callow, Bryan d’Arcy James සීරීස් එකට එකතු වෙනවා.

Hawkeye සීරීස් එක කලින් ආපු MCU සීරීස් තුනටම වඩා වෙනස් ස්වරූපයකිනුයි එන්නේ. මේ සීරීස් එකේ ලොකුවටම Christmas වයිබ් එකක් එකතු කරලා තියෙනවා. ඒ කොහොම වුනත් සුපුරුදු පරිදි හොඳ ඇක්ශන් සීන් නම් බලාගන්න පුලුවන්.

මේ සීරීස් එකටත් ලැබෙන්නේ කලින් සීරීස් දෙකට වගේම කොටස් 6 ක්. පළවෙනි කොටස් දෙක අද නිකුත් වුණා. ඉතුරු කොටස් හතර සති පතා Disney+ තුළින් නිකුත් කිරීමට නියමිතයි.

කලින් කිවුවත් වගේ කතාව වෙන්නේ දෙසැම්බර් මාසෙක්. ක්ලින්ට් තමන්ගේ ඇවෙන්ජර්ස් ජීවිතයට සමුදීලා පවුලෙ අයත් එක්ක සතුටින් කාලය ගත කරනවා. විශේෂයෙන්ම බ්ලිප් එකේ බලපෑමත් එක්ක ක්ලින්ට් තවත් වැඩි පුර කාලයක් පවුලෙ අයත් එක්ක ගතකර්න්න කැමැත්තෙන් ඉන්න පාටක් පේනවා. කතාවෙ සිදුවීම් වෙනකොට ක්ලින්ට් නත්තල් බලන්න ළමයි තුන්දෙනාම එක්ක නිව් යෝර්ක් ඇවිත් ඉන්නේ. ඔය අතර අනිත් පැත්තෙන් කේට් කතාවට සම්බන්ඳ වෙනවා. ඒ කොහොමද කියලා බලාගන්න නම් අනිවාරෙන්ම පළවෙනි එපිය බලන්නම වෙනවා.

මේ වෙනකොට හැම Marvel series එකක්ම කෙලින්ම MCU එකත් එක්ක සම්බන්ඳ වෙනවා. ඒ නිසා ඉදිරියේදි MCU ටයිම් ලයින් එක තේරුම් ගන්න නම් අනිවාරෙන්ම ටීවි සීරිස් සෙට් එකත් නරඹන්නම වෙනවා. ඒ නිසා Hawkeye සීරීස් එකත් එක්ක එක්තු වෙන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් දෙවෙනි කොටසින් ඉක්මණින්ම හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13201 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

32 thoughts on “Hawkeye [S01 : E01] Sinhala Subtitles | රෝනන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

  • අද මේක බලන්න ගත්තේ …
    සිංහළ උපසිරසිය ස්තුතියි….. ❤️

    Reply
  • thanks …………….

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Mindhunter ,dexter sub dennako

      Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Pramukmili

    Thanxxxxxx bro………..

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Tick tick boom film ekt sub eka denn baid

    Reply
  • thanks for the sub
    episode 2 release una november 24

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

    Reply
  • Thanx sub eka ikmnta dunnata

    Reply
  • Udara Madushanka

    ikmnaninm sub eka dipu eka gena gdk thq mcn

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • ela kollek…niyamai awa gaman dila

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සබට තුති සහෝ❤
    ජය වේවා…….

    Reply
  • Thilinda Randeera

    මග බලන් හිටපු series එකක් දිගටම දෙන්න..

    Reply
  • Harsha Rawishan

    Episode 2 නැද්ද බන්

    Reply
  • Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

    Reply
    • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *