Faith [EP01] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]
ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…..
ලිපිය-කණිෂ්කා පෙරේරා.
——–
Faith-දෙව් ලොවින් ආ වෛද්‍යවරිය (2012)
1 වන කොටස.
කොරියාවේ SBS නාලිකාවේ 2012 වර්ෂයේදී විකාශය වුණු Sin-ui නැත්නම් Faith ටෙලි නාට්‍ය එම වසරේදී සම්මාන 5ක් දිනා ගත්තා. Boys over flowers නාට්‍යයෙන් ප්‍රසිද්ධ වුණු Lee Min Ho නැත්නම් කවුරුත් දන්න ගු ජුන් පියෝ තමයි මේ කතාවෙත් වීරයා.
කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ගොර්යෝව එහෙමත් නැත්නම් කොරියාව කියලා අද හඳුන්වන රටේ වර්ෂ 1300 ගණන්වල ගොන්ග් මින් නමින් රජෙක් රජ වෙනවා. ඔහු සරණපාවා ගන්නේ යුවානයේ එහෙමත් නැත්නම් චීනය කියලා දැන් හඳුන්වන රටේ නො ගුක් කුමරිය. ඒ කාලේ ගොර්යෝව පවතින්නේ යුවානයේ බලපෑමට යටත් වෙලා. යුවානයෙන් විතරක් නෙවෙයි ගොර්යෝව තුළත් ඉන්නවා තමංගේ රටට විරුද්ධව යුවානයට උදව් කරන අය. මේ ගොන්ග් මින් රජුට විශ්වාසවන්තව හැම මොහොතේම ඔහුට සේවය කරන්නේ වූ දල් චී කියන සේනාවේ සෙන්පති චෝයි යන්ග් (Lee Min Ho). ඔහු තමන්ගේ පොරොන්දු අකුරටම රකින රජුට හොඳින්ම පක්ෂපාත කෙනෙක්. ඒ නිසා ඔහු විශාල කරදරයන්ට මුහුණ දෙනවා.
පළවෙනි කොටසේදී වෙන්නේ යුවානයේදී විවාහ වුණු ගොන්ග් මින් රජු නැවතත් තමන්ගේ රටට එන විට සිදු වෙන දේවල්. රජුට විරුද්ධ පිරිස් පහර දෙනකොට එයට විරුද්ධව සටන් කරන්නේ චෝයි යන්ග් සහ ඔහුගේ සේනාව. නමුත් රජුවටේ ඉන්න පාවා දෙන්නන් නිසා රැජිනට තුවාල වෙනවා. ඒ කාලේ තිබුණා වෛද්‍යක්‍රම වලින් ඇයව බේරා ගන්න බැරි වෙද්දී රජුගේ උපදේශකයා කියනවා දෙව්ලොව ඉන්න හ්වා තා වෛද්‍යවරයාට පමණයි ඇය බේරා ගත හැක්කේ කියල. ඉතින් මේ වැඩෙත් භාර ගන්නේ චෝයි යන්ග්. බලමු ඔහුට දෙව්ලොවට යන්න පුළුවන් වෙයිද? වෛද්‍යවරයා කැඳවා ගෙන ආ හැකිද?
ලිපිය- අනුත්තරා බණ්ඩාර
[button link=”https://goo.gl/Jre9KJ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9149 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” හා “අනුත්තරා බණ්ඩාර” සොයුරියන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
meke hash tag eka use karala download karaganna bane
eka update velada?
Pls ane kauru hari mta kynkoo meke vedios download kle khmd kyl..
Plz give me subtitles for city hunter drama
Kathawa english sub eken baluwata sinhala sub eken balana hithuna
thanks sub ekata thawa sub karanna
great job Anu… Keep up the good work
ඔහ්..ආයෙත් කොරියන් සීරීස් එකක් Boys over flowersඑකේ සහ The Heirsඑකේදීත් Lee Min Hoගෙ performance සුපිරි..මේ සීරීස් එක වෙනුවෙන් මහන්සි වෙනවට ඔයාල දෙන්නටම ස්තුතියි…
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
English සබ් එක්ක කථාව බලලා තිබුනත් සිංහල සබ් එක්ක තව සැරයක් බලන්න ඔනි කියලා හිතුනා… Thanks සබ් එකට……. 🙂 Melody of Love Series එකෙත් සබ් කරන්නකෝ………………..
thanx sis
thanks sis…
Thanks a lot sister
මෙවැනි සේවාවක් අප වෙනුවෙන් කිරීම ගැන ඉතාමත් ගෞරවයෙන් ස්තුති කරනවා. දිගටම සබ් කරන්න. ජයවේවා.
නියමයි . සුභපැතුමි දිගටම කරගෙන යමු.
niayamai…korean nm ithin balanawama thama….meka digatama demu…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……