Happy Death Day (2017) Sinhala Subtitles | ජීවිතයද මරණයද [සිංහල උපසිරසි සමඟ]
හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ, ඉතින් මේක බාරගෙනනම් ටිකක් කල් වෙනවා, අධ්‍යාපන කටයුතු නිසා තමයි ඉවරකරගන්න පරක්කු වුනේ, ඉතින් කොහොම හරි දවස් තුනක මහන්සියක ප්‍රතිඵලයක් විදිහට අද මෙහෙම ඔයාලට මේක අරන් එන්න පුළුළුන් වුනා..
මේක ගැන කියනවනම්. මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තොබර් 13 වෙනිදා. දැනට මේ චිත්‍රපටියට 6.5ක imdb අගයක් ලැබිලා තියනවා. Horror | Mystery | Thriller ගණයට තමයි මේක අයිති වෙන්නේ. මේකදට නිෂ්පාධකයන් දරා තියන වියදම ඩොලර් 4,800,000 වුවත් තිරගතවීම ආරම්බ කර පළවෙනි සතිය තුලදිම මෙය ඩොලර් 26,039,025 මුදලක් උපයන්න සමත් වෙලා තියනවා. හොලිවුඩයේ ජනප්‍රිය නලුනිලියෝ රුසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හරි එහෙනම් වැඩි කතා ඒනි නැහැ, චිත්‍රපටිය පැත්තට යමු…
ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් එයාල මේ මීනි මරුවා හොයාගනියිද, ඇයි ට්‍රි මැරැණත් ආපහු පණ එන්නේ, එවයා මොකද එකම දවසේ හිරවුනේ, කවුද ට්‍රිව මරන්නේ, මේ හැම දෙයක්ම දැනගන්නනම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
**Get Up. Live Your Day. Get Killed. Again**
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
බොහොම ස්තූතියි සහෝ!
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤