Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]
මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ අදහස මුලින්ම ඔලුවට ආවේ. කොහොමහරි අදහස ක්‍රියාත්මක වෙනකොට ඊළඟ අවුරුද්දටත් ලං වුණා. 2014 ජනවාරි දෙවෙනිදා Mujhse Shaadi karogi චිත්‍රපටය එක්ක තමයි මම බයිස්කෝප් පවුලට එකතු වෙන්නේ. පටන් ගන්න කොට නිකමටවත් හිතුවේ නෑ මේ තරම් දුරක් එන්න. උපසිරසිකරණයට තිබුණ ආශාව නිසාම අද උපසිරැසි 50 ක් දක්වා නොදැනීම ළඟා වෙලා. මේ උපසිරැසි 50 තුළ ඉංග්‍රීසි, හින්දි, තෙලුඟු, පකිස්ථානු, චීන, ජපන්, කොරියානු ආදී විවිධ වර්ගයන්ට අයත් වුණ චිත්‍රපට 43 ක් සහ රුපවාහිනි කතා මාලා කොටස් 7 ක් ඇතුළත් වෙනවා. උත්සාහ කළේ එකම රාමුවකට කොටු නොවී විවිධත්වයකින් යුත් චිත්‍රපට තෝරාගන්න. බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සහයෝගයත් එක්ක ඒක සාර්ථකව ඉටු කරගන්න ලැබුණා කියලා හිතනවා. ඒ වගේම මෙතෙක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමග පැමිණි ගමනේදී ජිවිතයට එකතු කරගත් දේ, අලුතෙන් ඉගෙන ගත් දේ සහ දැන හඳුනාගත් යහළුවන්ගේ වටිනාකම මෙපමණැයි කිව නොහැකි තරම්.
මෙතෙක් දුර ආ ගමන් මඟේ උපසිරැසි 50 ක් දක්වා ළඟා වෙන්න උදව් උපකාර කරපු දිරිගන්වපු අය බොහොමයි. ඒ අයගෙන් කිහිප දෙනෙක්ව මේ වෙලාවේ මතක් කරන්නම ඕන.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන කිසිම සම්බාධකයක් පනවන්නේ නැතුව මේ වැඩ කටයුතු වලට අවසර හා අතහිත දුන්න මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමකෙනෙක්ම. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන මුලින්ම මට කියපු මගේ සමකාලීන සගයා රවිඳු නිපුන් සොහොයුරාවත් මතක් කරනවා. ‘මචන්, අපිත් සබ් එකක් කරමු’ කියන අදහස රවිඳු මගේ ඔලුවට දැම්මේ නැත්නම් අද මෙතන අදිත ප්‍රවීන් කෙනෙක් නැතිවෙන්න පුළුවන්. උපසිරැසි 50 පුරාවටම මාත් එක්ක ඉඳලා අඩුපාඩු පෙන්වලා දීලා අමාරුවේ වැටුණ වෙලාවට උදවු කරපු රවිඳු සහෝට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. පළවෙනි උපසිරසියේ ඉඳන් දිගටම උදව් කරපු කෙනෙක් තමයි විකියා අයියා. කියපු සැනින් කොහෙන් හරි චිත්‍රපටයක් හොයලා දීලා මුල් මාස කීපයේදීම මගෙන් උපසිරැසි බොහෝ ගණනක් ලබා ගන්න විකියා අයියාට පුළුවන් වුණා. බෑ කියන්න බැරි නිසා උපසිරැසි කරපු අවස්ථාත් තිබුණා. තාක්ෂණික ගැටලුවලදීත් උපසිරැසි සම්බන්ධ ඕනෑම ගැටළුවකදීත් පැය විසි හතරම උදව්වට ඉන්නවා. විකියා අයියා කාර්ය බහුල වීමත් එක්ක ඊළඟට මාව අහුවෙන්නේ සමීර කරුණාරත්න අයියාට. හොයලා දුන්නොත් හොයලා දෙන්නෙම මොළේ අවුල් කරන චිත්‍රපටයක්ම තමයි ඉතින්. මල් ගස් වටේ දුවන චිත්‍රපටම හොයන්නේ නැතුව සිනමාව ගැන ගැඹුරින් හිතන්න ඉගැන්නුවේ සමීර අයියා. නොදන්නා දෙයක් නෑ. ඕනෑම දෙයක් නිහතමානීව කියලා දෙනවා. ඒ වගේම තමයි ඉතින් ඕනෑම ඉංග්‍රීසි වචනයකට ශබ්දකෝෂයක නැත්නම් හදලා හරි සිංහල වචනයක් හොයලා දෙනවා.එයාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මතක් කරන්න ඕන අපේ සමීර චතුරංග අයියාවත්. එකක් තෝරාගන්න බැරි තරමටම ෆිල්ම් හොයලා දෙනවා. සමහර වෙලාවට එයා භාර ගත්ත ඒවා පවා මට භාර දෙන්න තරම් කාරුණික වෙලා තියනවා. ටොරන්ට් එකක් හෝ උපසිරසියක් නිකුත් වුණ ගමන්ම දැනුම් දෙනවා. පැය විසි හතරම ඕනෑම උදව්වකට ඉන්නවා. හැබැයි ඉතින් සමීර අයියා එක්ක වැඩ වෙලාවට තියෙන්න ඕන. නැත්නම් ඉතින් මූණු පොතට ගිහින් ඉවරයි. 50 වෙනි උපසිරැසිය සඳහා මේ චිත්‍රපටය හොයලා දෙන්න නොසෑහෙන්න මහන්සි වුණෙත් සමීර අයියා තමයි.
ඒ වගේම රොයිලි අයියා, හසන්ත අයියා ඇතුළු ඇඩ්මින්වරු සියලු දෙනාවම බොහොම ආදරයෙන් මතක් කරනවා. ගයාන් රූකාන්ත අයියාවත් මතක් කරන්න ඕන. ‘මලේ අලුත් ෆිල්ම් එකක් තියනවා. කරමුද ‘ කියලා චිත්‍රපට ගණනාවක් හොයලා දීලා තියනවා. මම භාර ගත්ත චිත්‍රපටයක උපසිරසියක් නිකුත් වුණොත් මුලින්ම දන්වන්නේ ගයාන් අයියා තමයි. විමා අයියාවත් මතක් කරන්න ඕන. ටී ෂර්ට් එකක් නිසා මම විමා අයියාට නොසෑහෙන්න කරදර කරලාත් තියනවා . නොදන්නා දේවල් කියලා දුන්න, ඕනෑම වෙලාවක උදව්වට ඉන්න බයිස්කෝප් සෙට් එකේ යශෝධ අයියා, හේවා අයියා, ලක්ෂාන් නිලංක අයියා, රවින්ද්‍ර හංසක අයියා ඇතුළු එකී මෙකී නොකී සෑම සහෝදරයෙක්ම සහෝදරියක්ම ආදරයෙන් මතක් කරනවා. ඒ යාළුකම් ගොඩක් වටිනවා. ඒ වගේම තමයි උපසිරැසි 50 ක් දක්වා මාත් එක්ක හිටපු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. එක වචනයකින් හෝ මාව දිරි ගන්වපු හැමෝටම ස්තුතියි. ඒ වගේම අනාගතයේදී ඉදිරියට යන්නත් ඔබේ සහයෝගය ඒ අයුරින්ම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
චිත්‍රපටයට අවධානය යොමු කරමු. Fantastic Four (2005) සහ Fantastic 4: Rise of the Silver Surfer (2007) ලෙස මින් පෙර චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙන බව ඔබ දන්නවා. ඒ චිත්‍රපට දෙක ලොව පුරා ජනප්‍රියත්වයට පත් වීම නිසා Fantastic Four ලෙසින්ම හැඳින්වෙන මෙම චිත්‍රපටය reboot එකක් ලෙසයි නිර්මාණය වෙන්නේ. 2009 වසරේදී තමයි 20th Century Fox සමාගම මෙලෙස චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන් දැනුම් දෙන්නේ. තිරරචනය සහ නළු නිළියන් තෝරාගැනීම ආදී නොයෙක් කටයුතුවලදී ගැටළු කීපයක් මතුවීම නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ප්‍රමාද වී තිබෙනවා. චිත්‍රපටය තිරගත වන දිනය කිහිප වතාවක්ම වසරකින් පමණ කල් දැමීමට සිදුවී තිබෙනවා. කෙසේ වෙතත් අවසානයේ පසුගිය අගෝස්තු 07 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කෙරුණේ. පැරණි චිත්‍රපට දෙකෙහි රංගන ශිල්පින් නෙවෙයි අලුත් තරුණ රංගන ශිල්පින් තමයි මේ චිත්‍රපටයට දායක වෙන්නේ.
Reed Richards ලෙස Miles Teller
Johnny Storm ලෙස Michael B. Jordan
Susan “Sue” Storm ලෙස Kate Mara
Ben Grimm ලෙස Jamie Bell
Victor von Doom ලෙස Toby Kebbell
යනාදී වශයෙන් රංගන ශිල්පින් රංගනයෙන් දායක වෙනවා. 20th Century Fox , Marvel Entertainment සහ තවත් සමාගම් කීපයක් යටතේ තමයි නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂණය Josh Trank විසින්. IMDb අගය සඳහන් වෙන්නේ 4.0 ක් ලෙස.
විශේෂයෙන්ම කියන්න ඕන, මේ චිත්‍රපටය බොහොම හැලහැප්පීම්වලට ලක්වුණ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී චිත්‍රපටයක් වුණ බව. එහෙත් චිත්‍රපටය නිෂ්පාදනය කරන බව නිවේදනය කළ කාලයේ සිටම සුපරි වීර චිත්‍රපට සිනමාවේ නව බලාපොරොත්තුවක් ලෙසයි ප්‍රේක්ෂකයන් සහ විචාරකයින් මෙය හැඳින්වූයේ. මෙම චිත්‍රපටය සඳහා නිකුත් වූ teaser trailer එක 20th Century Fox ඉතිහාසයේ වැඩිපුරම නැරඹු පුර්ව ප්‍රචාරක පටය ලෙස වාර්තා තැබුවේ ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී X-Men: Days of Future Past චිත්‍රපටයේ පූර්ව ප්‍රචරක පටය අතික්‍රමණය කරමින්. මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් කළ දෙවෙනි නිල පූර්ව ප්‍රචාරක පටයටද එලෙසම විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුවා. එහෙත් චිත්‍රපටයට තිරගත වීමෙන් පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීම් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩු වූවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර තරමක් සතුටුදායක ලෙස ලැබුණත් චිත්‍රපට විචාරකයන්ගේ දැඩි විවේචනයට මෙම චිත්‍රපටය ලක් වුණා. හොලිවුඩයේ ඇතැම් ආරංචි මාර්ග මඟින් චිත්‍රපටයේ අධ්‍යක්ෂක Josh Trank සහ නිෂ්පාදක Fox සමාගම අතර මතභේද ඇතිවී තිබුණ බවයි දැනගන්නට ලැබුණේ. චිත්‍රපටය අඩක් පමණ නිර්මාණය කර අවසන්ව තිබියදී Fox සමාගම චිත්‍රපටය මුළුමනින්ම අත්පත් කරගත් බවයි ආරංචි වෙන්නේ. අධ්‍යක්ෂක Josh Trank විසින් එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා චිත්‍රපටය තමාගෙන් සම්පුර්ණයෙන්ම උදුරාගත් බව සහ තමා නිර්මාණය කරන්නට සුදානම් වූ අයුරින් එය නිර්මාණය කළේ නම් මීට වඩා හොඳ විචාරක ප්‍රතිචාර ලබා ගත හැකිවන බවත්. පසුව ඔහු එම ප්‍රකාශය ඉවත් කරගෙන තිබුණා. ආදායම් ඉපයීමෙන්ද එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැහැ. නිෂ්පාදන වියදම නම් ඉක්මවලා තියනවා. මගේ පෞද්ගලික මතය තමයි යම් යම් සුළු අඩුපාඩු තිබුණත් චිත්‍රපටයක් විදියට හොඳ ගුණාත්මක තත්වයකින් යුතුව රස විඳිය හැකි චිත්‍රපටයක් බව. කවුරුන් කෙසේ කීවත් කොතරම් පාඩු ලැබුවත් මෙම චිත්‍රපටයේ දිගුවක් 2017 වසරේදී නිකුත් කිරීමට දැනටමත් කටයුතු සිදුවී හමාරයි. තීරණය ප්‍රේක්ෂක ඔබට භාරයි.
කතාව ගැන කිවුවොත්, රීඩ් රිචඩ්ස් පාසල් වියේ සිටම උත්සාහ කරන්නේ දූරවිස්ථාපනය (ටෙලිපෝට්) කළ හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න. එහෙත් පාසලෙන් හෝ වෙනත් කිසිම තැනකින් ඔහුට කිසිදු උපකාරයක්, දිරිගැන්වීමක් ලැබෙන්නේ නෑ. එක්තරා විද්‍යා ප්‍රදර්ශනයකදී අහඹු ලෙස බැක්ස්ටර් නම් සමාගමේ ෆ්‍රෑන්ක්ලින් ස්ටෝම් සහ ඔහුගේ දියණිය වන සූසන් ස්ටෝම්ව රීඩ්ට මුණ ගැසෙනවා. රීඩ්ගේ හැකියාව හඳුනා ගන්නා ෆ්‍රෑන්ක්ලින්, ඔහුට බැක්ස්ටර් සමාගමේ ශිෂ්‍යත්වයක් ලබා දී රීඩ්ගේ පර්යේෂණයට සහයෝගය ලබා දෙනවා. ඒ වන විටත් රීඩ්ගේ පර්යේෂණයෙන් අඩක් පමණ බැක්ස්ටර් පදනම මගින් සොයාගෙන අවසන්. ඔවුන් රීඩ්ගේ සහය ලබා ගන්නේ පර්යේෂණය සම්පූර්ණ කර ගැනීමටයි. ඔවුන්ගේ ව්‍යාපෘතිය මගින් අත්හදා බලන්නේ වෙනත් මානයකට, වෙනත් සමාන්තර ලෝකයකට මිනිසුන් යැවීමයි. අවසානයේ පර්යේෂණය සාර්ථක කරගන්නා රීඩ්ගේ කණ්ඩායමේ බලාපොරොත්තුව වන්නේ ප්‍රථමයෙන්ම නව මානයට පා තබන මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වීමයි. එහෙත් එම ව්‍යාපෘතියට ආයෝජනය කරන සමාගමේ අදහස් ඊට ගැලපෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රීඩ්, සූසන්ගේ සොහොයුරා වන ජොනී ස්ටෝම්, රීඩ්ගේ මිතුරෙකු වන බෙන් ග්‍රීම් සහ වික්ටර් වොන් ඩූම් රහසේම නව ලෝකයට පා තබනවා. එහිදී සිදුවන අනතුරකින් වික්ටර්ව එහි තනිකර නැවත පෘථිවියට ඒමට අනෙක් සගයන්ට සිදු වෙනවා. එහිදී නව ලෝකයේ පාරිසරික තත්ත්ව මත රීඩ්, බෙන් සහ ජොනී නැවත පැමිණෙන්නේ අසාමාන්‍ය ශාරීරික තත්ත්වයන් යටතේයි. ඔවුන් නැවත පැමිණීමේදී ඇතිවන පිපුරුමෙන් ඇතිවන බලපෑමෙන් සූසන්ටද අනෙක් අයට මෙන් අසාමාන්‍ය ශාරීරික තත්වයන් ඇතිවෙනවා. වික්ටර්ට මොනවා වුණාද කියලා කවුරුවත් දන්නේ නෑ. ඔය ඇතිනේ.ඉතුරු ටික ඔයාලාට.
කතාව පරණ චිත්‍රපටවල වගේම නේද කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඊට වඩා වෙනස්ව අලුත් විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. හැමෝටම උපසිරැසි සමගම නරඹන්න කියලා ආරාධනා කරනවා. සුපුරුදු පරිදි අදහස් දක්වා යාමට කාරුණික වෙයි කියලාත් හිතනවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
[button link=”https://goo.gl/drBgqa” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/e4ME2e” type=”icon” “center” newwindow=”yes”] 1.47 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 29901 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
THANKS
thanks sub ekata
50ට සුබ පැතුම්
ස්තූතියි
Thank you very much
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ
ජය
obata jaya
el
thanks Aditha. thawa films godakata subs deela site eke ayawa sanasawanna wasanawa obata lebewa!
thanks
Thanks Bro !!
Great Job bro!
Gd luck!!!!!!!
50 වැනි උපසිරැසියට සුභපැතුම් සහෝ…. ඒකත් සුපිරිම ෆිල්ම් එකකින් ගෙනල්ල තියෙන්නෙ… එල එල
Good job machan… thanks… wish you all the best
50 වෙනි උපසිරැසියට උනුසුම් සුබපැතුම් සහෝ ඉක්මනටම 100 දෙමු
thanks bro..
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
ජයග්‍රාහි 50 වෙනි උපසිරැසියට සුභ පැතුම්…Jaya wewa…
bohoma stutuy saho.puluvannam puluvan ikmanin meake BR copyatath sub upload karanavada?
Blu ray Awooooooooooooooooooooooooooooooooooooo
DVDRIP Eka AWOOOOOOOOOOOOOOOOOO
50ට සුබ පැතුම් සහෝ
100ත් ඉක්මනට දෙමු
ඔබට ජයෙන් ජය ..!
Congratulations!
හදවතින්ම උණුසුම් සුභ පැතුම් එක් කරනවා ජයග්‍රාහි 50 වෙනි උපසිරැසියට …..
thanxxxxxxx
සුභ පැතුම් සහෝ….
මාත් බාන්න දැම්මා…
ela ela ohoma yamu.. ikmanata 100th pannmu….
අදිත මලේ, සමාවෙන්න ඕනේ කමෙන්ටුව පරක්කු වුනාට. තාම බලන්න හම්බුනෙත් නෑ බං. අද රෑට බානවා. එහෙනම් මේ ආපු ගමන දිගටම ඒ විදියටම ඉස්සරහටත් කරගෙන යන්න. කාල අවකාශය ලැබෙන්න කියලා තමයි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරන්නේ. ජයෙන් ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරැසියට. එලස්ස්ස්…
Tnx Bro Great Work
50ට මුළු හදවතින්ම සුභ පතනවා.
Gd luck
bohoma sthuthi upasirasiyata.jaya wewa !
එලම තමයි
බොහොම ස්තූතියි සබ් වලට !
තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !
thz machoo sub ekata
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
එල!
නියම වැඩක් මචන්~!!
ඒ වගේම උපසිරසි ජීවිතයටත් සුබපැතුම්!!!
tkz
සබට තුති..සුබ පැතුම් !!
superb brow
update karata tkz macn
එල එකක් මලේ….
බොක්කෙන්ම සුභ පැතුම්.
ඔයිට වඩා සෑහෙන්ට අඩු කාලෙකින් 100නම් ගහන්ඩ වෙයි ඈ.
එලා..
ජයවේවා!
thanx
ටිකක් විතර ප්‍රමාද වෙලා වුණත් ඔන්න හදවතින්ම ගේන උණුසුම් සුබ පැතුම් එකතු කරන්න මමත් එක්වෙනවා. ළාබාලතම අර්ධ ශතක ලාභියගේ උපසිරැසි වලින් සෑහෙන කොටසක් මමත් බලල නම් තියෙනවා. ඉතින් මෙතනින් නොනැවතී 100 ත් ඉක්මනටම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම හැමදාම වගේ ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Machan sub eka replas karada ….video eka ekka match une na
http://bit.ly/1Q9YAen
මේ සබ් එක නම් මැච් වුනා බන්
50 weni ekanam amu chaa
හැමෝටම බොහොම ස්තුතියි දිරි ගැන්වීම්වලට !
Machan sub eka replas karada ….video eka ekka match une na
Machan sub eka replas karada ….video eka ekka match une na
niyamayi saho.film eka apu gamanma dala….elementary eke s3 wala epi 8ka withara sub ne….ewa karanna puluwanda?
good luck bro…… nice work……
හ්ම්ම්ම්….මුලින්ම මගේ හදපිරි සුබ පැතුම්!
ගොඩක් සතුටුයි මචන් උඹ ගැන..
ඉලක්කය පාස් කරපු එක ගැන විතරක් නෙවේ.
එහෙම කරපු ලාබාලතම කෙනා වුන එක ගැන ගොඩක් ආඩම්බරයි!
යාලුවෙක් විදිහට..ඒ වගේම සහෝදරයෙක් විදිහට.
මටත් කියන්න තියෙන්නේ අදිත ප්‍රවීන් නැත්තම් රවිඳු නිපුන් උපසිරැසිකරුවෙක් වෙන්නෙත් නැහැ.
මොකද කියනවා නම් උඹ තමා මාව හැමවෙලේම දිරිමත් කළේ..
“මචන් මට උදව්වක් කරපන්” කියලා මම කිව්වාම “හරි මචන් මොකක්ද සබ් එක?” කියලා ක්ෂණිකවම හෙල්ප් එකට ආපු අවස්ථා එමටයි.
උඹ මට උදවු කරපු තරම් මට උඹට උදවු කරන්න බැරි වෙන්නැති.
ඒත් පොඩි හරි දායකත්වයක් ලබා දෙන්න පුලුවන් වුණු එක ගැන මටත් නිහතමානී සතුටක් තියෙනවා.
අනික මම දන්නවා උඹ කොච්චර කැපවීමකින් මේක කළාද කියලා.
දීර්ඝ ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
චිත්‍රපටිය ගැන කිව්වොත්….
ආසාවෙන් බලන් හිටපු එකක්.
අනිවා බෑමක් තමා.
තෑන්ක්ස් මචන්!
Sub ekata Thanks bro….but podi awlak sub eke (TIMLINE ) eka match wenne na video eka ekka podak bala la replas karanawa da ………….
50ට සුපිරි බයිස්කෝප් එකක්නනේ තෝරගෙන තියෙන්නේ. තෑන්ක්ස් සබට!!!
yes sub eka match wenne ne.mokakda karanna puluwan bro?
Sub eka video ekata mach wennaneee khmada hada ganne meka
Thanks Bro..මගේ සුබපැතුම්..!
sub එක video එකත් එක්ක match වෙන්නැති අව්ලක් තියෙනවද මන්ද.
download කරපු කෙනෙක් කියන්නකෝ please …
නියමයි….සබ් එකට තැන්ක්ස්….50ට සුබ පැතුම්…
me site eka dan mokak hari awlak thiyenawa nda?
yeah because too many ad script included in the site that’s why 🙁
too many cooks spoils the soup :'(
ela sahoooo 50 wana sub ekatath suba pethum digatama sub demu
50 වෙනි නිර්මාණයට සුභපැතුම් මල්ලි. ඉක්මනින්ම 100 කඩඉමටත් ලඟාවෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම බොහොම ස්තූතියි උපසිරිසයටත්. එහෙනම් 51 වෙනි උපසිරසියෙන් ඉක්මනින් මුණගැහෙමු. ජය…
50 ta subapathum saho..
!!..Jaya Wewa..!!
Thanks 🙂
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
50වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්
100ත් ඉක්මනටම කරමු..
ජය 😀
Thanks
thanx
Congratz bro !!!!!!
මුලින්ම බොහොම ස්තුතියි අද වෙනකම්
අපි වෙනුවෙන් අරන් ආපු උපසිරසි 50 වෙනුවෙන් කැප කරපු කාලය මහන්සිය වෙනුවෙන්!
මම මේ උපසිරසි පනහෙන් සෑහෙන උපසිරසි ගණනනක් නරඹල ඇති මං හිතන්නේ
ලිපියේ මං ගැනත් මොනාදෝ මන්දා කියල තියෙන්නේ ( බය වෙන්ඩ කාරී නෑ ආයේ ටීෂර්ට් වැඩේ මම බාරගන්නේ නෑ :p )
වැදගත් දවසක මාවත් මතක් කලාට බොහොම ස්තුතියි එහෙනම්
සමහර ෆිල්ම් තියනවා රේටින්ග්ස් කොච්චර අඩු උනත් අනිවා බලනවා
මේත් ඒ වගේ එකක්
එහෙනම් අදිත මල්ලි
මෙතනින් වැඩේ නවත්වන්නේ නැතුව හෙමිහිට හෙමිහිට ආපු මේ ගමන ඊළඟ කඩයිම වෙනකම් යන්න ලැබේවා
ජයෙන් ජය වේවා!
මෙන්න උපසිරස අරගන්නවා
මේ කොපිය හොඳ ඇති කියල හිතනව
(ඒ වගේම මේකේ හාර්ඩ් සබ් තියනවා කියලත් දාහන් පුලුවන්නම්, සයිට් එකක් කොරන නොදරුවෙක් ඉන්නව :p )
ai ban me baiscope site ekata log wenna beri erro enne…
thank bro…waiting for bluray..
thank u very much
නියමයි සහෝ සුභපැතුම්. දිගටම වැඩේ කරගෙන යමු. 50 ඉවරයි…………………..
100ට යමු….
issellama hadawathinma suba pathanawa ADITHA saho….50 weni kadaimata…..
methuwak kalayak rasika apage rasaswadaya wenuwen kisidu laba prayojanayak nomathiwa oba kala sewayata achara krnawa….e wgema goadak isthuthi……. me sewaya idiriyatath kirimata awasi shakthiya, dairya labewa…… e wgema ADITHA sahoge personal & professional life 1ke siyalu wada sarthaka wenna prarthana krnawa….wish u’r great future…..bro……jayen jaya….
mmth br 1ka enakm innawa….apu gmn update parak danna…
එල මචන් සුබ පතනවා සුපිරි උබලා නිසා අපි ආතල් එකෙ ඉන්නවා bluray එනකම් ඉන්නව බන් මෙ වගෙ එකක් hd බලල මදි
උණුසුම් සුභ පැතුම්!
ජය!
නියමයි මචෝ…..
මේක එනකම්මයි හිටියේ….
50 වෙනි කඩයිමටත් සුබ පැතුම් මචන්.
අපි වෙනුවෙන් මේ කරන වැඩේට බොහෝම ස්තුතියි මචෝ….
දිගටම යමු…
ජයෙන් ජය…
50 ට සුබපැතුම් මලේ….
br එනකල්ම ඉන්නේ මේකනම්….
බොහොම ස්තූතියි මේකට උපසිරසි ලබාදුන්නාට…
ඉක්මනටම 100 උපසිරසියෙන් හමුවෙමු…
ජයවේවා…
#Hail_Hydra
මේ කතාව නම් බලු වටින්නේ නැ.
තු නෙදකින්.
අපරාදේ
thank you very much saho…!!!
50 weni upasirasiyata unusum suba pathum…:-)
50ට සුභ පැතුම් එක් කරනවා මුළු හදවතින්ව අදිත…
එහෙනම් 100ත් කරන්න කාලය හැකියාව ලැබේවා කියලා හිතනවා…
ජයෙන් ජය…
Okkamala Suba nam pathala. Kawuruwath kiyala neha debas walata kalin sub eka yanwa kiyala
aniwa debas valata kalin sub eka ynava
එල ඈ
suba pathum
50 වෙනි උපසිරසියට සුභ පැතුම්..HDRIP akata update akak denawada.
නියමයි සහෝ…
50 වෙනි උපසිරසියට සුභ පැතුම්..
ජය වේවා..
😀
congrats!!!!
මුලින්ම , හදවතින්ම උණුසුම් සුභ පැතුම් එක් කරනවා ජයග්‍රාහි 50 වෙනි උපසිරැසියට …..
මං බයිස්කෝප් එකෙ උපසිරැසි කරන හැමෝගෙම එක උපසිරැසියක් හරි බලන්න උත්සහ කරනවා. මං ඔයාගෙත් එකම එක උපසිරැසියක් බැලුවා. ඒක ගැන නම් ආයේ කියන්න ඕනේ නෑ සුපිරිම සුපිරි….
එහෙනම් ඉතිං සුභ පතනවා දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න කියලා…. 50 ගැහුවා වගේම 100,150,200 කඩයිම්වලටත් ලගාවෙන්න ඕනේ කරන ශක්තිය ලැබේවා. කරන කියන හැම වැඩක්ම හොදින් කරගන්න…..
මෙකෙ බ්ලුරේ ආවම ඔයාගේ උපසිරැසිය එක්කම බලනවා එහෙනම්…..
ජයෙන් ජය…………
Thanx bro
බොහොම ස්තූතියි
1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් .
උණුසුම් සුභ පැතුම්..
50ට මුළු හදවතින්ම සුභ පතනවා
50 ට උනුසුම් සුබ පැතුම් මල්ලියෝ…
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
thx….. bro
50සුභ පැතුම් අදිත සහෝ!
දිගටම සබ් දෙමු!
ජයවේවා!
patta bro.. 50 weni sub ekata mage unusum suba pathum..!! ohomama 100 gahamu. jaya wewa..!!
50 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම්.තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.බුදු සරණයි!
50ට මගෙනුත් උණුසුම් සුභපැතුම් මලයෝ. ඉක්මණට ම 100ට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
උණුසුම් සුභ පැතුම්..
50ට මුළු හදවතින්ම සුභ පතනවා අදිත මලයෝ…
එහෙනම් ඔහොමම 100ත් අරගෙන එන්න බලමු නේද… 🙂
දිගටම තවත් සබ් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව…
සුපිරි…ජය!!! ජයවේවා…..!
එල……..
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!!
niyamayi malli
50ta suba pathum
brrip enakam inna hitan inne …..
digatama dila ikmantama 100ni ekath denna
labewaa kiyalaa wish laranawaa
tnxxxxxxxxxxxxxxx
ela ela digatam sub denna machooo
elazzzzzzzzzzzz
WoW man Nice Job and congzs. I am waited so so long for this one. Thanks again man. best luck. We appreciate the effort.
mage suba pathum…. sub akata thanks (Watema add tama epa wenne)
elakiri 50ta suba pathum!
all the best
ආ මේ ගොඩ බැහැලා තියෙන්නේ සුපිරි ෆිලුමකින්ම..
සුපිරි ෆිලුමකින්ම 50 ගැහුවා එහෙනම් ..
ආයේ කියන්න දෙයක් නැහැ එලම තමයි ..
50ට සුබ පතන ගමන් මිට වඩා වැඩි වේගයකින් 100ට ලගාවෙන්න
ශක්තිය හා කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..ඔබට ස්තුතියි.
50 උපසිරැසියට සුබ පතනව මල්ලි…
දිගටම තවත් සබ් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව…
සුපිරි…ජය!!!
niyamai saho…50ta unusum suba pathum.meka br ma balanawa.jya wewa sahoooo,100th ikmntama demu……!!!!!!
මොකද්ද බන් මේ සයිට් එකට කරලා තියන විකාරේ………….
ලෝඩ් වෙන්න හට පැයක් යනව. තිබුන විදියට තිබ්බනම් ඉවරනේ
මුලින්ම අදිත මල්ලිට 50 වෙනි කඩඉමට සුභ පතනවා!
තව තවත් මෙවැනි වු රසබර කථා ගොඩාරියකින් අඩවිය පුරවන්න කියලා ඉල්ලනවා! අපිට ලැබුනු මිල කළ නොහැකි සම්පත් වලින් එකක් තමයි අදිත මල්ලි ඔයා! දිගටම අඩවිය එක්ක ඉන්න.
ස්තුතියි සබත් ඉක්මනින්ම ගෙනාවට
ජය වේවා!
ela
suba patum saho
උණුසුම් සුභ පැතුම්. දිගටම වැඩ කරගෙන යන්න හැකියාව ලැබේවා. කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. බුදුසරණයි.
congratulations for 50 subsub.. good luck
niyamai saho thanks sub ekata
Suba pathum saho.eth meke HD rip thama na neda?TS rip ekakda deela tiyenne?
සුභ පැතුම් කොල්ලෝ…
උපසිරැසි ලිස්ට් එක 49 තියාගෙන මාස ගානක් ඉවසගෙන හිටියා නේද අද වෙනකන්..
එල.. ඊයේ රෑ සමීර අයියා කිව්වා අද පාටියක් තියේ කියලා.
තව පාටි පෝලිමක් ඉස්සරහට එන්නත් තියේලු
anyway… හදවතින්ම සුභ පතනවා මමත්
ඉක්මනින් තවත් කඩයිම් පසු කරමු..
කරන කියන වැඩ කටයුතුද සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා
ජයෙන් ජය..!!!
නියමයි අදිත සහෝ..
කොල්ලා 50 ත් ගහලා එහෙනම්..
බයිස්කෝප් එකෙන් සබ් ගන්න හැමෝම ස්තූතිවන්ත වෙන්න ඕනි
මේ කරන කැපවීම ගැන
50 කඩයිමට ආව කියන්නේ ඉතින් කොච්චර කැපවීමක් වෙලාද කියන එක ගැන මොන කතාද ඉතින්
තමන්ගේ වටිනා කාලයත් වැය කරමින්
ඉතින් ඔයාගේ සබ් රටාවත් ගොඩක් හොඳයි
ඉදිරියටත් 100 කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ඔයාට ජයෙන් ජයම වේවා…!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි.
jaya wewa.
50 වෙනි සබ් එකට සුභපැතුම් සහෝ ,
දිගටම යමු
ජයවේවා !
පට්ට ඈ… 50ට සුභපැතුම්.
අද උදේ දැක්ක ගමන්ම බාගෙන හිටියා… එල කොල්ලෙක්..
thanxxxxx saho.
Tnx machan for the support……and all the very best for ur 50th job and counting more…
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ් දෙනකම්.
ගොඩක් ස්තූතියි.
සුපිරිනෙඑඑඑඑඑඑඑඑඑඑ
50ට මුළු හදවතින්ම සුභ පතනවා අදිත මලයෝ…
එහෙනම් ඔහොමම 100ත් අරගෙන එන්න බලමු නේද… 🙂
මේක නම් ඉතින් Br ආවම තමා ගන්න වෙන්නෙ…
ජය වේවා කොල්ලෝ…!!! 🙂
සුභ පැතුම්…!