Hacked (2020) Sinhala Subtitles | ලාබාල හැකර්වරයාගේ ආදරය![සිංහල උපසිරැසි ]
තාක්ෂණය කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක්. අද ලෝකේ හැමදෙයක්ම වගේ රැදිලා තියෙන්නේ තාක්ෂණය මත කිවොත් වැරදි නැහැ. තාක්ෂණය කියන දේ එක්ක කතා කරද්දී ඒ එක්කම එන අපරාධත් අමතක නොකර බැහැ. මේ අතරින් පරිගණක තාක්ෂණය සහ ඒ සම්බන්ධ අපරාධ කියන්නේ අද ලෝකේ විශාල වශයෙන් කතා වෙන මාතෘකාවක්.
පරිගණක හැකර්වරු එහෙම නැත්නම් පරිගණක දත්ත හොරාගන්නන් කියන්නේ අද වැඩියෙන් කතා වෙන මාතෘකාවක්. කිසියම් කෙනෙකුගේ හෝ ආයතනයක රහස්‍ය තොරතුරු වලට පිවිස ඒවා ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා භාවිතා කර අදාල පුද්ගලයාගෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න මෙම හැකර්වරු උත්සාහ කරනවා. අද අපි මේ අරගෙන ආපු චිත්‍රපටියත් මේ හැකර්වරයෙක් හා සම්බන්ධව ගොඩ නැගිලා තියෙන කතාවක්.
සමිරා ඛන්නා කියන්නේ නිවාස සංකීරණයක තනියම ජිවත්වෙන තරුණියෙක්. සමාජයේ තත්වයක් තියාගෙන වගේම රැකියා ස්ථානයේ ඉහල තනතුරක ඉන්න කෙනෙක්. විවේක් කියන්නේ අවුරුදු 19ක පොඩි කොල්ලෙක්. හැබැයි පරිගණක වැඩකාරයෙක්. ඒ උනාට මෙයා ඒවගෙන් කරන්නේ නම් සමාජයේ හොද වැඩ කියල සම්මත වැඩ නෙමේ. විශේෂයෙන් පුද්ගලයන්ගේ රහස්‍ය තොරතුරු භාවිතා කරලා එයාලගෙන ප්‍රයෝජනය ගන්න කෙනෙක්. විවේක් ඉන්නෙත් සමිරා ඉන්න නිවාස සංකීරණයේම තමයි. මේ අතරේ සමිරා නොහොත් සෑම්ව දකින විවේක්ට එයා ගැන හිතක් පහල වෙනවා. ඔව් ඔව්. අක්කියෙක් තමා ඉතින්, එහෙමයි කියල කැමැත්ත ඇති නොවී තියෙයි ද? ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? තමාගේ ආදරේ පෙන්වන්න විවේක් මොනව කරයි ද? සමිරා කැමති වෙයිද ? කැමති උනේ නැත්නම් මොනව කරයි ද? ඊට පස්සේ සමීරගේ ජිවිතයට මොනව වෙයි ද? මේවට උත්තර හොයන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.
Creatures 3D (2014) , Raaz 3D (2012), Raaz Reboot(2016), 1921 (2018), Ghost (2019) වගේ horror සහ thriller චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vikram Bhattගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ චිත්‍රපටිය එන්නේ. ඒ වගේම මේක Phychological thriller film ගණයට වැටෙන චිත්‍රපටියක්. චිත්‍රපටියේ ඉන්න නළු නිලියන් නම් වැඩිපුරම දකින්න ලැබිල තියෙන්නේ ඉන්දියන් නාට්‍ය වල තමයි. කොහොම නමුත් හොද ගීත කීපයක් තියෙන වගේම හොද අවසානයක් තියෙන, අවසානය වෙනකන් කුතුහලය රදාගෙන බලන්න පුළුවන් චිත්‍රපටියක් විදියට නිර්දේශ කරන්න පුළුවන්.
සුපුරුදු විදියටම තරිදු අයියත් එක්ක එකතුවෙලා ඔන්න අපි පුළුවන් ඉක්මනටම චිත්‍රපටියට උපසිරසි අරගෙන ආවා. චිත්‍රපටිය ආවේ අපේල් 3. දින දෙකක් වගේ කෙටි කාලයකින් ඔන්න අපි උපසිරසි අරගෙන අවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. එතකන් මේකත් මතක තියාගන්න.
ඔයාගේ ජිවිතේ ගොඩක් දේවල් විශේෂයෙන් පුද්ගලික ජීවිතය අන්තර්ජාලයට භාරදෙන්න එපා.
එහෙම උනොත් ඔයාට වෙන්නේ ඔයත් නොදනිම වෙන කෙනෙක්ගේ පාලනයට යටත් වෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35866 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට සහ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
[ දසන් බුද්ධික ]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
[ තරිඳු රුක්ෂාන් ]
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot sahola sub ekata..
thankz sub walata.
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Ela
බුදු සරණයි සැමදෙනෙකුටම respect ස්තුතිය ගොඩාක්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!
thanks… god bless you
යාළුවො දෙදෙනාටම ගොඩාක් ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණයට..ජයවේවා !!
Sub ekata Thanks
thanks machiii
Thanks
Thanks !!!
Thanks …………..good luck ………………
bohoma sthuthi
sub ekata thanks! jaya!
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the subtitle. Keep it up the good work.
thanks
hi
tnq bro…………………………………niyamai
දෙන්නටම බොහොම ස්තුතියි ..!!
Thanks….jayawewa…..!
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද
torrentcounter.red
eke thiyenawa
සබ් එකට ස්තුතියි
thanks for this
බොහොම ස්තුතියි දසන් අයියේ තරිඳු අයියේ සබ් එකට
Hh
තෑන්ක්ස් සබ් එකට
Thank you ❤️
බොහොම ස්තූතියි සහෝදරයා
thanks..
උපසිරැසියට බොහෝම ස්තුතියි
supiri
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
සබ් එකට බොහොම ස්තුතියි❤