Guns & Gulaabs [S01: E07] Sinhala Subtitles | රැය තාම තුරුණුයි! [සිංහල උපසිරසි]
The Family Man, Farzi වගේ ජනප්‍රිය කතාමාලා වල නිර්මාපකයන් වෙන Raj DK ජෝඩුව අත ගහපු අලුත්ම වැඩේ තමයි මේ. ඒ වගේම දෙන්නගේ පළමු නෙට්ෆ්ලික්ස් ආගමනයත් මේත් එක්ක සිද්ධ වෙනවා. රංගනයෙන් රාජ්කුමාර් රාඕ, දුල්කර් සල්මාන්, ආදර්ශ ගෞරව්, ගුල්ෂන් දේවයියා වගේ වැඩකාරයෝ ටිකක් එක්කහු වෙන්නේ. Dark Comedy ඝනයට වැටෙන මේ කතාමාලාවට ලැබිලා තියෙන IMDb අගය 7.8ක්. කොටස් 7යි තියෙන්නේ. කොටස් 7කින් සමන්විත මේ කතාමාලාවේ අවසානයට අපි දැන් ළඟාවෙලයි ඉන්නේ.
කලින් කොටසෙදි දකින්න ඇති අර්ජුන් එයාගේ සැලැස්ම ගැන රාම්ප්‍රසාද්ට කියනවා. නොහිතපු විදිහට රාම්ප්‍රසාද්ගේ සහයත් අර්ජුන්ට ලැබෙනවා. ඔය අතරේ ඉස්කෝලෙත් අපූරු සිද්ධි වගයක් වෙනවා. ගංගාරාම් එයාගේ කුළුඳුල් ආදරේ ගැන චන්ද්‍රලේඛා මිස්ට කියනවා. ඒ ආදරේ ගැන අහලා මිස්ගේ දෙලෝ රත් වෙනවා. අනිත් පැත්තෙන් අර්ජුන්ගෙයි සුකාන්තෝගෙයි පලහිලව්ව ගැන ටිපු සහ එයාගේ යාලුවට පොඩි ඉවකුත් වැටෙනවා. ටිපුගේ ඔලුවේ දිව්වේ චන්ද්‍රලේඛාගේ තාත්තගේ වැඩේට උදව් කරන්නේ කොහොමද කියන එක ගැන.
ජුග්නුටත් ඩීල් එක ගැන තිබ්බේ වෙනම පිස්සුවක්. නබීද් එක්ක එකතු වෙලා හරි සුකාන්තෝගේ ඩීල් එක ඉවරයක් කරගන්නයි මිනිහා හිතාගෙන තිබ්බේ. ඒ කතාබහ ඉවර වෙච්ච හරියත් ඔයාලට මතක ඇති. ඒත් එක්කම ටිපුගේ මංකොල්ල කෑම ඇතුළු ගොඩක් සිදුවීම් වලින් පහුගිය කොටස පිරිලා තිබුණා.
හරි එහෙනම් මේ අරන් එන්නේ මේ කතාමාලාවෙත් අවසානය. හිතුවා වගේම බොහොම හොඳ ප්‍රතිචාර නිසා බොහෝ විට දෙවන කතාසමයක් එන්නත් පුළුවන්. එතකල් බලාපොරොත්තු පිට බලන් ඉමු. අවසානය දක්වා උපසිරැසිකරණයෙන් සහය වුණු හැම සහෝදර සහෝදරියෙක්ම මතක් කරන ගමන් මේ වැඩේ මෙහෙයවපු හේවා සහෝදරයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අලුත් වැඩකින් හමුවෙනකම් හැමෝටම ජය පතනවා. ගිහින් එන්නම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4213 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
හැමෝටම බොහොම ස්තූතියි මෙම කතා මාලාවට සිංහල උපසිරැසි ලබාදුන්නට. ජය වේවා සියලු දෙනාටම….
thanks a lot sis sub ekata
Godak sthuthi..jaya wewa!
episod 7 sub eka set wenne video ekata plz eka hadanna
සබ් එකේ ගැටලුවක් නෑ. ඔබතුමා වැරදි වීඩියෝ පිටපතක් ඩවුන්ලෝඩ් කරගෙන ඇත්තේ. සබ් එක ගැලපෙන්නේ web පිටපතට. උපසිරසියට ගැලපෙන වීඩියෝ පිටපත බාගන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!
උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ.
ඉඳ හිට මෙහෙමවත් සබක් අරගෙන එන්න අපිට. 🙂
සබට බොහොමත්ම තුති අක්කේ. හැමදාමත් වගේ දෙන සහයෝගයට පින්!!!
මෙම කතාව පුරාවට සබ් ගේන්න මහන්සිවුන හැමෝටම ..
♥♥☻☻…බොහෝම ස්තූතියි …☺☺♥♥