MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ක්‍රියාදාම (TV)චරිත පොල්ගස්දෙණියනාට්‍යමය (TV)බලන්නරොයිලි ප්‍රනාන්දුවර්ගීකරණය නොකළවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Game of Thrones [S01E01] with Sinhala Subtitles (18+) | භීෂණයේ හිම වැස්ස…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 272 votes.
Please wait...

ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ පාර හාපුරා කියලා බයිස්කෝප් සෙට් එක ඔයාලට දෙන්න යන්නේ. කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්. මෙම කථා මාලාවේ ඩිවිඩි පිටපත එලියට ආවෙත් 2012 අවුරුද්දේ මාර්තු 12. උණු උණුවෙම අපේ බයිස්කෝප් කට්ටියට මේක දැන් සිංහල සබ් එක්කම බලන්න පුළුවන්….:D . අධ්‍යක්ෂනය Tim Van Patten විසින්. මෙම කථා මාලාව රූපවාහිනී විකාශනයක් වුනත් හොලිවුඩ් සිනමාවේ සුපිරි තරු විශාල ප්‍රමාණයක් මෙයට දායක වෙලා තියෙනවා. Robert Baratheon රජු ලෙස (Mark Addy – Robin Hood, The Time Machine), Eddard Stark ලෙස (Sean Bean – The Lord of the Rings, Troy, Death Race 2, Mirror Mirror, Cleanskin), Viserys Targaryen කුමාරයා ලෙස (Harry Lloyd- BBC Robin Hood, Jane Eyre, The Iron Lady) වගේ සුපිරි චරිත ටිකක් මෙම කථා මාලාවේ චරිත මවනවා (තව සීයක් විතර ඉන්නවා. ඒ ඔක්කොම දැම්මොත් මේ ලිපිය රචනාවක් වෙනවා… 😀 ). මෙය ප්‍රථමයෙන් රූපවාහිනියේ විකාශණය වන වෙලාවේ ඇමෙරිකාවේ පමණක් කෝටි දෙකකට වඩා වැඩි පිරිසක් මෙය HBO නාලිකාව හරහා නරඹා තියෙනවා. දැනට අදියර තුනකට විකාශණය වීමට නියමිත මේ මාලාවේ පළමුවන අදියරේ කොටස් දහයෙන් පළමු කථාව අද අපි ඔබට ලබා දෙනවා.

මේ කොටස ගැන කියනවනම් මෙහෙමයි ,ලෝකයේ ගොඩාක් ඈත අතිතයේ මහද්වීප දෙකක් අතර වෙච්ච සිද්ධි දාමයක් තමා මේ කථා මාලාවට මූලික වෙන්නේ. Westeros කියන මහද්වීපයට දිර්ඝ කාලයක් පැවති ගිම්හානය අවසාන කරමින් ශිත කාලය ලබමින් තිබෙන්නේ. මෙහි ප්‍රදේශීය රාජධානි හතක් තිබෙන අතර Winterfell රාජධානිය කේන්ද්‍ර කරගෙන තමයි මෙම කතා මාලාව දිග හැරෙන්නේ. මේ අතර රජුගේ උපදේශකයා වුන Jon Arryn හදිස්සියේම මිය යන නිසා Westeros වල රජතුමා වන Robert Baratheon විසින් ආරාධනා කරනවා Winterfell වල ප්‍රාදේශීය පාලකයා වන Eddard Stark ට තමන්ගේ දෙවනියා හැටියට වැඩ බාර ගන්න කියලා. මුලින් Eddard Stark මෙයට අකමැති වුනත් ඔහුගේ රහස් තොරතුරු වලට අනුව Jon Arryn ගේ මරණය මිනීමැරුමක් ලෙස සැක කරනවා. එම නිසා ඒක සෙවීමට පහසු නිසා Eddard Stark රජුගේ දෙවනියා විමට කැමති වෙනවා.

මේ අතරේ Robert Baratheon විසින් නැගෙනහිර Essos මහාද්වීපයට පිටුවහල් කරන ලද Targaryen වල උරුමකරුවන් සැලසුම් කරනවා පැහැරගන්නා ලද සිහසුන නැවත ලබා ගැනිමට. මෙය සිදු කිරීමට Viserys Targaryen තමන්ගේ සහෝදරිය වන රූමත් Daenerys (Emilia Clarke)ව 40000 ක Dothraki විරයන්ගේ සේනාවක නායකයා වෙන Khal Drogo (Jason Momoa) ට විවාහ කරදීමට සැරසෙනවා. පසුව ඔහුගේ සේනාව රැගෙන Westeros වෙතට ඇවිත් Robert රජු තමාගේන් උදුරාගත් සිහසුනේ අයිතිය නැවත ලබා ගැනිමට සැලසුම් කරනවා. නමුත් Daenerys ට අවශ්‍යය වෙන්නේ Robert රජුගෙන් හා තමන්ගේ සහෝදරයාගේ කූට උපායන්ට සම්බන්ධ නොවී සුරක්ෂිත ස්ථානයක සිටීමටයි…..

Robert රජු යුද්ධයට සුදානම්ද ? Targaryen කුමාරයාට සිහසුන් හිමි වෙයිද Drogo රජු තම සේනාව බටහිර මහද්වීපයට එරෙහිව මෙහෙයවයිද ? මේවට උත්තර ටික හොයාගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. යන ගමන කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳද.

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ දෙවන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 101215 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

All BT1

Next BT1

246 thoughts on “Game of Thrones [S01E01] with Sinhala Subtitles (18+) | භීෂණයේ හිම වැස්ස…[සිංහල උපසිරැසි සමඟ]