අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)ඉෂාරා ගුණරත්නඑළ (TV)ක්‍රියාදාම (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Evilive [E10] Sinhala Subtitles | නපුර පරාජය කළ හැක්කේ නපුරෙන්මද ? [සිංහල උපසිරැසි] (18+)

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Evilive (Tv Mini Series) Sinhala Subtitles
Evilive (Tv Mini Series) Sinhala Subtitles

මුලින්ම කියන්න ඕන හා හා පුරා කියලා මන් මේ කරපු පළවෙනි උපසිරසි ගැන්වීම.ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කණ්ඩායමට. උපසිරසියේ වැරදි අඩුපාඩු තියනවනම් ඒකටත් සමාවෙන්න කියලා ඉල්ලනවා.

ඉතින් පළවෙනි වතාවට උපසිරසියක් කරන්න තෝරගත්තේ මේ කොරියානු කතාමාලාවට. මේක බලන්න ගනිද්දී මේකට තාමත් සිංහල උපසිරසියක් කරලා නෑ කියලා දැක්කම ඒක ලොකු අඩුවක් වගේ දැනුණා.මොකද මේක සිංහල උපසිරසියක් තියෙන්නම ඕන එකක්.ඒක නිසා තමයි මම මේකට සබ් එකක් දෙන්න ඕන කියලා තීරණය කරේ.

Evilive (Tv Mini Series) Sinhala Subtitles

මේකේ මුලින්ම රංගනයෙන් දායක වුණු අය ගැන කතා කරොත් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Shin Ha- Kyung ඔයාලා Beyond Evil බලලා තියනවනම් මෙයාව අමතක වෙන්න විදියක් නෑ. ඒවගේම Kim Young- Kwang , Shin Jae-Ha වගේ දැවැන්ත චරිත මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්.
මේ සුපිරි කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Kim Jun-Min කියන අධ්‍යක්ෂකවරයා ඒවගේම තිර රචනය කරලා තියෙන්නේ Seo lee – Hee විසින්. Hospital playlist , Midnight වගේ චිත්‍රපට හා කතාමාලාත් මෙයාගේ අතින් ලියවුණු ඒවා.

Evilive (Tv Mini Series) Sinhala Subtitles

ඉතින් මේ සුපිරි කතාව පැත්තට ගියොත් නීතියත් එක්ක තමා කතාව ගලාගෙන යන්නේ.
ප්‍රධාන චරිතය වන හන් ඩොං-සූ කියන්නේ මැදි වයසේ ඉන්න අහිංසක යුක්තිගරුක කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න නීතිඥ මහත්මයෙක්. ඒත් තමන්ගේම ක්ෂේත්‍රයේ සමකාලීනයන්ගේ පෞද්ගලික පළිගැනීමක ගොදුරක් වෙන්න සිද්දවෙන මෙයාට වසර තුනකට නීති ක්ෂේත්‍රයේ තහනමකට ලක්වෙන්න වෙනවා. ඒත් ඒක්කම තමන් මෙතෙක් කල් රැස් කරපු කීර්ති නාමයන් , මුදල් , රැකියාව ඇතුළු හැමදේම අහිමිවෙලා යනවා. ඒත් ඒ වසර තුන අමාරුවෙන් ගෙවලා දාපු ඔහු තහනම ඉවත් උනාට පස්සේ තම බිරිඳ , තවමත් ආර්ථික අතින් පිළිවෙලක් නොවු එකම සහෝදරයා , ඔහුගේ සිගිති දියණිය, ඒවගේම රෝගී තත්ත්වයෙන් පෙළෙන ඔහුගේ මව නිසා ආයෙත් නීති ක්ෂේත්‍රයේ රැකියාවට යනවා ඔහුගේම සගයන්ගේ සමච්චලයට ලක්වෙමින්.
වසර තුනක තහනමකින් නැවත් ආ නිසාදෝ මෙයාට රැකියාව කරගන්න බොහෝසෙයින් අමාරුවෙනවා. මෙයා හිරගෙවල්වලට ගිහින් එහේ ඉන්න පුංචි පුංචි අපරාධකාරයොන්ගෙන් අනේ මට නඩුවක් දෙන්න කියලා හිගා නොකා හිගාකන තත්ත්වයට පත්වෙනවා.

Evilive (Tv Mini Series) Sinhala Subtitles

ඔහොම ඉන්නකොට තමා තම සහෝදරයාගේ මාර්ගයෙන් හිරේ ඉන්න එක සල්ලිකාර මහත්තයෙකුගේ නඩුවකට හන් ඩොං-සූට කරගහන්න සිද්දවෙන්නේ. ඉතින් වැලේ වැල් නැතුව ඉදපු මෙයා ඒ නඩුව අකමැත්තෙන් උනත් භාර ගන්නවා.ඒත් එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේක එයාගේ මුළු ජීවිතයම කනපිට හරවාවි කියලා.
ඉතින් මේ සල්ලිකාර මහත්තයා ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයි එයා එම ප්‍රදේශයේ ඉන්න යුංසොං කියන මැර කල්ලියේ දෙවනියට ඉන්න කෙනා වුණු සියෝ දෝ- යන්ග්. දෛවයේ සරදමකට මෙන් ඔහු කියන කියන දේවල් සිදු කර දෙන්නත් අහිංසක හන් ඩොං-සූට සිද්දවෙනවා.

Evilive (Tv Mini Series) Sinhala Subtitles

ඉතින් මේ මැර නායකයා බැලු බැල්මට කඩවසම් බවින් යුක්ත උනත් අසළ සිටින පුද්ගලයන්ට මරණ බිය ගෙනදෙන්න සමත්වෙන පුද්ගලයෙක්. ඒ තරමට දරුණු පුද්ගලයෙක් වුණු ඔහුට හන් ඩොං-සූ ඔහුගේ රිසි අවශ්‍යතා ඉටු කරදෙන්නේ තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරගන්න.

ඒත් දිගටම තමන්ට හා තම පව්ලේ උදවියට කරදර කරන්න මේ අහිංසක යුක්තිගරුක නීතීඥ මහත්මයා ඉඩ දෙනවද.නැත ඔහු තමන්ගේම ක්‍රමයක් ඊට එරෙහිව යන්න යොදාගන්නවා.ඉතින් වැඩි කතා ඕන නෑ අහිංසක යුක්තිගරුක නීතීඥ මහත්මයා ඔය කියන තරම්ම අහිංසකද එහෙම නැත්තන් ඊටත් අන්ත වේවිද කියලා බලාගන්න ඕනනම් මේ කතාමාලාව නරඹන්න කියලා මන් ඔයාලාට ආරාධනා කරනවා.ඉතින් අවසාන වශයෙන් මට මේ කතාමාලාවට උපසිරසි කරන්න අවස්ථාව හදලා දුන්න බයිස්කෝප් ටීම් එකට නැවත වරක් ස්තූතිවන්ත වෙනවා.

Evilive (Tv Mini Series) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 363 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Evilive (Tv Mini Series) Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

4 thoughts on “Evilive [E10] Sinhala Subtitles | නපුර පරාජය කළ හැක්කේ නපුරෙන්මද ? [සිංහල උපසිරැසි] (18+)

  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    පුලුවන්නම් තව හොද කොරියන් එකට සබ් කරන්නකෝ..
    කම්මැලි නැතුව බලන්න පුළුවන් එකකට

    Reply
  • Duminda K

    තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

    Reply
  • Nayana Buddhika

    මේ සීරීස් එකට සබ් දුන්නට ගොඩක් තෑන්ක්ස්❤️ දිගටම සබ් දෙමු

    Reply
  • Buddhika laKMal

    මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්
    වෙලාවක් තිබ්බොත් තව ලස්සන කොරියන් සීර්ස් එහෙකට සබ් ගේන්න පුලුවන්නම්…..
    ජයවේවා………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *