Hannibal [S03 : E04] |නොමැරුනු ඇත්තෝ.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ සිව්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසේ විල් ග්‍රැහැම් හැනිබල් ලෙක්ටර්ගෙ මහ ගෙදරට යනවා. එතනදි ඔහුට සිරකරුවෙක් සහ ඔහුව බලාගන්න තැනැත්තියක්ව මුණගැහෙනවා. හැනිබල් කියූ විදිහට ඒ සිරකරුවා තමයි හැනිබල්ගෙ සහෝදරිය වන මිස්ෂා ව මරා දමලා තියෙන්නේ. ඒත් මටනම් හිතෙන්නෙ මිස්ෂාවත් මරාදාලා තියෙන්නේ හැනිබල් කියලයි. කොහොම නමුත් විල් ග්‍රැහැම් අර සිරකරුවව නිදහස් කරනවා. ඒත් නිදහස ලබන සිරකරුවා තමන්ව බලාගත්ත තැනැත්තිය මරා දාන්න ගත් උත්සාහයකදී ඇය විසින් ඔහුව මරා දමනවා. විල් ග්‍රැහැම් ඒ මළසිරුර සමනළයෙක් විදිහට සකසලා අර තැනැත්තියත් එක්ක එතනින් පිට වෙලා එනවා. ඒ වගේම නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් තවමත් ජීවතුන් අතර ඉන්න බවත් දැන් ඔයාලා දන්නවනේ.
මෙවර කොටසෙදි හැනිබල්ගේ ඉලක්කයට ලක්උන තවත් පුද්ගලයින් දෙදෙනෙක්ව ඔයාලට මුණගැහෙනවා. එක්කෙනෙක් තමයි විල් ග්‍රැහැම් සිරගත කර සිටියදී එම රෝහලේ ප්‍රධානියා වෙලා හිටපු දොස්තර චිල්ටන් නැමති මනෝවෛද්‍යවරයා. ඔහුව නොකල මිනීමැරුමකට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන අතර වාරයේදි හැනිබල් විසින් වෙඩි තබන සිද්ධියක් දෙවෙනි කතා මාලාවේ තියෙනවා. නමුත් එම වෙඩි පහරින් ඔහු මියයන්නෙ නෑ. මුහුණේ අවයව කිහිපයක් පමණයි ඔහුට අහිමි වෙන්නේ. අනෙක් පුද්ගලයා තමයි අර වර්ජර් කියන ඌරුමස් වෙලෙන්දා. හැනිබල් විසින් කම්මුල්, නාසය, තොල් වැනි මුහුනේ අවයව ඉවත් කරලා ඔහුවත් ජීවතුන් අතර තබනවා. ඉතින් ඔවුන්ට මේ කල දේට ඔවුනුත් හැනිබල් ලෙක්ටර්ව මුළු ලෝකෙ පුරාම හොයනවා. ඒ වගේම හැනිබල් ලෙක්ටර්ව හොයලා දෙන කෙනෙකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක් දෙන්නත් ඔවුන් දෙදෙනා තීරණය කරලා තියෙනවා. මේ දෙන්නට අමතරව තවත් ඉතා විශේෂ කෙනෙක් දොස්තර හැනිබල්ගේ ක්‍රියාවලින් නොමැරී බේරිලා ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. හැමෝටම ජයවේවා.
SInhala Subtitles
-- Count 787 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………….good luck ……………………………..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.

ජය වේවා. !
තෑන්ක්ස් සහෝ!කතාවනම් එළටම යනවා!
true detective එක ගැනත් බලමු සහෝ!
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela kiri machan
මේ සැරේ ටිකක් පරක්කු ද මන්ද………….. කොහොමවුණත් ඔන්න මාත් සබ ගන්නවා. බොහොම ස්තූතියි දිනිඳු.
bohoma sthuthi sub ekata saho
kiwwath wage true detecctive ekatath sub one hode
jaya wewa
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thankx…….. bro niyamai
subata sthuthi saho..true detective season 2 awith..ikmanata samagamiwa ekath denna..api balan innawa
ස්තුතියි දිණිදු අයියා!
ජය වේවා!
ko bn true detective season 2?? Uba karanneth na eka wena puluwan ekekta denneth na..mokakda bn me wade??karanna wadak bara gannakota karanna puluwannam witarak baara ganin..true detective balanna senaga madi unata eka balana tika denata karana asadaranayakne bn nodi hitiyoth..ubalatah meka witarak nemei wena wadath tiyena bawa api nodannawa nemei..eth karanna deyak bara gaddi deparak hithapan..hanibal subata thanks..
thanks broo
ගොඩක් ස්තුතියි අයියේ සබ් එකට මේක සීසන් 3 න් පස්සේ NBC එකෙන් කැන්සල් කරනවා කියන්නේ
thanks lot saho!!
බොහොම ස්තුතියි sub එකට.වර්ජර් කාරයට හොද සිහියක් තියෙනවද.මම හිතුවෙ හැනිබල් දුන්න බෙහෙත් වලට පින්සිද්ද මිනිහගෙ ඔලුව තාම අවුල් කියලා.
Niyamayi. Sub ekata Thanx.