Earth: Making of a Planet (2011) | පෘතුවියේ විකසනය…[සිංහල උපසිරැසි සමඟ]
පෘතුවිය, ඒ තමයි ඔබ මම මේ හැමෝම ජිවත් වෙන නිවහන. මේ විශ්වය තුල අප මේතාක් දුරට දන්නා ආකාරයට ජීවය පවතින්නේ අපේ ලෝකය එහෙමත් නැතිනම් පෘතුවිය තුලයි. ඉතින් එය සුවිශේෂී බව කිසිම තර්කයකින් තොරව තහවුරු වෙනවා. මෙලෙස ග්‍රහලෝක අනන්ත ප්‍රමාණයකින් ඇයි මේ පෘතුවිය මෙලෙස සුවිශේෂී වෙන්න හේතුව කියලා ඔබට කවදා හෝ ඔබට හිතිලා තියෙනවද? හිතුනත් එහෙම උනේ කොහොමද කියලා දන්නවද? එහෙනම් මේ තියෙන්නේ ඒ විශ්මය ජනක ලෝකය ඉතා කුඩා වැලි කැටයක සිටන් වසර බිලියන ගණනක් තිස්සේ අද මේ අප පය තබා සිටින නවීන ලෝකය දක්වා ආ ගමන් මඟ කොටසින් කොටස එකතු කරමින් ඉතා විශාල කතාවක අර්ධයක් ඔබ වෙත තේරෙන සිංහලෙන් ඉදිරිපත් කරන්නයි. ඇත්තටම මේ පෘතුවියේ විකසනය මහා අරුම පුදුම කතාවක්. මම මේ අද ඉදිරිපත් කරන කතාව විද්‍යාඥයන් ඔවුන්ගේ විදු දැනුම උපයෝගී කරගෙන සහ භෞතිකමය සාක්ෂි වන පොසිල වැනි දේ වලින් හෙලිකරගත්තා වූ දේතුලින් මේ දක්වා පෘතුවිය නමැති අපේ නිවහන ගොඩනැගුන හැටි දැක්වෙන කතාවක්.
මමත් මේ කතාව පළමු වරට බැලුවේ සමහර දේවල් මමත් එහෙන මෙහෙන් දැන ගෙන හිටියත් මේ කතාවේ සම්පූර්ණ දේ ගැට ගහගන්න පුළුවන් උනේ මේ රූපවාහිනී වැඩසටහනට පින් සිද්ධ වෙන්න. මේ දේ ගැන අපි නොදන්නවානම් අපි ඇත්තටම අපි ගැන ලැජ්ජා වෙන්න ඕනේ. මොකද අපි දැනටමත් හුස්ම ගන්නා මේ වායු ගෝලය අපි ගන්න අහාර එතකොට අපි මේ භාවිතා කරන උපකරණ අඳින ඇඳුම් යාන වාහන මේ හැම දේකටම උපත ලැබුනේ මේ ලෝකයේ උපත නිසයි. කොටින්ම කියනවා නම් මිනිහා කියන සත්වයා බිහි වූ තැන තමයි පෘතුවිය. ඒ නිසා මේ කතාව අනිවාර්යෙන්ම බලන්න. මම හිතනවා පේ මේ වෙබ් පිටුවට ගොඩක් මල්ලිලා නංගිලා එනවා චිත්‍රපටි වගේම රූපවාහිනී වැඩසටහන් සිංහලෙන් බලන්න. මම කියනවට ඔයාලා මේ වෙනුවෙන් පැය එකහමාරක් වැය කරන්න. ඒ දේ ඔයාලට වගේම අනාගත පරම්පරාවට ඔයාලගේ දරුවන්ට ලොකු රුකුලක් වේවි. මම මේ කතාව බලපු එකෙන් ඇත්තටම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා වගේම සතුටක් දැනෙනවා මට පොඩි කාලේදී පැන නැගුන මේ ලෝකයේ හැදුනේ කොහොමද කියන ගැටළුවට පිළිතුර ලැබුන එකටත් ඒ ප්‍රශ්නයම මගේ පුතාට කවදාහෝ ඇති උනොත් දෙන්න පිළිතුරක් මගේ ළඟ තියෙන එකටත්.
මම මුලින්ම කිව්වා මම මේ කියන්න යන්නේ මේ කතාවෙන් අර්ධයක් ගැන කියලා. ඊට හේතුව තමයි අපේ මේ පෘතුවියට තවත් බොහෝකලක් එහෙමත් නැතිනම් වසර බිලියන 4.5ක දීර්ඝ ආයුෂ තියෙනවා. ඒ ආයුෂ අවසානයේ තමයි මේ කතාව සම්පූර්ණ වෙන්නේ. ඉතින් මම මේ කියන කතාව බින්දුවේ සිටන් එහෙමත් නැතිනම් ඒක සෛලීය ජීවියෙකුගේ පටන් අද මේ නවීන ලෝකයක් තුල ඉන්න, අභ්‍යවකාශය ජයගන්න වෙර දරන සංකීර්ණ මිනිසා නමැති සත්වයා වනතෙක් දිග හැරෙනවා. ඒ මේ පෘතුවිය තුල ඇති ජීවයේ පරිණාමය. ඊට ප්‍රධානම සාධකය උන අපේ මේ ග්‍රහලෝකයේ විකසනයත් මේ අතරේම ඔයාලට දැන ගන්න ලැබේවි.
තව දෙයක් මම මේ කතාවට උපසිරැසි යොදන්න හේතු උනේ විකියාට කෙනෙක් කරපු ඉල්ලීමක් මත. ඒ මෙම රූපවාහිනී වැඩසටහන පාසල් තුල පෙන්වීමට සිංහල උපසිරසක් ලබාදෙන ලෙසට. මම දන්නේ නැහැ ඒ සහෝදරයා කවුද කියල, එත් ඔහුටත් මම කෘතවේදී වෙනවා මොකද ඔහු කරපු ඉල්ලීම නිසා මමත් යමක් ඉගෙන ගත්තා. එහෙනම් මෙන්න ඒ සහෝදරයාටත් විවෘතයි මේ උපසිරැස ඒ උසස් කාර්යය වෙනුවෙන්.
එහෙනම් ඉක්මනටම අයෙත් මුණගැහෙමු කියන ගමන් හැමෝටම ජයෙන් ජය පතනවා..!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 3162 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් උපසිරැසි බාගෙන තියෙනවා මේ වෙනකොට. සිංහල උපසිරැසි කියද්දිම මතක් වෙන්නේ බයිස්කෝප් තමයි. බොහොම ස්තුතියි සියලු දෙනාටම.
නියමයි, බොහෝම ස්තූතියි
Thanks …
thankz bro
බොහෝම ස්තූතියි!
thanks bro…..
thanks saho….meeka patta 1k.
මම හැමදාම ආසාවෙන් බැලුව දෙයක් තමයි මේ වගේ වාර්තා වැසටහන්… බයිස්කෝප් එකෙන් දුන්න හැම වාර්තා වැඩසටහනක්ම මම බාගත කරා, එක්කේ දැනට බාගත වෙන්න දාලා තියනවා…….. විනෝදය විතරක් නෙමේ දැනුමත් දෙන මෙවන් කතා මාලාවන්ට උපසිරැසි යොදලා අපි වගේ සිංහලම ඕනි අයටත් තේරුම් ගන්න අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් ඔබට ගොඩක් පින් සහෝ…..
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති…….
🙂 🙂
මේකට ටයිටල් දාන්න කියලා ඔයාට දුන්නේ කවුද..
සුපිරි වැඩක් … දිගටම කරගෙන යන්න…
ඔයාලගෙ වැඩ නම් නියමයි ,ලොවෙත් නැ මම ලන්කාවෙ ඉද්දි වගේම රුසියාවෙදිත් ඔයාල එක්කමයි නියමයි කොල්ලො ජය වේවා කවදාවත් කඩාවැටෙන්න එපා බුදු සරණයි !
Thanks Hasantha.Mama Hitanne mamath kiyala thibuna Sinhala sub denna kiyala. Mekath Balanna Please Give Sinhala subs for this series “BBC.Wonders.of.the.Universe” . This is good for school children.
Thaks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks machan…maka dammata.hoda progarame ekak..
Tnx…
දැන්වත් ඔය මැවුම්වාදය(———සියල්ල මැවූ සේක…..) වගේ හනමිටි අදහස් ඔලුවේ පුරවගෙන ඉන්න අය මේක බැලුවොත් හොඳයි වගේ….
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැනුමක් ගන්න පූලුවන් මේ වගේ දෙයකට සබ් දෙන එකත් ලොකු පිනක්. ජය෴෴ 😛 😛
please help .unable to extract the sub zip file & unable to download.with alt key( give msg -Failed -no file ) .please advise . i am interesting to watch with sub(with my kids) .
බ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
ෂහ් මාරම වටින එකක්නෙ අපේ හසන්ත ගෙනත් තියෙන්නෙ.මේ වගේ දෙයක් බලල තමයි මේ දේවල් ගැන දැන් කොහොමත් ඉගෙන ගන්න වෙන්නෙ.ඉස්කෝලෙ යන කාලෙ මේව ඉගෙන ගන්නෙ නැතුව ක්ලාස් කට් කරානෙ.පාසල් දරුවන්ගෙ අධ්‍යාපනයට උදවු කරන්නත් එක්ක මේ කරපු වැඩේට හසන්ත සහෝට වගේම විකියටත් පිං.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
Wild Wild West (1999) machan oka Will Smith ge patta film ekak… puluwan nam oke sub eka denna…
ela machan… puluwan taram me wage dewal denawa nam godak watinawa…
Thanks friend God Post
ගොඩක් වටින කතාවක් පාසැල් යන දුවලා, පුතාලට ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙන වැඩසටහනක්. ගොඩක් ස්තුතියි මේ වගෙ දෙයක් ලබාදුන්නාට…
kiyala wadak naa ..godak thanks
thank you so much saho…
THANK YOU VERY MUCH
meka nam balanna vatina kathavak……….jaya wevaa…..
පට්ටම වටිනා වැඩක් එල
ස්තූතියි…. මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන වැඩසටහන්වලට සබ් දෙන එක වටිනවා.
නියමයි හසන්ත අයියා. කොච්චර උනත් මෙවාගේ එකක් දිපු එක නම් මැක්සා වටිනවා කාට කාටත්..
ජය වේවා!
ඇත්තටම හසන්ත සහෝ… ඔබට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ යමක් ඉගෙන ගන්න පුළුවන් යමක් අප වෙනුවෙන් ලබාදෙනවට. අපගේ මේ ලෝකය ගැන හරිහැටි යමක් ඉගෙන ගන්න මේ සලරුව අපට අත්වැලක් වේවි. බොහොම ස්තුතියි සහෝ.. ඔබට ජය..පතමි..
බොහෝම ස්තුතියි හසන්ත සහෝ…
thx bro,,,great work.
thnq
good work bro…tnks
ඕන්න ඕක තමා වැඩේ…
කොච්චර හොද වුණත් මේවා බලන අය අඩුයි 🙁 මමත් කලින් මේවාගේ ඒවා දුන්නා. මම හිතන්නේ මේ සයිට් එකේ වැඩිම ඒවගේ ගාණක් දීලා ඇත්තේත් මමයි බාගවිට. ඒත් ඉතින් ඔන්න ඕකයි ප්‍රශ්නේ! ඒවාම දිගටම දෙන්ඩ ගියහම ඒක හරිම අමාරු වැඩක්. අනිත් ඒවා දෙන අයට වගේ නෙමෙයි. හසන්තට එකෙන්ම එපා වුණානම් පුදුමෙකුත් නෑ…
ඒත් මේ ගත්තු සුළු ගණන වුණත් මේක අරගෙන බලන්නේ; විෂය දැනුමට, අලුත් යමක් ඉගෙන ගන්න, නැතිනම් කුතුහලයට. ඉතින් ඒ ගණන සුළු ගණනක් වුණත් ඒ අයට ඒක බොහොම වටිනවා. නමුත් මේවාම එකදිගට දෙන්න ගියාම හැගෙන විදිහ?
ඒක එහෙම දීලාම බලන්න වෙනවා.
ලංකාව දියුණු නොවීමේ එක රහසක් තමා මේක! වල්පල් වලට ඉඩ වැඩියි. අපේ රටේ රූපවාහිනීවලින් කියාදෙන්නෙ මහන්නයි-උයන්නයි! නැතිනම්; උයන්නයි-මහන්නයි! ඒ ඇරුණහම දවසින් බාගයක් ටෙලිනාට්‍ය, ඉතුරු හරිය දැන්වීම්. තවත් කොහෙන්හරි ඉඩක් තිබ්බොත් මොකක්හරි එකක් රිංගෝනවා. අපේ තියෙන කැහිල්ලට පිට රට TV එකක යන මෙහෙම එකක් දුන්නත් අර “නොදියුණුබවේම ගිළීමේ” මානසිකත්වයෙන් පෙළෙන මේ රටේවුන්ට ඒවා වැඩකුත් නෑ. ඒ රටවල ‘අලුත් පොත්-පත්/ කතා සංකල්ප/ චිත්‍රපට/ නව නිපැයුම්/ නව සොයාගැනීම්’ පහළවීමට මේ රූපවාහිනියෙන් ලබාදෙන දායකත්වය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. මොකද ඒවයින් දෙන්නේ දැනුම! අපේ ඒවයින්? 🙁
අනාගත පරපුරවත් මේවා බලලා දැනුමෙන් දියුණුවෙලා, අලුත් දෙයක් කරන්න, තව පෙරළි කරන්න මට්ටමට එනවානම් ඒක තමා එකම සතුට. නැද්ද හසන්ත? එනිසා මේ වැඩේ අගය කරනවා. අර කිවූ පාසල් දර්ශන පවත්වන්නට මූලික වූ අයටත්;(ඒ අයත් පොඩි හරි කැහිල්ලක් තියෙන කට්ටියක්) ජයෙන් ජයම වේවා! වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
මේ වගේ විශ්ව දැනුම ලබා ගන්න මෙවෙනි නිර්මාණයක් ලබා දුන්න මිතුර ඔබට ගොඩක් තුති
සිංහල උපසිරැසි එක්ක බලන්නේ කොහොමද?? සිංහල උපසිරැසි බාගත කරගත්තට ඒවා ඔපන් කරන්න බැහැනේ.
හසන්ත අයියා ඔය දිලා තියෙන්නේ පට්ට කථාවකට සබක්. සුපිරියි. මේවගේ දැනුමට යමක් දෙනවනම් ඒක ගොඩාක් වටිනවා..
තෑන්ක්ස්. සාමාන්යන කතා අතරේ මේ වගේ වාර්තා වැඩසටහන් හරිම වටිනවා.
පුළුවන් නම් BBC.Frozen.Planet.2011මේකටත් සිංහල සබ් දෙන්න.
niyamai,,thanks,,,
Thanks
පට්ටම වැඩක් සහෝ. ගොඩක් පින් සිද්දවෙන වැඩක්.
මම අසම කරන ජාතියෙ වැඩක්.. අදම බලන්න ඕනි.. ජයම වේවා මහත්මයාණනි..
thanx bro..niyamai.
පට්ටම එක්ක නොවැ
අනිවා බලන්න වෙනවා
සබට තුති
ඔබට ජය……
අම්මට සිරි පට්ට කතාවක්නේ අනිවා බලන්න ඕනි,දැන්ම බානවා හසන්ත වික්‍රමරත්න සහෝට බොහොම පිං.ජයවේවා.
ජය වේවා 😀 අයියට තිබ්බේ මේක A/L වලට කලින් දෙන්න නේ .. hehe geography වල පාඩමක් ..ගොඩක් ස්තුතියි අයියේ …මේ වගේ ඉගනගන්න ඒවත් මේකෙන් දෙන ඒක නම් වටිනවා ඔන්න බානවා දැන්ම බලනවා …:D
patta patta apith banawa
supiri wena kiyanna deyak na
මේක බොහොම අගනා කතාවක් බව කිව්වා නෙව බුකියේත් හසන්ත අයියා. බාන්න ඕනේ ඔන්න උපසිරැසට බොහොම ස්තුතියි….
ලොවෙත් නෑ මචෝ
meywage nodanna awa gana deyawal sinhalen dena aka nama patta watinawa saho
එලස් සහෝ
තවත් අනගි වැඩක් 🙂 ජය
baiscope best kiyanne nikan neme ne oyala patta
මේක නම් අනිවා බලන්න ඕනේ පට්ට
අපි දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් බොහොමයි
ඉතින් ඒවායෙන් ටිකක් හරි දැනගන්න තියෙන්නෙ මේවගේ දෙයකින් තමයි
හසන්ත සහො මේකට සබ් දුන්නැත්තම් මේක ජීවිතේටම නොදකින්න ඉඩ තිබුනා
ෆිල්ම්,ඩ්‍රාමා ඇරුනාම මේවගේ වටිනා කියන වැඩසටහනුත්
බයිස්කෝප් සයිට් එකෙන් දෙන එක මිල කරන්න නම් බැහැ
බොහොම ස්තුතියි හසන්ත සහො
sub deepu akata godak pin
miyamai හසන්ත
gr8 work 🙂
jayen jaya!!!
maru machan mama nam dakka gaman download wenna damma
මේවත් දෙන්න ඕනේ අනිවා මොකද ෆිල්ම් බලලා විතරක් මදි දැනුම ගන්නත් ඕනේ ජය!!
සිරා කතාව!!!
wow,,maru 😀
thanks
maxxa maxxa 🙂
watinakama meywaye kiyla nima karanna ba tx
bohoma pin wadeyta
සුපිරි ආයේ කියලා වැඩක් නෑ
පට්ටම වටිනා වැඩක් එල
niyanai a…