MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචිත්‍රපටිචීනත්‍රාසජනකතීරණය ඔබේබලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Extraordinary Mission (2017) AKA Fei fan ren wu (2017) Sinhala Subtitles | රන් ත්‍රිකෝණයේ පොලිස් ඔත්තුකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 26 votes.
Please wait...

Shock Wave කෙනෙක් පස්සෙ ආයෙත් චීන ක්‍රියාදාම සිනමාව පැත්තට යන්න තමයි මේ අරමුණ. මේකත් කලින් වගේම බොහොම ත්‍රාසය, කුතුහලය පිරුණ තවත් අගනා චිත්‍රපටයක්. කලින් වගේමයි චීන පොලිස් නිලධාරියෙක් සහ ඔහුට භාර වුන දීර්ඝ කාලින මෙහෙයුමක් අලලා තමයි මේ නිර්මාණය ගොඩ නැගිල තියෙන්නෙ.

ලින් කායි නමින් නම් වන අපේ කතාවේ ප්‍රධන චිරිතය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙක්. ඇත්තටම ඔහු මධ්‍යම පන්තියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙනුවෙන් වැඩ කරන ගෝලයෙක් කියන්න පුළුවන්. නමුත් ඉතින් ඔහු මාත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් වෙනුවෙන් යන මොහොතක ඔහුව පොලිසියෙ දලට කොටු වෙනව, නමුත් ඉතින් කොහොම හරි ඔවුන් එක්ක ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුනාට පස්සෙ පැනයන කායි නතර වෙන්නෙ ඔහුගෙ ලොක්කාගෙ නිවසෙ. එතැනදී තමයි ඔහුට තමුන්ගෙ ලොක්කා පොලිස් ලොක්කෙක් එක්ක හවුලෙ මේ වැඩේ කරගෙන යන බව කියා සිටින්නෙ… ඒ ඔහු ලබාදෙන ආරක්ෂාව වෙනුවෙන්, ඒ වෙනුවෙන් ගෙවීම තමයි ඉඩහිට මත්ද්‍රව්‍ය ටිකක් එක්ක බෙදාහරින්නෙක් බිල්ලට දීම. ඉතින් ලොක්කට කායිගෙ යෝජනාව වෙන්නෙ ඔහුවත් මේ ජාවාරමට පහල පෙලේ සොල්දාදුවෙක් හැටියට නෙමෙයි, තමුන්ගෙ හවුල්කරුවා හැටියට එක්කාසු කරගන්න කියල. තුවක්කු කටක් දිහා බලා ඉන්න ඔහු එයට එකග වෙනවා…

ඉතින් එහෙම තමයි කායි මේ ජාවාරමේ ඉහළට යන්න තමුන්ගෙ මාර්ගය විවර කරගන්නෙ. ඔහුගෙ මෙහෙයුම වන්නෙ තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යාවෙන දේශ සිමාවේ පිහිටි අවනීතිය රජයන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සුරලොවක් වුන Golden Triangle එහෙමත් නැත්නම් රන් ත්‍රිකෝණය තුල ක්‍රියාත්මක විශාලම මත්ද්‍රව්‍ය ජාවාරමකට තිත තියන එක. ඔහුගෙ ඉල්ලක්කය වන ඊගල් වෙත යන්න ඔහුට කරන්න වෙන දේ, පොලිස් නිලධාරියෙක් හැටියට ඔහුට කොයි වගේ ප්‍රශ්න ඒ නිසාවෙන් ඇති වෙනවා ද ? කියන එක ඔබට දැකගත හැකි වේවි…

කායි, තමුන්ගෙ කතාව එහෙම කියාගෙන යන මොහොතක මිට වසර 10 කට පෙරාතුව ඊගල් හඹා ගිය ලී නම් පොලිස් කපිතාන්වරයා තමයි මේ මෙහෙයුම පාලනය කරන්නෙ, අතර මගදී ඔහුට දැනගැනීමට ලැබෙනවා වසර 10 කට පෙර තමුන් මිය ගියා යැයි අපේක්ෂා කල තමුන්ගෙ පොලිස් විශේෂ කාර්යය බලකා සොහොයුරා තවමත් ඊගල් ලග දුක් විදින බව, ඉතින් ඔහුත් යා යුතුයි රන් ත්‍රිකෝණයට තමුන්ගෙ සොහොයුරා නැවතත් රැගෙන එන්නට…

ත්‍රාසය, කුතුහලය එක්ක මදි නොකියන්න ක්‍රියාදාම පිරුණු මේ සලරුව බලන ඔබට කායිගෙ ඉරණම, ලීගෙ ඉරණම වගේම ඊගල් සහ ඔහුගේ කල්ලියෙ ඉරණමත් අගේට දැකගත හැකි වේවි…කලින් වගේම කියන්න තියෙන්නෙ කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලන්න ඔබ අකමැති වෙන්න හේතුවක් නැහැ හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් සොයා යන අයෙක් නම්.

පැය 2 කුත් මිනිත්තු 02 ක වගේ කාලයක් දිවයන Alan Mak, Anthony Pun දෙපලගෙ අධ්‍යක්ෂණයක් වෙන මේ සලරුව තුල Yihong Duan, Xuan Huang (The Great Wall), Yueting Lang, Yanhui Wang, Jiadong Xing, Feng Zu සහ තවත් විශාල පිරිසක් දැකගත හැකි වේවි. IMDB 6.3 ක අගයක් ලබාගත් මේ නිර්මාණය වෙනුවෙන් රොටන් ටෝමාටෝ හි ප්‍රේක්ෂකයන් 88% අගයකුත් ලබාදී තිබෙනවා. අයත් වෙන්නෙ Action, Crime කියන කාණ්ඩයන් දෙකට.

එහෙනම් තවත් සලරුවක් එක්ක ඔබ හමුවට එන්නම් එතෙක්, ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5324 --

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Extraordinary Mission (2017) AKA Fei fan ren wu (2017) Sinhala Subtitles | රන් ත්‍රිකෝණයේ පොලිස් ඔත්තුකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

  • Kasunabayasekara

    Thanks machan

    Reply
  • tharindu jayasekara

    thanx bro..good luck

    Reply
  • Fathishafy

    Thank you so much sub ekata

    Reply
  • Chulender kasun

    Thanks bro
    ………………..

    Reply
  • shashika laksiri

    thanxxxx sub ekata

    Reply
  • tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජය වේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • ela ela bro.. donnie darko, primal fear sub diyan plz

    Reply
  • Sanjeewa2010

    thnxxxxxxxxxxxxx

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • SANATH RANGA ABEYWEERA

    thank”s brooooo

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks saho…. 🙂
    puluwan nam “Skybound 2017” ekatath sub denna saho….

    Reply
  • Thanks saho…. 🙂
    puluwan nam

    Reply
  • ranga11112

    Thanks Saho…..
    Sub akata Bohoma Pin

    Reply
  • Thank you very much Sameera

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

    Reply
  • Nuwan-milinda

    Saho subakata thanks

    Reply
  • thanks bro sub ekata.supiri film ekak wage

    Reply
  • AsithaDilruwan

    Ela ela saho thanks

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Bandaramudiyansi

    කොරියාවටත් යමුකෝ… එයලගෙ සිනමාපට මාර තාත්විකයි.. අමුවෙන්ම ගන්නව එයාලගෙ ෆිල්ම් . ස්තුතියි සහෝදරය …….

    Reply
  • බොහෝම ස්තුතියි සමීර සහෝ සිංහල උපසිරැසියට….!
    ජය…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *