Gattaca (1997) | සිහිනය කරා. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ, අද මං ගේන්නේ science fiction චිත්‍රපටයක්. විද්‍යාත්මක, සමාජයීය පැත්තෙන් වගේම සාමාන්‍ය ජීවිතය පැත්තෙනුත් ඉගෙන ගන්න තියෙන ආදර්ශ ගොඩක් මේ චිත්‍රපටයේ තියෙනවා. Brooklyn’s Finest, Sinister, Boyhood වැනි ජනප්‍රිය චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු Eathan Hawke ද, Pulp Fiction, Kill Bill vol.1, Kill Bill vol.2 වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රැගත් Uma Thurman ද, Game of Shadow, Side Effect, Enemy at the Gates වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු Jude Law ද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරගෙන යනවා.
මේකෙන් පෙන්වන වැදගත් කරුණු ටිකක් තියෙනවා: ජාන ඉංජිනේරුකරණ තාක්ෂණය යොදාගෙන ස්වභාවිකව ඉපදෙන මිනිසුන්ට වඩා සුවිශේෂි වන මිනිසුන් කොටසක් බිහි කරන එක, අනාගතයේදී මිනිසුන්ගේ සමාජ තත්වය හා ලබා ගන්න පුළුවන් රැකියාවේ තත්වය ඔවුන්ගේ ජානවල ස්වභාවය අනුව තීරණය වෙන බව, සමාජයේ ප්‍රභූ/ධනවත් පංතියේ මිනිසුන් හා පහළ/දිළිඳු පංතියේ මිනිසුන් අතර පරතරය වැඩි කරන්නට හේතුවන සාධකවලින් එකක් විදියට මේ ජාන ඉංජිනේරුකරණයත් බලපාන බව (ජාන ඉංජිනේරුකරණයෙන් දරුවන්ව බිහි කරන්න මුදලක් වැයවන නිසා ඒක කරන්න හැකි වෙන්නේ ප්‍රභූ/ධනවත් ජන කොටස්වලට පමණක් වෙන එකෙන් මේ පරතරය ඇති වෙනවා), ජාන ඉංජිනේරුකරණයෙන් බිහිවුණ මිනිසුන්ට සමාජයේ ඉහළ තැනක් ලැබෙනවා වගේම වෘත්තීය ලෝකයේදී පිළිගැනීමක් ලැබෙන්නේ මේ ජන කොට්ඨාශයටයි; ඒ නිසා ස්වාභාවිකව උපත ලබපු මිනිසුන්ට සමාජයේ පහළ මට්ටමේ තත්වයක් ලැබෙනවා. ස්වභාවිකව ඉපදුන අය කම්කරු පංතියට අයත් වීමට පටන් ගැනීමක් මේකෙන් වෙනවා. ඒ වගේම යමක් කල හැකියි කියලා කෙනෙකු සිතුවොත් එය කරන්න පුළුවන් බවත් චිත්‍රපටය පුරාවටම පෙන්නනවා.
මේකේ කතාව යන විධිය ටිකක් බලමු: වින්සන්ට් (Eathan Hawke) ඇවිත් ස්වභාවික විදියට පිළිසිඳගෙන උපත ලබපු කෙනෙක්. උපතේදී වින්සන්ට් දෙමව්පියන්ට ගේන්නේ නම් සතුටක් නෙවේ. වින්සන්ට්ගේ ආයු අපේක්ෂාව අවු. 30.2 යි, උමතු විශාද ප්‍රවණතාව 42% යි, අවදානම තබා ගැනීමේ ඌනතාවය 89%, හෘද අකර්මන්‍යතාවය 99% යි. කාලය යද්දී මේ දෙමව්පිය යුවලට දෙවැනි ළමයෙක්වත් ඕනි කරනවා. මේ වතාවේ දරුවව ලබා ගන්නේ ජාන ඉංජිනේරු තාක්ෂණය හරහායි. දෙවැනි පිරිමි ළමයා තමයි ඇන්ටන්. මේ දෙන්නා කරට කර වගේ තමයි ඉන්නේ. ඇන්ටන් නිතර වින්සන්ට්ව හෑල්ලුවට ලක් කරනවා. දෙමව්පියන්ගේ වැඩි අවධානය ලැබෙන්නෙත් ඇන්ටන්ටයි. හිතේ මහා කාංසාවක් එක්ක ඉන්න පුංචි වින්සන්ට සිහිනයක් තිබ්බා ගගනගාමියෙකු වෙන්නට. Gattaca කියන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. Gattaca වලට ගන්නේ ජාන ඉංජිනේරුකරණයෙන් බිහිකර ගත්ත සුවිශේෂි පුද්ගලයන්වයි. අනික වින්සන්ට්ගේ දුබල ගතියත් එක්ක කොහොමටත් වැඩේ හරියන්නෑ. ඉතින් ගගනගාමියෙකු වීම නිකන් වින්සන්ට මිරිඟුවක් පස්සේ යනවා වගේ වැඩක්. දවසක් වින්සන්ට්ගේ පියා වින්සන්ට් අතින් කියනවා ඔය තරම් ආශාවක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ Gattaca වල කසළ ශෝධකයෙක් විදියිට වැඩට යන එකෙන් කියලා, එහිදී අරෙහෙන් මෙහෙන් ඔය යානයක් එහෙම බලා ගන්න ලැබෙයි කියලා. Gattaca වල කසළ ශෝධකයන් විදියට ගත්තේ ස්වභාවික විදියට උපත ලබපු අයවයි. Gattaca වල මේ මිනිස් පංති අතර භේදය ඇති කරලා තියෙන විධිය තමයි ඒ. වැඩිවියට පත්ව ඉන්න වින්සනට් හා ඇන්ටන් මුහුදේ පිහිනුම් තරඟයකට යනවා. වින්සනට් කොහොමටත් ලෙඩා නිසා තමන් දැන්ම දිනලා හමාර බව ඇන්ටන් හිතනවා. ඒත් වැරදුණේ ඇන්ටන්ටයි.
ගැඹුරු මුහුදට යද්දිම ඇන්ටන් බයවෙලා තරඟය නවත්වනවා. මේකෙන් පස්සේ වින්සන්ට්ට හිතෙනවා තමන්ගේ සිහිනය සැබෑ කරගනීමත් බැරිවන එකක් නැති බව. පැදුරටත් නොකියා වින්සන්ට් Gattaca වල පිරිසිදු කරන්නෙක් විදියට සේවයට යන්නේ තම පවුලෙන් සඳහටම සමු ඇරගෙනයි. යානයක් ගුවන් ගතවන දකින වාරයක් වාරයක් පාසා ඇන්ටන්ට හිතෙනවා තම සිහිනයෙන් කොයිතරම් ඈතකද තමන් ඉන්නේ කියලා. කාලයක් යද්දී වින්සන්ට් ජාන ඉංජිනේරු ක්‍රමයට උපත ලැබූ ජෙරෝම් (Jude Law) ගේ අනන්‍යතාවය ඇරන් ජෙරෝම් විදියට මධ්‍යස්ථානයට පුහුණුලාභියෙකු ලෙස ඇතුළත් වෙනවා. උපතින්ම ආබාධ රැසකට උරුමකම් කීව වින්සනට් Gattaca වල වේගවත් ගමනක් යනවා. වින්සන්ට් නවතින්නේ ටයිටන් ග්‍රහහයා වෙත යන මෙහෙයුමකට සුදුසකම් ලත් පළමු පංති ගගනගාමියෙකු විදියටයි.
මෙහෙයුමට දින ලං වෙද්දිම අනපේක්ෂිත දෙයක් සිදුවෙනවා. Gattaca වල මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙකුව ඝාතනයට ලක් වෙනවා. අපරාධ පරික්ෂකවරු හොයා ගන්නවා Gattaca වල ව්‍යාජ ලෙස ආපු කෙනෙක් ඉන්න බව. සැකය දුවන්නේ මේ පුද්ගලයා දිහාවටයි. ඔහු කවුද කියලා හොයන්න පරික්ෂකවරු පටන් ගන්නවා. හදිසියේ කඩාපාත්වුණු මරාලයක් එක්ක වින්සන්ට් කෙහොම ගමනක් යාවිද කියන එක චිත්‍රපටයේ ඉදිරි මිනිත්තුවල පෙන්වනවා.
මේ චිත්‍රපටයේ සමහර වචන හදලා තියෙන්නේ තේරුමක් ඇතිවයි. Gattaca හැදිලා තියෙන්නේ guanine (G), adenine (A), thymine (T), cytosine (C) කියන ජානවල ඇති මූලික රසායනයන් වර්ග 4 ක මුල් අකුරු 4 යොදාගෙනයි.
Eugene (ඉයුජින්- නියම ජෙරෝම්ගේ මැද නම) කියන්නේ “Well born” කියන අදහස දෙන ග්‍රීක වචනයක්. ඒ වගේම ජීවවිද්‍යාවේ “Eugenics” කියන වචනයේ මුල් අකුරු 5 යොදාගෙන හදපු වචනයක්. ජාන විද්‍යාව මඟින් වැඩිදියුණු කල මිනිසුන් බිහි කිරීමේ විද්‍යාව Eugenics කියලා හඳුන්වනවා.
Faith birth: ජාන ඉංජිනේරුකරණයෙන් උපත නොලබපු කෙනෙක්/ ස්වභාවිකව උපත ලැබූ කෙනෙක්.
De-gene-erate: “degenerate” හා “gene” කියන ඉංග්‍රීසි වචන මේකෙන් නිරූපණය වෙනවා. degenerate කියන්නේ “පිරිහුණු” කියන අදහසයි.
Gene කියන්නේ “ජාන” කියන අදහසයි. Gattaca වලට සුදුසුකම් නැති/පහළ තත්වයේ ජාන ඇති/ස්වභාවිකව ලද ජාන ඇති කෙනෙකුගේ තත්වයක් De-gene-erate වචනයෙන් චිත්‍රපටයේ අදහස් කරන්නේ.
Rain Man වගේම Gattaca ඇවිල්ලත් කලාතුරකින් රසවිඳින්න ලැබෙන චිත්‍රපටයක්. Science fiction වුණාට සාමාන්‍යයෙන් එන science fiction චිත්‍රපටවල තියෙන ක්‍රියාදාම ගතිය මේකේ දකින්න නෑ. මේ චිත්‍රපටයෙන් මතුපිටින් ගොඩක් වෙලාවට පේන්නේ වින්සන්ට්ගේ උත්සාහවන්තකමයි. ඒත් ඒ උත්සාහය, අධිෂ්ඨානය වගේ මානුෂීය ගුණාංග වගේම ලෝකයේ විද්‍යාව කියන දෙයින් වෙන්න පුළුවන් මහා සමාජ පෙරළියක් ගැන පණිවුඩයක් වක්‍රාකාරව පෙන්වන කැඩපතක් විදියට Gattaca චිත්‍රපටය හඳුන්වලා දෙන්න පුළුවන්. Gattaca අධ්‍යක්ෂණය කළේ Andrew Niccol විසින්. IMDb දර්ශකය 7.8/10 යි.
යන්න වෙලාවත් ඇවිත්. එහෙනම් මීළඟ උපසිරැසියෙන් ළඟදීම හමුවෙමු. ඔබට ජයෙන් ජය !!!
[button link=”http://tinyw.in/Cway” type=”icon” “center” newwindow=”yes”] 763 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/FQCB” type=”icon” “center” newwindow=”yes”] 1.59GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2576 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Thx bro..
උපසිරිසියට බොහොම ස්තුති
Thanks bro sub ekata..
Jaya wewa!
thanka Viraj!wenasma widiye plotekak thiyena me wage film ekakata subs dunnata godak sthuthii.
පරණ එකක් වුණාට සුපිරියි වගේ. සබ් එක දුන්නට ස්තූතියි.
thanks bro … keep it up….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
elz
බාමි
මාව දිරිගන්වපු ඔබ සැමට නැවත නැවතත් ස්තූතියි!
බයිස්කෝප් සිංහලෙන් සමඟ දිගටම රැඳෙමු.. ජය!!!
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිරාමාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.

ජය වේවා. !
lipiya kiyewwama kick ekak awa. balannama one. thanks.
ala macho
බොහොම ස්තුතියි සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි විරාජ් සහෝ!
ජය වේවා!
Thanks…good work..
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
නියමයි විරාජ් සහෝ…
නියම ලිපියකුත් ලියලා තියෙනවා…
උපසිරසට තුති…
ජය…
good movie
tnx
honda film ekak kalin beluwa
Thank you very much saho….lipiyatath bohoma sthuthi kiyewwama balannamai hithenne…jayawewa ehenm
පට්ට.ලිපිය දිග උනත් රසයි.ගොඩක් පින්,ජය වේවා!!
Thanks…
නියමයි සහෝ.
ලිපියත් හොදටම තියනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
patta film ekak,issara man sinhala sub netiwa meka beluwa.onna sinhala sub nuth ekka apahu balanna gatta.thanks saho
ela lipiya…
sira mahansiyak aran liyalane,
onna mama 1 st
bohoma sthuthiy saho…