MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබටහිරබුද්ධික නුවන්සිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Family Plot (1976) with sinhala subtitles | පවුලක අවුල. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 17 votes.
Please wait...

Family Plot (1976)මේ 1976 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් චිත්‍රපටයක්. ක්‍රියාදාම හාස්‍යමය වර්ගයට අයත්වන මෙය ඉතා හොඳින් රසවිඳිය හැකියි. භූත වේදිනියක් යැයි කියාගන්නා ටේලර් බ්ලාන්ච් තම සගයා හරහා ලබාගන්නා ඉඟියක් අනුව ලක්ෂපතිනියක් වන ජූලියා රේන්බර්ඩ් මහත්මිය රවටා යම් මුදලක් කඩාගැනීමට උත්සහ දරයි. ජූලියා රේන්බර්ඩ් මහත්මියගේ ප්‍රශ්නය නම් නින්ද නොයෑමය. මැඩම් බ්ලාන්ච් ගේ කපටි  මොලයට හසුවන්නේ ඇය පෙර කරන ලද යම් සාපරාධී ක්‍රියාවක් නිසා ඇය සිතින් පීඩා විඳින බවයි. එපමනක් නොව ඇගේ මුවින්ම ඒ කුමක්ද යන්න දැනගැනීමට ඇය සමත් වේ. එයනම් ඇගේ සහෝදරියට අවජාතකව ඉපදුන දරුවා වෙනත් පවුලකට හදාගැනීමට දීමයි. පසුව ඒ ගැන පසුතැවෙන ඇය, මැඩම් බ්ලාන්ච් ගේ උදව්වෙන් එම දරුවා සොයාගෙන තම දේපල පවරා නැගණියට සාධාරණයක් ඉටු කිරීමට ඇය තීරණය කරයි.


කරන්නේ බොරුවක් උවද මේ දරුවා සොයා දුනහොත් තමාටද සෑහෙන තරම් මුදලක් උපයා ගත හැකි නිසා මේ සඳහා උත්සහ දරයි. මේ අතර එම දරුවා හදාගත් දෙමාපියන්වද මරාදමා නමද වෙනස් කර හොර මැරකම් වල යෙදෙමින් සිටී. ප්‍රධාන වශයෙන් කප්පම් ගැනීමයි. ලැබෙන ඔත්තු අනුව ගොස් ඔහුව සොයනවිට බ්ලාන්ච් හා ජෝර්ජ් ව මරා දැමීමට උත්සහ කරයි. එහිදී ඔවුන් දෙදෙනා දිවි ගලවාගන්නේද අනූ නවයෙනි.


නමුත් උත්සහය අත නොහරින මැඩම් බ්ලාන්ච්, රේන්බර්ඩ් පවුලේ හිමිකරු හඳුනාගැනීමත් සමගම ඔහුගේ හිරකරුවකු බවට පත්වේ. මේ අතර ඇයව සොයා එන ජෝර්ජ් හට මේ කප්පම් කරුවාගේ තිප්පොල හමුවේ. කාලයක සිට පොලීසියට උවමනා කල කප්පම් කරු එම නිවස තුලම සිරකර පොලිසියට බාරදීමට බ්ලාන්ච් හා ජෝර්ජ් සමත් වේ.

Family Plot (1976) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 982 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

13 thoughts on “Family Plot (1976) with sinhala subtitles | පවුලක අවුල. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thilakarathna

    අදහස් දැක්වීමට නොහැකිවුවත් ඔබ ලබාදුන් සබ් බොහොමයක් බැලුවා. පරණ ඒවාට අපි කැමතියි. ඔහොම යමු…

    Reply
  • බොහෝම ස්තුති බොක්ක. මචන් Alfred Hitchcockගෙ Vertigo එකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඔබ මේ දින කීපය තුළ ඉක්මනින්ම ලබාදුන් Marnie, Sabotage, Family Plot යන සිනමාපට තුනම dawunload කර නැරඹුවා. මේ සියල්ලම මා නරඹන්නට අශාවෙන් සිටි පැරණි ස්වර්ණමය සිනමාපට. මෙවැනි සිනමාපට DVD එකතුවක් මා ළඟ සුරක්ෂිතව තිබෙනවා. එයට ඔබේ ඒවාත් එකතු කරනවා. මේවාට කැමති මගේ හිතවතුන්ටත් නරඹන්නට ඒවා ලබාදෙනවා. ඉතිං මේ කරන්නාවූ මහඟු සේවය වෙනුවෙන් අප සැමගේ ප්‍රණාමය ඔබට පුදකර සිටින්නෙමු!!! නැවතත් මෙවැනි ඒවාට උපසිරසි කරන්න. ඔබට ජය!

    Reply
    • ස්තුතිවන්ත වෙනව ඔබේ ප්‍රණාමයට.

      Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්.

    Reply
  • Gathsara Umesh

    Bohoom sthuthiy shoo

    Reply

Leave a Reply to Gathsara Umesh Cancel reply

Your email address will not be published. Required fields are marked *