MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නලහිරු සම්පත්සංගීතමයසිංහල උපසිරැසිහින්දි

Hawaa Hawaai (2014) | පියාඔන සපත්තුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Hawaa Hawaai (2014)ඔන්න ඉතින් යාලුවනේ මාත් අලුත්ම ෆිල්ම් එකක් අරගෙන අලුතෙන්ම බයිස්කෝප් උපසිරැසි කන්ඩායමට එකතු වෙන්නයි යන්නේ.මට ගොඩක් සතුටුයි. මේ මගේ පලවෙනි නිර්මාණය. ඉතින් කවුරුත් කියනවා වගේ කියන්න ඕන වැරදී තියනවනම් සමාවෙන්න කියලා. එත් ගොඩක් දුරට මං එහෙම නොවෙන්න වග බළාගත්තා. මේක මට දුන්නේ අසිරි අයියා. එයාට මුලින්ම ස්තූතියි කියන්න ඕන. එයා නැතිනම් මට මේ අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒවගේම සමීර අයියාවත් මතක් කරන්න ඕන. මට උදවු කරපු කාටත් ස්තුතියි. 

මේක මං බලපු පට්ටම ෆිල්ම් එකක්. මේක මුලින්ම තිරගත උනේ මේ අවුරුද්දේ මැයි මාසේ. මේ ෆිල්ම් එකේ IMDB අහය සටහන් වන්නේ 7.7ක් ලෙස. ඉතින් හිතා ගන්නකො ෆිල්ම් එක කොච්චර පට්ටද කියලා. මුල ඉදලා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මේක බලද්දී ඇස් වලට කදුලක් සමහර තැන් වලදී එන්නැතිනම් පුදුමයි. සංවේදී තැන් වඩාත් ලස්සනට ෆිල්ම් එක පුරාවට ඉස්මතු කරලා තියනවා. ඉතින් ඔයාලා හිතයි නේද මේක අඩා වෙටෙන ෆිල්ම් එකක් කියලා අපෝ එහෙම නැ. හොද ආදර්ශවත් කතාවක් විදියටත් ගන්න පුළුවන් කතාවක් මේක.
මේ කතාව නිර්මාණය වෙන්නේ අර්ජුන් කියන දුප්පත් කුඩා ළමයෙක් වටා. දුප්පත් කිව්වට මොහු උපතින්ම දුප්පත් පුදගලයෙක් නෙමෙයි. දුප්පත් කම නිසාම මොහුට කුඩා කාලෙදිම කඩයක වැඩට යාමට සිදු වෙනවා. ඒ ඔස්සේ තමයි මුළු කතාවම පෙළගෙසි තියෙන්නේ. එතනදී ඔහු මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකිම් රාශියකට. අර්ජුන්ට තව ඔහුගේම වයස පට්ට සෙට් එකක් ඉන්නවා. ඔවුන් එකතු වෙලා පුදුම දේවල් කරන්නේ…ඉතින් පවුලේ කාටත් වාඩිවෙලා බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් මේක. මන් කතාවේ ටිකයි කිව්වේ. මේකේ තව ලස්සන දේවල් තියනවා. ඒවා බලද්දී ඔයාලට තේරෙයි. එහෙනම් කාටත් බුදුසරණයි. ආයෙත්මේ වගේම ෆිල්ම් එකකින් හමු වෙමු.

Hawaa Hawaai (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/pyaod” type=”icon” “center” newwindow=”yes”] 860 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

A396763A4D0E834CC1177EBEE4963ED8D7157815
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7388 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

74 thoughts on “Hawaa Hawaai (2014) | පියාඔන සපත්තුව [සිංහල උපසිරැසි සමඟ]

  • tnzzzzzzzzzzzzzzzz bro…..

    Reply
  • Congrads for your beginning…Actually it’s a useful movie…Thanx a lot saho…

    Reply
  • ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

    Reply
  • සාරංග ලියනගම

    අපූරු සලරුවක්.. ගොඩක් ස්තූතියි සහෝ..

    Reply
  • Sumudu MAdhuranga

    මචං උඹල වගේ හිත හොඳ කොල්ලො නිසා තමයි අපි අද බඉස්කෝප් එකක් තේරුමක් ඇතුව බලන්නෙ….. ජය වේවා කොලා…….

    Reply
  • Isuru anuranga

    thnks.oyala loku sewayak karanne

    Reply
  • Chamika Sadaruwan

    බොහොම ස්තුති …… සුපිරි ගනයේ ෆිල්ම් එකක්…. දිගටම මේ වගේ වටින දෙවල් කරන්න ශ්කිතිය ලැබේවා කියලා පාර්ථනා කරනවා…. (y)

    Reply
  • thama film eka baagayai baluwe machan, ithuru baage balanna kalin ubata thanks kiuwe naththan hithata hari na wage nisai pause karala me cmnt karanne… well done macho ! pattama lassanai… <3

    Reply
  • හර්ෂණ

    නියම කතාවක් වගේ. ඔන්න මමත් සබ බා ගන්නවා.
    සබට තුති ජය…………..

    Reply
  • චාරුක ලක්ෂිත

    ඇත්තටම ඇස දෙකට කදුළු අවා….
    නියමයි සහෝ. පලවෙනි වැඩේට සුබ පතනවා. සබ් වලට බොහෝ තුති!
    මේ අවුරුදු කිහිපයටම මම බලපු හොඳම හින්දි චිත්‍රපටය මේකයි.
    අනේ පට්ටම පට්ට ෆිල්ම් එකක් මේක…

    Reply
  • Tharaka Sampath

    දැනුයි, මම මේ ෆිල්ම් එක බලලා ඉවර වුනේ. හරිම ලස්සනයි මචන්. සබ් වලට තෑන්ක්ස්. ඒ වගේම පළවෙනි උපසිරැසියටත් මගේ සුභ පැතුම්.
    පුළුවන්නම්, මේ සුපිරි ෆිල්ම් දෙකටත් සබ් දෙනවද?
    1. Stanley Ka Dabba (2011)
    imdb rating එක 7.9

    2. Thanks Maa (2009)
    imdb rating එක 7.6

    Reply
    • LAHIRU SAMPATH

      තෑන්ක්ස් සහෝ ෆිල්ම් එක ගැන මාව දැනුවත් කරාට.මං අද ෆිල්ම් එකේ වැඩ පටන් ගන්නවා.පුළුවන් ඉක්මනට සයිට් එකට දෙනවා .ඔන්න එතකොට මං ඔයාගේ ඉල්ලීම ඉටු කළා වෙනවා.ජය..!

      Reply
  • පළවෙනි උපසිරැසියට සුභ පැතුම්. ලස්සනම කතාවක්. සබ් වලට බොහෝ ස්තුතියි සහෝ………..
    තවත් මේ වගේ හොඳ ඒවාට උපසිරැසි දෙන්න.

    Reply
  • නියමයි ආ… ඔයාගේ පළමු සබ් එක.
    පට්ට බයිස්කොප් එක
    බොහෝම ස්තුතියි…
    ජය වේවා…!

    Reply
  • mama eye film eka beluwa. patta film ekakne. meka beluwe netnam aparade. harima lassanai.
    THANKS YALUWA……………….

    Reply
  • පලවෙනි වැඩේට සුබ පැතුම්.ඔන්න බාන්න දැම්මා……… 🙂

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ. පලවෙනි වැඩේට සුබ පතනවා. සබ් වලට බොහෝ තුති!
    මේ අවුරුදු කිහිපයටම මම බලපු හොඳම හින්දි චිත්‍රපටය මේකයි. වෛරය, ලේ වැගිරවීම්, සටන්, මිනී මැරම් දර්ශන කිසිවක් නොමැති උත්තර භාරතීය සිනමාවෙන් බිහි වූ ඉතාමත් ශ්‍රේෂ්ඨතම චිත්‍රපටියක්. ඒ ගැන කියන්න මට වචන නෑ. සියයට සීයක්ම අතිසාර්ථක, ආදර්ශමත් සිනමා නිර්මාණයක්.
    මේ වගේ හොඳ මූවි එකකට සිංහල උපසිරැසි දුන් ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය…….
    ඉදිරියට තව තවත් මේ වගේ සුපිරි ඒවාට සබ් දෙන්න හැකියාව ලැබේවා……………..
    ජය වේවා…………………
    තෙරුවන් සරණයි……………………………….

    Reply
  • Bhagye Aloka

    supiri katawa bohoma sthuthie
    lahiru sahodaraya
    jayen jaya………………

    Reply
  • පලවෙනි වැඩේට සුබ පතනවා. මේ වගේ යම් හරයක් ඇති ලස්සන සිනමා නිර්මාණ වලට තමයි සිංහල උපසිරැසි දෙන්න ඕනේ. මේ වගේ චිත්‍රපටි වලට ප්‍රතිචාර අඩුයැයි සිතුවත් ලෝකයේ මෙවැනි නිර්මාණ වලට කැමති පිරිස් ඕන තරම් සිටිනවා. මාත් එවැනි කෙනෙක්. මම මේක අදම බානවා. ‍තවත් මේ වගේ හොඳ ඒවාට උපසිරැසි දෙන්න, සහෝ.
    සබ්‍ ‍එ‍ක‍ට ගොඩක් ස්තුතියි!
    ඔබටත් බයිස්කෝප් එකටත් ජය වේවා!

    Reply
  • නලින්

    ස්තුතියි ලහිරු සහෝ!

    පළමු නිර්මාණයට සුභ පතන ගමන් දෙවැන්නකුත් පටන් ගන්න කියනවා!

    ජය වේවා!

    Reply
  • පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!

    Reply
  • ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ…බුදුසරණයි.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො, එහෙනම් දිගටම සබ් දෙමු නේ අපිත් එක්ක එකතුවෙලා. පළමු වැඩෙට සුභ පතනවා…!!!

    Reply
  • නියමයි සහෝ.
    පලවෙනි වැඩේට සුබ පතනවා.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.

    Reply
  • Thanks Bro..
    My Congratulations..!

    Reply
  • niyama kathawak ha.. sinhala sub digatama denda me wage films walta.. niyamai. jayen jaya

    Reply
  • sub ekata thanks saho..
    good luck..

    Reply
  • ‍වාව්‍.
    ‍අ‍ලුත්‍ ‍ස‍හෝ ‍කෙ‍නෙක්‍ ‍එ‍හෙ‍නම්‍.
    ‍ආ‍සි‍රි ‍අ‍යි‍යා ‍එ‍හෙ‍නම්‍ ‍ගෝ‍ල‍යෙක්‍‍ව ‍වැ‍ඩේ‍ට ‍බස්‍‍ස‍ලා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ටත්‍ ‍සු‍භ ‍ප‍ත‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • Dilshan kalinga

    නියමයි සහෝ….
    පළවෙනි නිර්මානයටම තෝරගෙන තියෙන්නේ නියම චිත්‍රපටියක්.මම නම් මේක බැලුවා.මොකද ඒ වෙද්දී උපසිරසි දීලා තිබුනේ නැති නිසා.ඉතින් මම මේක බැලුවට පස්සේ හිතා ගත්තා මේකට නම් අනිවා උපසිරසි දෙන්න ඕනේ කියල.මොකද මේ වගේ නිර්මාණ වලට අවධානය යොමු වෙනවා අඩු නිසා මම හිතුවේ නැහැ අඩුම තරමේ බාර අරගෙනවත් ඇති කියල.ඒත් ඉතින් මේක කරලනේ.කව්රු කරත් කරලනේ.එච්චර තමයි වෙන්න ඕනේ.
    මේ චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.ඒත් ක්‍රියාදාම නරඹන අයට නෙමෙයි එහෙම කිව්වේ.ලස්සන සංවේදී කතා බලන්න කැමති අයට ගැලපෙන නියම චිත්‍රපටියක්.
    මේකෙන් ලස්සනට අපේ සමාජයේ තියන පොහොසත් දුප්පත් කියන පැතිකඩ දෙක ගැන කතා කරලා තියනවා.

    අඩුපාඩු නම් තියේවි…ඒත් ඒවා හදාගෙන ගමනක් යමු නේද.
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
    පළමු උපසිරසියට සුබපැතුම්…!!!

    Reply
  • පලවෙනි වැඩේට සුබ පැතුම්.ඔන්න බාන්න දැම්මා………

    Reply
  • නිරෝෂ්

    සබ් දෙන තුරු බලන් හිටියෙ.ස්තුතියි ළහිරු.ජයවේවා ! පලවෙනි වැඩේට සුබ පැතුම් !

    Reply
  • ප්‍රදිප්

    තැන්ක්ස් මචෝ තැන්ක්ස්,
    දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

    Reply
  • චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    පළවෙනි උපසිරසියට මං සුබ පතනවා!

    Reply
  • මම නම් මේ වගේ කතා බලන්න වැඩිය කැමති නෑ. කොමෙන්ට් එකක අගේ දන්න නිසා ඔන්න පළවෙනි උපසිරසියට මං සුබ පතනවා!!! ඉස්සරහට තව හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා!!!

    Reply
  • LAHIRU SAMPATH

    මට සුභපතපු ඔයාලා කාටත් ස්තුතියි..ඔයාලගේ මේ COMENT එක තරම් මට වෙන සතුටක් නැ.ආසිරි අයියා කිව්වා වගේ මේක මගේ හීනයක්.මං ගොඩක් අසාවෙන් මේක SUB කලේ.අලුත්ම ෆිල්ම් එකක් නිසා මේක ටිකක් ලොකු වගකීමක් උනා.

    Reply
  • තැන්කු මල්ලියෝ, තවත් දෙන්න ඉක්මනට

    ඔන්න බාගන්න දැම්මා

    Reply
  • Udara Rajapakse(shan)

    ela macho…palaweni sabata suba pathum…

    Reply
  • ආසිරි ප්‍රියන්තගේ තවත් හදුන්වා දීමක්….
    ඔන්න මචෝ මමත් සබ ගත්තා. මේකට සබ් එක ලැබෙනකන් බලාගෙන උන්නේ
    සබට තුති. ඒ වගේම සාදරෙයන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට 🙂 🙂 ජය.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    ආසිරිගෙ ගෝලයෙක් වගෙ
    එල එල මචෝ දිගටම කරන් යමු
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා

    අපේ හින්දි උපසිරසි කණ්ඩායමට තවත් සාමාජිකයෙක් එක්වීම සන්තොසයට කරුණක්

    දිගටම අපි එක්ක ඉදිවී කියල හිතනවා

    උපසිරසට බොහොම ස්තුතියි!

    Reply
  • එල එල.
    සාදරයෙන් පිළිගන්නවා උපසිරැසි කණ්ඩායමට.
    ඉස්සරහටත් දෙමු නියම චිත්‍රපටි ටිකක්.
    ජයවේවා!

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.digu gamanak yamu.subata thanks LAHIRU saho. jaya wewa………

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මලයෝ එහෙනම්,,,
    ඔන්න සාදරයෙන් බයිස්කෝප් කණ්ඩායමට පිලිගන්නවා..
    ඉස්සරහටත් ලස්සන ෆිල්ම් අරගෙන එන්න..
    බලමුකෝ කොල්ලගේ මුල්ම වැඩේ, හීනේ තත්ත්වේ කොහොමද කියලා..
    ජය වේවා..

    Reply
  • අයේෂ්

    පලවෙනිම උපසිරැසියට සුභ පතුම්..
    ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

    Reply
  • ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. සෑහෙන වෙලාවක් ගියා කියලා තමයි ආරංචිය.. පටන් ගත්තා වගේම දිගටම අපිත් එක්ක රැදී ඉන්න කියලා ආරාධනා කරනවා.

    Reply
    • LAHIRU SAMPATH

      aniwyen ayye..digatama innawa

      Reply
  • පළමු වැඩේට සුබ පැතුම්,, දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • එල හොදේ
    බාගෙන බලන් හිටියෙ
    දන්නවනේ ඉතින් ලොවෙත් දෙනව
    කියල..
    මමනම් හිතුවෙම ආසිරිය දෙය් කියල
    මොකද ෆට්ට ෆිලුමක්නේ
    සබට බොහොම
    පින් මචෝ

    Reply
  • Thankssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…. පලවෙනි උපස්සිරසියට සුභපැතුම් 🙂 දිගටම රැඳී ඉන්න ජයෙන් ජය

    Reply
  • supiri
    thank you……….

    Reply
  • පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
    ලස්සන කතාවක් වගේ.. බලලම එන්නම්කෝ..
    ස්තූතියි..

    Reply

  • නියමයි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank youuuuuuuuuuuuu

    Reply
  • inoka perera

    ගොඩක් ස්තුතියි!

    Reply
    • earnga pathirage

      inoka nangi

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *